රටේ පවතින තත්වය මත පීඩාවට පත්ව සිටින සී/ස අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකයන් සඳහා ණය වාරික සහන ලබාදෙන ලෙස ඉල්ලා සිටීම
Posted on March 27th, 2020

ලංකා ගුරු සේවා සංගමය

සමූපකාර සංවර්ධන කොමසාරිස්,
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව,
අංක 330, යුනියන් පෙදෙස,
කොළඹ 02.

රටේ පවතින තත්වය මත පීඩාවට පත්ව සිටින සී/ස අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකයන් සඳහා ණය වාරික සහන ලබාදෙන ලෙස ඉල්ලා සිටීම


සී/ස අධ්‍යාපන සමූපකාර සමිතියේ අතිශය බහුතරය වන ගුරුවරුන් ඇතුළු සාමාජිකයන්ගේ ඉල්ලීමත්, මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය වලට අදාළ මාසික වාරික ගෙවීම රටේ පවතින තත්වය මත තාවකාලිකව අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයත් පිළිබඳ ඔබගේ කාරුණික අවධානය යොමුකර සිටිමි.

මෙම සමිතියේ ණය ක‍්‍රම යටතේ ණය ලබාගත් සාමාජිකයන් හට රටේ පවතින වත්මන් තත්වය මත එකී ණය වලට අදාළ ණය වාරික ගෙවීම මේ මොහොතේදී වඩාත් පීඩාකාරී බැවින් මෙකී තත්වය පහව යනතුරු එම ණය වාරික අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස උක්ත සමිතියේ පාලන අධිකාරියට උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

තවද මෙකී සමිතියේ ණය ලබාගැනීමට බලාපොරොත්තුව සිටින සාමාජිකයන්ට එම ණය කඩිනමින් ලබාදීම මේ මොහොතේදී ඔවුන්ට ඉතා අත්‍යවශ්‍ය වනු ඇත. එබැවින් කිසියම් විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් හරහා එම ණය මුදා හැරීමට සමිතියේ අදාළ පාර්ශවයන්ට පියවර ගන්නා ලෙසට අදාළ නියෝග හා උපදෙස් ලබාදෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress