කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්….
Posted on March 26th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

1. සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීම, සංචාරක ප්‍රවර්ධන කටයුතු නතර කිරීම සහ සෑම සංචාරකයෙක්ම ලංකාවට පැමිණීමේදී තමා පිටත්වෙන රටෙන් “නිරෝධායන වූ බවට සහතිකය” ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය  පරීක්ෂණයට ලක් කිරීම.

2. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීමෙන් පසු අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා අවස්ථාව ලබා දීම හෝ  තමා පිටත්වෙන රටෙන් “නිරෝධායන වූ බවට සහතිකය” ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කිරීම.

3. විදේශ රැකියා සදහා පිටත්ව යන අය පිටත්වීමට නියමිත දිනද ඇතුලුව දින 14ක නිරෝධායනය වූ බවට සහතිකයක් ලබා තිබීම අනිවාර්ය කිරීම.

4. විදේශයන්හී සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු පුරවැසියන් දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීම.

5.අත්‍යාවශ්‍ය හෝ හදිසි හෝ දින 14ක් ඇතුළත ඉටුකළ යුතු අවශ්‍යතා ඇති අය විදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවල අනුගමනය කළ යුතු විද්‍යාත්මක ආරක්ෂිත විධි අනුගමනය කරන බවට සහතික කර ගැනීම සහ පූරණ සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කිරීම.

6.පෙරදිග වෛද්‍ය ක්‍රම සහ පෙරදිග තාක්ෂණය  පිළිබද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදුකිරීමට සියලුම උපාධිධාරීන්ට අවස්ථාව ලබා දීම.

7. කෘෂිකාර්මික කටයුතු අධීක්ෂණය සහ නියාමනය සදහා ජනාධිපතිවරයාගේ සෘජු විධානය සහ අධීක්ෂණය යටතේ බුද්ධි අංශයක් ස්ථාපිත කිරීම සහ පූර්ණ කාලීන කෘෂිකාර්මික කටයුතු කිරීමට අදහස් කරන අයට රජයේ ඉඩම් අක්කර 3 බැගින් බෙදා දීම.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.03.26)

arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress