මාර්තු 15 ඉරිදා දිවයින පත්‍රයෙහි පල වූ අනුර ජයසේන මහතාගේ “රසායනික පොහොර වලින් තොර” වගාව පිලිබඳ ලිපිය සම්බන්ධවයි.
Posted on March 15th, 2020

ආචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන විසිනි.

දැනට ඇහැලියගොඩ ආපන ශාලවක් පවත්වාගෙන යන අතර අක්කර හතරක ගොවිතැන් සහ බෝග වගාවක් ද  වවන  අජිත් පිරයන්ත  තරුණ මහතගේ ප්‍රයත්නය ගැන ලක්ෂණ ලිපියක් පසුගිය ඉරිදා දිවයින පත්‍රයෙහි පල විය.

එම ලිපිය අනුව:
 තම පියාගේ ආභාෂය මත කුඩාකල සිටම කුඹුරට, කමතට ඇලූම් කළ අජිත් කැත්ත උදැල්ල කමතට අවනත කරගැනීමට වැය කළේ කෙටි කාලයකි. සිය අධ්‍යාපනය ද හොදින් හැදෑරූ අජිත් ලද සෑම විවේකයක්ම ගතකළේ පියාත් සමග කුඹුරේය.
… උදෑසනම අවදි වන අජිත් සහ බිරිඳ සිය ආපනශාලාවට අවශ්‍ය ආහාර සකසා ගනී. එ්වාට ද බහුතරයක් අඩංගු වන්නේ අජිත්ගේ ගෙවත්තෙන් නෙළාගන්නා මිරිස්, දෙහි, කංකුන්, මුගුණ, බටු, ඇඹරැුල්ල, අඹ, ජම්බු වැනි බෝගය. ඉන් ඔහු ලබන ආර්ථික ලාභය වගේම එ්වා රසායනික පොහොර භාවිතයෙන් තොරව වගා කර තිබීම නිසා එ්වායේ තිබෙන සෞඛ්‍ය සම්පන්න තත්ත්වය ද ඉතා ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.  අතීත මුතුන්මිත්තන් පරිභෝජනය කළ ගුණ සම්පන්න එහෙත් වර්තමානයේ වගා නොකෙරෙන පාරම්පරික වී බෝග හත අටක්ම වගා කිරීමට අජිත් මහතා පෙළඹී තිබුනි.
 එ්වා අතර, 1. කලූ හීනටි 2. රතු හීනටි 3. රත්දැල් 4. සත්සග‍්‍ර 5. සුවදැල් 6. කුරුලූ තුඩ 7. ගෝනබරු. ….
  අජිත් පවසන අන්දමට වසර ගණනාවක සිට රසායනික පොහොර භාවිතයෙන් තොරව සිය වගාවන් කරගෙන යෑම නිසා බැර ලෝහ අඩංගු නොවන සහල් තම ගොවි බිම් තුළින් නෙළා ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා.
… (මෙම) කෘෂි තාක්ෂණය තව තවත් ජනතාවට ළං කළොත් වස විසෙන් තොර හෙටක් උදා කරගැනීමට අපට හැකි වේවි.
 
  මෙම ලිපිය අනුව ප්‍රධාන කරුණු තුනක් කියවෙයි. එ නම්,
(1) සාමන්‍යයෙන් ඛනිජ පොහොර (රසායනික පොහොර, රට පොහොර ) යොදා වවන බෝග වල වස විෂ ඇති බවක් ය.
(2) දෙවනුව, පැරණි ගොවි තැන් ක්‍රම පාවිච්චි කරන හෙයින්, රට පොහොර නොදමන හෙයින්, වස විෂ නොමැති සහලක් ලබා ගන්න බවය.
(3) තෙවෙනුව,  චිරාගත  සහල් වර්ග පාවිච්චි කිරීම නිසා වඩා හොඳ සෞඛ්‍ය දායී සහලක් ලබා  ගන්නා  බවය.
සාමාන්‍ය ක්‍රමයට රට පොහොර යොදා සහලක් වවා, එම ඉඩ්මේම දහනව වන සිය වසේ පාවිච්චි කල,  විධියට,  රට පොහොර වෙනුවට ගෙරිකටු සහ ගෙන්දගම් යොදා  වී වගා කොට ගන්නා සහල ද ගෙන, ඒවායේ ඇති බර ලෝහ ප්‍රමාණයන්  මනින්න. එවිට, සාමාන්‍ය සහලෙහි සහ පැරණි වගා ක්‍රමයෙන් ලද සහලෙහි වස විෂ අතින් වෙනසක් නැති බව ස්ටූඵ කල හැක.

 බෝගයක ඇති බර ලෝහ ප්‍රමාණය ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ එය වැවූ  පොලොවෙහි ඇති රසායනික සහ භූ විද්‍යාත්මක ලක්ෂණ අනුව ය. පසට දමන පොහොරෙන් පසෙහි ඇති බර ලෝහ ප්‍රමාණය වෙනස්වීම කෙතරම් සුලු ද යත්, එම වෙනස්වීම බොහෝ විට ඉතාම සූක්ෂ්ම විශ්ලේෂණ ක්‍රම වලින් වත් මැනීමට නොහැක.   

බර ලෝහ ඉතාමත් අධික ලෙස ඇති රට පොහොරක් වන “නෞරු ඵොස්පේට්” බහුල වශයෙන් නිව්සීලන්තයෙහි සහ ඕට්‍රෙලියාවේ ගොවිතැනට පාවිච්චි වේ.  පොහොර කිලො එකක කැඩ්මියම් මිලිග්‍රෑම් 90ක් පමණ අන්තර්ගත මෙම පොහොර පාවිච්චියෙන් පවා ගොවිතැන් පොලොව අපිරිසිදු වීමක් හෝ විස වීමක් නොමති බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. පොලොවෙහි ස්වභාවිකව ඇති බර ලෝහ ප්‍රමාණය, පොහොරෙන් එන ප්‍රමාණය මෙන් දහ දහස් ගුණයකින් අධික හෙයින් පොහොරෙන් බර ලෝහ ප්‍රමාණයට බල පෑමක් වේ යයි යන මතය සාවද්‍ය ය. එම මතය පතුරුවා හැර ඇත්තේ “ඕගැනික් ආහාර” විකුණන යම් යම් ව්‍යාපරික සමාගම් වලින් ද, වස විෂ කතාව දේශපාලන අත කොලුවක් කරගත් යම් යම් පුද්ගලයන් ද  විසිනි..

පොහොර පාවිච්චි කරන්නේ වගාවට (ශාකයන්ට) නයිට්‍රොජන් (N), ඵොස්ඵොරස් (P), පොටෑසියම් (K), යනාදී ඛනිජ අවශ්‍ය නිසාය.  මුලදී පොලොවෙහි මෙම ද්‍රව්‍ය ඇති මුච්, අවුරුදු කිහිපයක් වගා කල විට, ඒවා බෝග වලට උරා ගැනීම නිසා පස අසාර වේ. එවිට, පැරැණ්නෝ ඉඩම අවුරුදු කිහිපයක් පුරණ් තත්වයෙන් ගෙන ගියේය. පරණි ක්‍රමය අනුව ඉඩම  පුරණ් කිරීම වැරැද්දක් හෝ පාඩුවක් ලෙස සැලකුනේ නැත. එකල ක්‍රමය අනුව, පුරණ්  වූ ඉඩම වල් වැවුනු විට, එය පුච්චා නැවත වගා කිරීමය.
එවිට ඇති වන අළු වල තිබෙන් ඛනිජ වලින් N, P, K  ආදිය  තරමක් දුරට සැපයෙයි.
එම හේන්ගොවිතැන් ක්‍රම‍ය අද  කිරීමට නොහැක. අවශ්‍ය ඉඩම් සහ ජලය අද නොමැත.

ගොවිතැනට ජලය යෙදීමෙන් ද, එම සාර ඛනිජ ද්‍රව්‍ය සෝදා යයි. පසද සෝදා යයි. එහෙයින් අඩුවෙන් ජලය පාවිච්චි කිරීම, කුඹුරු හාන්නේ නැතුව ගොවිතැන් කිරීමේ නවීන ක්‍රම,  නිතොරව අවශ්‍ය ප්‍රමාණයට සුදුසු වර්ගයක  පොහොර යෙදීම, ආදිය වැදගත් ගොවිතැන් ප්‍රතිපත්ති බව සැලකිය යුතුය. ඛනිජ පොහොර (රට පොහොර ) කිලො එකකින් ලැබෙන ගුණය පැරණි පොහොර වර්ග  (එනම්, කොම්පෝස්ට් පොහොර, ගෙරි කටු ) වලින් ලබාගැනීමට නම්, කොම්පෝස්ට් පොහොර කිලෝ තුන් හාර සීයක් අවශ්‍යය විය හැක. පැරණි ක්‍රමයට, වල් නැසීමට, දිලීර නැසීමට, පලිභෝද නැසීමට ගෙන්දගම්, ආසෙනික් හෝ රතු ඊයම් පාවිච්චි කිරීම පොලවට නපුරු වස විෂ යෙදීමක් බව ද, මෙම  “චිරාගත” ක්‍රම වලින් විශාල හානියක් වන බවද බොහෝ දෙනෙක් නොදන්න බව ද  පහැදිලි වෙන්නේ හිරු ගොවි සංග්‍රාමය වැනි උත්සව වලදී සමහරු කරන කථා ඇසීමෙනි. විචාර ශීලීත්වයක් නොමැතිව, යමක් චිරාගත වූ පලියටම එය හොඳ යයි ගන්නා විශ්වාසය දුර ලිය යුතුය.

අජිත් වැනි තරුණ ගොවියෝ චිරාගත සහල් වර්ග වගා කොට විකිනීමෙන් වැඩි මුදලක් උපයාගැනීම ප්‍රශංසන්නීය කටයුත්තකි. නුමුත් එය වෙළඳ සැලෙහි විශේෂ හිදැසක් පිරවීමක් පමණයි. පැරණි සහල් වර්ග වලින් සහ පරණි ක්‍රම වලින් හෙක්ටාරයකින් ලැබිය හැකි අස්වැන්න කිලො 1-1.5 පමණ වේ. අලුත් බී-ජී ශ්‍රේණියේ මුහුන් සහල් වර්ග වලින් හෙක්ටාරයකින් ඊට වඩා පස් ගුණයක් අස්වැන්න ලබා ගත හැකිය.  එදා (1946) මිලියන 6.6ක් වූ ජනගහනය අද මිලියන 22ක් වී ඇත. මෙම විශාල ජනගහනයට සහල් සැපයීමට හැකි වූවේ අලුත් සහල් වර්ග සහ අලුත් කෘෂි-කර්ම විධි මගීන්ය.


ඇත්ත වශයෙන්, දනට වගාවට ගෙන ඇති වර්ග ප්‍රමාණය සලකා බැලූ විඅට්,   අද රටට අවශ්‍ය සහල් ප්‍රමාණයට වැඩි වෙන්නටත් නිපදවීමට හැක.. නුමුත්, නිපදවන සහලෙන් විශාල ප්‍රමාණයක් ගුල්ලන්ට, තෙතමනයට, දිලීර වලට, මීයන්ට ගොදුරු වේ – සුදුසු ගබඩා ක්‍රමයක් නොමති කම සහ නියම වෙලාවට අස්වැන්න වෙළඳ පලට යවීමට නොහැකි කම ප්‍රධාන ප්‍රශ්ණ වේ.  අස්වැන්න විකුනා ගැනීමට නොහැකි වූ ගොවියාට ඔහුගේ නය ගෙවා ගැනීමට කොහැකි වි, අන්තිමේදී ඔහු සිය දිවි නසා ගනී. අස්වැන්නෙන්  30%  ගුල්ලන්ට සහ වෙනත් පලිබෝධයන් නිසා නාස්ති  වෙන්නේ නම්, රටට අවශ්‍ය ධාන්‍යය ඇති කිරීමට අවශ්‍ය ප්‍රධානම පියවර වන්නේ (1) නිසි අලෙවිකිරීමේ පද්ධතියක් සකස් කිරීම (2) නිසි ධාන්‍ය ගබඩා කිරීමේ ක්‍රම සම්පාදනයක් දියත් කිරීම. මෙම දෙවැන්න සඳහා ඉස්සර අය සහල් දුමේ ගබඩා කල බව කියා විහිලු යොජනා ගෙන ඒමෙන්  පලක් නැත. තම අටුවෙහි තම පවුලට අයත් වී ටික තබා ගැනීමට හැකි උවත්, එම ආකරයෙන් මීයන් ගෙන් සහ නොයෙක් වර්ගයේ ගුල්ලන් ගෙන් බේරා ගැනීමට නොහැක. තව්ද, මදුරුවන් පලවා හැරීමට, ගැමියා බොහෝ  විට ගෙය තුල දුම් කබලක් ද තබා ගනී.  ගෙවල් තුල දුම් සහිත වාතාවරණයක් තබාගැනීම සරීර සෞඛ්‍යයට ඉතාම අහිත කර බවද, දර, දහයියා ආදිය පිච්චූ විට එම දුමෙහි බැර ලෝහ අන්තර්ගත වන බවද බොහෝ දෙන නොදනියි. දර වලට, දහයියා වලට බැර ලෝහ ලැබෙන්නේ පැලෑටි වැවෙන විට, පොලොවෙහි අන්තර්ගත බැර ලෝහ පැලය උරාගෙන සාන්ද්‍රණය කරන හෙයිනි. එහෙයින්, පොලොවෙහි ඇති බැරලෝහ ප්‍රමාණය මෙන් 200 ගුණයක් වැඩියෙන් බැර ලෝහ දහයියා වල හෝ   දර වල තිබිය  හැකිය. බඩවැලට යන බැර ලෝහ වලින් 5% පමණ සිරුර උරා ගනී.   නුමුත්.දුමෙන් පෙනහැල්ලට යන බර ලෝහ දුම් සියල්ලක් ම වාගේ පහසුවෙන් ශරීර ගත  වෙයි.

ගැමි ගෙවල් වල් අභ්‍යන්තර යෙහි ඇති අංශුමය දූවිලි දුම් ප්‍රමාණය කොළොඹ  බෙහෙවින් රථ හරස් වූ සන්ධියක ඇති නපුරු දුම් මෙන් සිය ගුණයක් නරක බව පරීක්ෂණ වලින්  හෙලි වී ඇත. එහෙයින් ගැමියාට පීනස, ඇදුම වැනි රෝග ඇතිවීම පුදුමයක් නොවේ. සහල් ගබඩා කිරීමට දුම් මඩු තැනීමට කියන  අය  යථා තත්ත්වය හඳුනන්නේ නැත.  

[මෙම ලිපියේ කතෲ ආචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන මහතා එකල ශ්‍රි ජයවර්දන පුර විශ්ව විද්‍යාලයෙහි රසායන විද්‍යාව පලිබඳ මහචාර්ය සහ උප කුලපති වශයෙන් කටයුතු කල කාලය තුල දී ආහර  විද්‍යාව, පරිසර ව්ද්‍යාව ආදී විෂයයන් පිලිබඳ උපාධි සහ පාඨ මාල සංස්ථාඵනය  කලේය.  ඔහු දැනට කැනඩාවේ ජාතික පර්යේෂණායතනයේ සහ මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ නිනුක්තව  සිටී. ]

One Response to “මාර්තු 15 ඉරිදා දිවයින පත්‍රයෙහි පල වූ අනුර ජයසේන මහතාගේ “රසායනික පොහොර වලින් තොර” වගාව පිලිබඳ ලිපිය සම්බන්ධවයි.”

  1. aloy Says:

    Prof.

    “ගැමි ගෙවල් වල් අභ්‍යන්තර යෙහි ඇති අංශුමය දූවිලි දුම් ප්‍රමාණය කොළොඹ බෙහෙවින් රථ හරස් වූ සන්ධියක ඇති නපුරු දුම් මෙන් සිය ගුණයක් නරක බව පරීක්ෂණ වලින් හෙලි වී ඇත. එහෙයින් ගැමියාට පීනස, ඇදුම වැනි රෝග ඇතිවීම පුදුමයක් නොවේ. සහල් ගබඩා කිරීමට දුම් මඩු තැනීමට කියන අය යථා තත්ත්වය හඳුනන්නේ නැත. ”

    How true is this and where is the results of any research work done?.

    In my own observation the Silica particles in the air does much more than cause “penasa” and “aduma” in a useful way.

    In West Africa where I worked for over a decade there is a phenomenon called Harmatan that appears every year during December/January period when the entire country gets cloudy with dust particles that gets blown all the way from Sahara desert. The atmosphere is dry during the period. It does not seem to affect people at all though the temperature goes down a bit. But when the rains start the soils become very fertile and veges like cabbage, carrot, chili etc grow very well without any fertilizer. We planted those veges and got very good yields.

    Also please read the following articles to know how silica dust or silicon in various forms affect the plant growth.

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5362598/

    https://www.nature.com/articles/s41598-019-46748-x

    Coming back to CKDu and Glyphosate on which you have written so much, it is very clear that the efforts of Ven. Athureliye have had a positive impact on the Rajarata farmers who were suffering as a result of the disease caused by it.
    It appears some people who perhaps have been funded by Wahabie’s have started a campaign against this Thero for saving the Sinhalas.
    The Sri Lanka Navy also have joined in to provide them with RO plants each of which can supply about a bowser load (5000 liters) of water each day continuously.It seems they have already fabricated over 3000 plants and installed them throughout Rajarata at a cost of about six laks each which is a remarkable job. More grease to their elbows!.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress