ආගමික කටයුතු නෑ.. එම්බාම් නෑ.. ඥාතීන්ට මුහුණ පමණක් පෙන්වයි.. පැය 24න් සීල් තබා වලදමයි..- කොරෝනාවලින් මිය යන අයට WHO නිර්දේශ මෙහෙමයි…
Posted on March 28th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වසංගත රෝගයකදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කරන ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිර්දේශ කර ඇත.

ඒ අනුව මෙරටද අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ඒ පිලිබදව උපදෙස් නිකුත් කර තිබේ.

වසංගත ඔහුගේ යන පුද්ගලයන් ගේ දේහය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කළ යුත්තේ මරණ පරීක්‍ෂණ හෝ ආගමික කටයුතුවලින් තොරවයි.

පවුලේ සාමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉතා සීමිත කාලයක් ලබාදෙන අතර එය රෝහල් පරිශ්‍රය තුළදී සිදු කළ යුතුය.

ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය පුද්ගලයාගේ මුහුණ පමණක් වන අතර ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ ලබා නොදෙයි.

දේහයන් බහාලීම සඳහා නිර්දේශ කර ඇති කවරයකට දමා පෙට්ටියකට දමා සීල් තබනු ලැබේ.

ඉන්පසුව නිර්දේශ කරන ලද ස්ථානයේ දේහය වළ දමනු ලබයි.

මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද රූපවාහිනි නාලිකාවකදී අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress