ශ්‍රීමත් ලකිසුරු තුමාගෙන් කෙරෙණ අතිවිශේෂ ඉල්ලිම් කීපයක්
Posted on March 19th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර

ශ්‍රීමත් ජනාධිපති තුමනි,

19.3.20202.

උද්ගතව ඇති මේ මහා ජාතික ආපදා අවස්ථාවෙදී ජනතාවගේ ජීවිත හා රටේ ආරක්ෂාව සඳහා වහාම පහත සඳහන් පියවර ගන්නා මෙන් මම ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින්  හා ගවුරවයෙන් ඉල්ලා සිටිමි

1මේ අවස්ථාවේදී ඡන්දයක් පැවත්වීමට වඩා මිනිස් ජීවිත රැක ගැනීම වැදගත් නිසා සෞක්ය බලධාරින් සහතික කරණතුරු මැතිවරණය වහාම කල්දැමීම

2 වහාම ක්‍රියාත්මක වනසේ කුලීවැඩ කර එදාවේල සොයාගන්නා ලක්ශගානක් මිනිසුන්ට  පවතින ආපදා තත්වය මඟහැරෙනතුරු රජයෙන් ආහාර මල්ලක් ලබාදෙන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම

3කොරෝනා වෙන් ආරක්ශාවීම සඳහා රජය විසින් දෙන උපදෙස් කඩකරන සියලුදෙනාටම දැඩි දඩුවන් දීම

4 මුඛ ආවරණ නිශ්පාදනය සඳහා හදිසි වැඩපිළිවෙලක් වහාම ප්‍රාදේශීය උපදිසාපති මට්ටමින් දිවයින පුරා ආරම්භ කිරීම්

5 දිවයින පුරා හදිසි ආහාර වගා වැඩපිලිවෙලක් ග්‍රාම සේවක කොට්ඨාශ මට්ටමින් ආරම්භ කිරීම සහ රිළා, වන්දුරු,මොණර .අලි,මොණර ඉත්තෑ,ඌරු සහ වෙනත් සතුන්ගෙන් සිදුවන හානි වලක්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, දැනට දිවයින පුරා මෙවැනි සතුන්ගෙන් වගාවන්ට පමණක් (නිවාස සහ ජීවිත හානිවලට අමතරව) සිදුවන හානි 35% පමණ වන බව වාර්තාවී ඇත 

මීට අමතරව

මෙහි සඳහන් 2 සිට 6 දක්වා කරුණු හදිසි ආපදා වශයෙන් ප්‍රකාශකිරීම   සහ  එම වැඩපිළිවෙල ක්‍රියාත්මක් කිරිම සඳහා  දිවා රාත්‍රි පැය 24 පුරාම ක්‍රියාත්මකවන මෙහෙයුම් මධ්යස්ථාන වහාම පිහිටුවීමටද යෝජනා කරමි

1 ජාතික මට්ටමින්

දෙවන ලෝකයුද්ධ සමයේ සිදුකළ පරිදි ඔලිවර් ගුනතිලක වැනි පුද්ගලයකු යටතේ  පිහිටුවීම

2 පලාත් මට්ටමින්

ආඩුකාරවරුන් යටතේ එවැනිම මධ්යස්ථාන පිහිටුවීම

3 දිසා මට්ටමින්

 අදාල දිසාපතිවරුන් යටතේ  එවැනිම ඒකක පිහිටුවීම

4 උපදිසා මට්ටමින් අදාල ප්‍රාදේශීය ලේකම් වරුන් යට්තේ

5 ගම් මට්ටමින් අදාල ග්‍රාම නිලධාරින් යටතේ

 මෙම වැඩපිලිවෙළ සාර්ථකව ක්‍රියාත්මක් කරගැනීම සඳහා සියළුම ආණ්ඩුකාරවරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේසීය උපදිසාපතිවරුන් සහ ග්‍රාම සේවා නිලධාරින්ට තම තමන්ට අදාල  බල ප්‍රදේශ තුල පැය 24 ම පදින්චිය අනිවාර්ය කිරීම (විශේශයෙන්ම මෙය ග්‍රාම සේවා නිලධාරින්ට අදාල වනුයේ කිසිම ග්‍රාම සේවා නිලධාරියෙක් වර්තමානයේ තම කොථාශයතුල ඉස්තිරව පදින්චි නොවී බොහෝවිට බදාදා පමණක් කාර්යාලයට පැමිණ එය ඔහුගේ සන්චාරක කාර්යාල සේවයක් බවට පත්ව ඇති නිසාය)

 මෙම වැඩ පිලිවෙළ ජනාධිපතිවරයා යටතේම  ක්‍රියාථ්මක කළයුතුයයිද  මම යෝජනා කාර්මි.

(මෙම යෝජනා වළිය දැනටමත් මවිසින් මධ්යම පලාතේ ආණ්ඩුකාර තුමාට දුරකතනයෙන් ඉදිරිපත්කොට ඇති අතර එතුමාගේ මට්ටමින් මුඛ ආවරණ නිශ්පාදනය දැන්ටමත් ආරම්භකොට ඇති බව මට පැවැසීය්)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress