ශ්‍රී ලන්කා දේශපාලන ඉතිහාශයේ කළු ලප.
Posted on June 28th, 2026
ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))
මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය, එසේත් නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන්, ජාතිද්‍රෝහීන් සහ බෞද්ධ විරෝධීන් වශයෙන් වහාම මේ පින් බිමෙන් යළි කිසිදාක ආපසු ආ නොහැකි පිට සක්වලකටම පිටුවහල් කළ යුතුය.
1V වන කොටස
1987 රජිව් ගාන්ධි/ජේ. ආර්. ඉන්දු ලන්කා ගිවිසුමෙන් ඇතිවූ ශ්‍රී ලන්කා දේශපාලන ඉතිහාශයේ කළු ලප.
ඉන්දු ලන්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දියාව සියළුම පිළිගත් ජාත්‍යන්තර නීතිවලට පටහැනිව,1987 ජූනි 4 වන දින පළමුව ඉන්දීය මිරාජ් 2000 ප්‍රහාරක ජෙට් යානා 4 ක ආරක්ශාව ඇතිව ඒණ්-32 ට්‍රන්ස්පොර්ට් ගුවන් යානා 5 ක්, ලන්කා රාජ්‍ය ආක්‍රමණයකොට ගුවනින් ‘පරිප්පු දමා, පාලකයින් මරණ බියෙන් බියගන්වා, පළමුව ඉන්දු- ලන්කා ගිවිසුම අත්සන් කිරීමට පසුබිම සකස්කොට, දෙවණුව, 1987 ජූලි 29 වන දින රජිව් ගාන්ධි/ජේ ආර් ලවා එම ගිවිසුම අත්සන්කොට බලහත්කාරයෙන් අප හිස මත පටවන ලදී.
මෙම ගිවිසුමට එරෙහිව සියළුම විපක්ෂ ඒකාභද්ධව පිට කොටුවේ දැවැන්ත මහජන විරෝධතාවක්ද පැවැත්විය.එසේම ඊට එරෙහිව දිවයින පුරා පැවති විරෝධතා වලින් පුද්ගලයින් 147 දෙනකු ජීවිත පූජා කලහ. මෙදින සිදුවූ අති විසේෂම සිද්ධිය වූයේ මෙම ඉන්දීය ආක්‍රමණයට විරෝධය පෑමක් වශයෙන්, රජිව් ගාන්දි වෙනුවෙන් කොටුවේ පවත්වනලද ආචාර පෙලපාලියේදී, ලන්කා ඉතිහාශයට එක්වූ එක් වීර සින්හල දේශප්‍රේමියෙක් වූ නාවික සෙබල විජේමුනි රෝහණ ද සිල්වා විසින්, එම ඉන්දීය ආක්‍රමණයට ජාතියේ විරෝධය පෑමක් වශයෙන් ඔහු අත තිබුණු තුවක්කු බඳයෙන් රජිව් ගාන්දිට පහර දිමය.
කෙසේ වුවද 1987 ජූලි 29 වන දින ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය, දිවයින පුරා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවා, ඒ යටතේ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප රට මත පැටවු රජිව් ගාන්ධි/ජේ. ආර්. ඉන්දු- ලන්කා ගිවිසුම අත්සන් කළේ මෙවැනි පසු බිමකය. එහි ප්‍රධාන අරමුණු වූයේ 1) එවකට පැවති ත්‍රස්ථවාදි යුද්ධය නතරකිරීම 2) එල් ට්. ට්‍ය නිරායුධ කිරිම සහ 3) උතුරු නැගෙනහිර පලාත් ඒකාභද්ධ කොට ඊට ස්වයන් පාලනය ලබා දීමය.
මේ සඳහා 1987 අන්ක 42 පලාත් සභා පනතින් අවශ්‍ය බලතල සම්පාධනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක, නයිතික සහ පරිපාලන වෙනස්කම් පිලිබඳ යෝජනාද ඉදිරිපත් කෙරින. ඒ සමඟම රජයේ හමුදා බැරක්ක වලට සීමාකිරිමට සහ එල්. ටී.ටි. ආයුධ ඉන්දීය සාම හමුදාවට භාරදීමටද නියමිතව තිබින. මෙම පනතේ සියළු විධිවිධාන සකස්කළේ ඉන්දියාවට අවශ්‍ය අන්දමටය.රජයේ හමුදා බැරැක්ක වලට ගියද එල්. ටී.ටිය ඔවුන්ගේ ආයුධ සියල්ලම භාර නොදුන් අතර ගිවිසුමද උල්ලන්ඝනය කොට නැවතත් සටනට අවතීරණය වීය. ඉන්දියාව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර එල්. ටී.ටිය සම්පූර්නයෙන්ම නිරායුධ නොකළ නිසා ඉන්දියාව විසින්ම ගිවිසුම උල්ලන්ඝණය කොට ඇත.
ගිවිසුමේ ප්‍රධාන අරමුණු3න් 1 සා 2 ම ඉටුවුයේ නැත. අන්ක 3 අනුව උ.සහ නැ පලාත් දෙක ඒකාබද්ද කලද එයත් ජ්.ව්.පි. ගොණුකළ නඩුවකින් නැවත විසුරුවා හැරීමට සිදු විය. එසේම ඉඩම්, අධිකරණ සහ පොලිස් බලතලද එම පලාත් දෙකට ලබා දුන්නේ නැත.මේ අනුව ඇත්ත වශයෙන්ම එම ගිවිසුම අහෝසී වී දැන් බෝහෝ කල්ය.
අනෙත් අතින් එම ගිවිසුමට පෙර ඉන්දියාව පුරා එල්. ටී.ටි යට ඉන්දියාව විසින් යුධ පුහුණුව ලබාදීම, මුදල් ලබාදීම, අවිආයුධ සහ යුධ ශිල්පය පිළිබඳ අවශ්‍ය දැණුම අතුලු සියලු පහසුකම් සැපයීම පමණක් නොව අවසානයේදී රජිව් ගාන්ධිගේ වෙඩි නොවදින කබාය පවා ඔහු අතින්ම දකුණු ඉන්දියාවේ පැවති ප්‍රසිද්ධ සභාවකදීම ප්රභාකරන්ට සියතින්ම ප්රදානය කිරීම වැනි සියළු යුධ ආධාර එල්. ටී.ටි යට ලබාදීම නිසා ඉන්දියාව විසින්ම ඉන්දු-ලන්කා ගිවිසුම තව දුරටත් ඒකපාක්ශිකව උල්ලන්ඝනය කොට ඇති පසුබිමක එම ගිවිසුම අනුව ශ්‍රී ලන්කාව තවදුරටත් කටයුතු කිරීමේ කිසිදු අවශ්‍යතාවක්ද, නෛතික බැඳීමක්ද දැන් නැත.
1987 නොව් 14. 13 වන ආණ්ඩුක්‍රම සන්ශෝධන පනත මෙන්ම 1987 අන්ක 42 පලාත් සභා පලාත් සභා පනතද පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරින. ජේ.ආර්. ජනාධිපතිවරයා මෙම පනත් දෙකම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගනු ලැබුයේ තම පක්ෂයේ සියලුම මන්ත්‍රී වරුන්ගෙන් දින නොමැති ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන ඔවුන් කොලඹ හෝටලයක සිරකොට තබාගෙන සිට චන්දය ප්‍රකාශකරන වෙලාවට පාර්ලිමේන්තුවට ගෙන්වා ගෙනය. එහි සුවිශේෂී කරුණ්ක් වූයේ අගමැති ප්‍රේමදා, ගාමනි ජයසූරිය කෘශිකර්ම ඇමති සහ ලලිත් ඇතුලත්මුදලි ඇතුලුව තව කීප දෙනෙක් ද ගිවිසුමට අත්සන් නොකිරීමය. ජේ.ආර්ගේ පාර්ලිමේන්තුවේ තිබුණ 3/5 බලය යොදාගෙන පලාත් සභා ක්‍රමය මේ රටට පස්චාත් 1948 යුගයේදී මේ රටේ දේශද්‍රෝහී ජාතිද්‍රෝහී එක් දේශ පාලකයෙකු තමන් සතු තාවකාලික දේශපාලන බලය, තම මව්බිම සහ ජාතිය ඉන්දියාවට පාවාදුන් ප්‍රථම අව්ස්ථාව වශයෙන් එය ඉතිහාශයට එක්විය.
ඉන්දියාව විසින් ගිවිසුමෙන් යෝජනා කළේ උතුර සහ නැගෙනහිර එක්කොට නිර්මානය වන එක් පලාත්සභාවක් පමණි.එසේ කළේ ඊලම ප්‍රකාශකිරීමට ඉන්දියාවේ තිබුණ අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහාය. එහෙත් එම පලාත්දෙක ලන්කා රාජ්යෙන් කැඩී වෙන්වීම වලක්වා ගැනිම සඳහා උපායක් වශයෙන් අනෙකුත් පලාත් සඳහාද ජේ. ආර්.පලාත් සභා පිහිටවූ බව ප්‍රකට රහසකි.එසේ කළේ අනෙක් පලාත් 7 තේද අනුමැතිය නැතිව රට බෙදිම අවහිර කිරීමට යැයි කියවේ.එය සත්‍යක් නම් ජේ ආර්ට අපි ප්‍රසන්ශා කළයුතුය.කෙසේ වුවද මෙම ගිවිසුම අත්සන් කිරීමට ඔහු දැරූ උත්සාහය සහ ඇප කැපවීම 1944 දී මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වියයුතු බවට රාජ්‍ය සභාවේ ජේ. ආර්. කලේයයි කියන ප්‍රකාශය 1987 වනවිටත් ඔහුගේ හිසේ හොල්මන් කළාද යන සැකය මතුවෙයි.
කෙසේ වුවද 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය යටතේ ප්‍රථම වරට උතුර සහ නැගෙනහිර පලාත් දෙක ඒකාභද්ධ කොට මේ රටට ප්‍රථම වරට පලාත් සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී.මෙහි යටි අරමුණ වූයේ කොටින්ගේ මෙන්ම උ.නැ. පලාත් දෙකේ ජාතිවදී දෙමළ දේශපාලකයින්ගේ සිහිනයවූ ඊලම සඳහා අත්තිවාරම දැමීමය.කෙසේ වුවද ඉඩම් බලතල,පොලිස් බලත සහ අධිකරණ බලතල කිසිම පලාත් සභාවකට දුන්නේ නැත.
මේ අතර 1833 සිට මේ රටේ පැවති පලාත් සහ දිසා ඒකාභද්ධ පරිපාලනය 1955 අන්ක 22 දරන දිස්ත්‍රික් පරිපාලන ආඥා පනතින් දිස්ත්‍රික් කේන්ද්‍රගතව පැවති දිස්ත්‍රික් 20 සේ පාලනයද පලාත් සභා පනතින්ම, පලාත් 9 තුලට අනුගත කෙරින.මේ අනුව 1987 පලාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමගම සිදුවු ආණ්ඩුකාරයෙකු පත්කිරීම නිසා එතෙක් පැවැති දිසා පරිපාලනය තුල දිසාපාලනය පිළිබඳ ප්‍රාදේශීය ලේකම් වරුන් සහ ග්‍රාම සේවා නිලධාරීන්ගේ පාලනයද එසේම සෙසු සියළු රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් කෙරෙහි දිසාපති සතුව තිබුණු පරිපාලන සහ සම්භන්ධීකරණ බලතලද සම්පූර්ණයෙන්ම බිඳවැටුණු බවද මෙහිදී සඳන් කළ යුතුය.
මේ අතර 13 වන සන්ශෝධනය යටතේ, 1992 අන්ක 58 දරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බලය පැවරීමේ පනතින් එතෙක් දිසාව තුල, දිසාපති සතුව තිබුණු රජයේ ඉඩම් පිළිබඳ බලතළ ඇතුළු පරිපාලන බලතල සියල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පවරණ ලදී. ඒ යටතේ එතෙක් දිසාපතීන් යටතේ තිබුණු රජයේ ඉඩම් බලතල සියල්ලම ප්‍රාදේශීය ලේකම් වරුන්ට පැවරීම නිසා, එතෙක් පලාත් සභාවන්ට නොදී තිබුණු රජයේ ඉඩම් බලතල නිරායාශයෙන්ම පලාත් සභාවලට ලැබින.ඒහෙත් ප්‍රාදේශීය ලේකම් වරුන්ට ඒ පිළිබඳ පුහුණුවක් නොතිබුණු නිසාද, බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන් කාන්තාවන් වීම සහ ක්ශේස්ත්‍රයේ රාජකාරි කාන්තාවන්ට අති දුෂ්කරවූ නිසාද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මේ වනතුරුත් පලපුරුදු ඉඩම් නිලධාරීන් පත්කොට නැති නිසාද අද සමස්ත දිවයිනේම ඉඩම් රාජකාරි සිදුවන්නේ ඉතාමත් මන්දගාමීවය.
1992 අන්ක 58 පනතින් ප්‍රා ලේ වරුන්ට දී ඇති බලතල වඩාත්ම භයානක තත්වය වනුයේ උතුරු නැගෙනහිර සියලුම ඉඩම් බලතල එම පලාත් සභා වලට හිමිවීමය. ඒ සමඟම එම ප්‍රාදේශවල රජයේ ඉඩම් පිළිබඳ සියළුම බලතල එම පලාත් දෙකේ පලාත් සභාවලට සහ ප්‍රාදේශීය ලේකම් වරුන් යටතට පත්වීම නිසා එහි රජ්යේ ඉඩම් පිලිබඳ පාලනය මධ්‍යම රජයේ පාලනයෙන් සම්පූර්ණයෙම ගිලිහී ගියේය.
ජේ ආර්. නොදී තිබුණු ඉඩම් බලතල මෙ අනුව ප්‍රේමදාස ජනාධිපති වරයා විසින් පලාත් සභාවලට දීමෙන් 1992 දී ඔහු ඊලමට දොරටුව විවුර්ථ කළේය. මෙය වූ කළී ප්‍රේමදාස ජනාධිපති වරයාගේද අන්ක එකේ මව්බිම පාවාදීමකි.මෙහි ඇති වඩාත්ම භයානකම දෙය වනුයේ මෙම පලාත්වල ඇති සියළුම රජයේ ඉඩම් බදු දීම, සින්නකර දීම ආදි සියළුම බලතල භාර නිළධාරීන් වන ග්‍රාම සේවකගේ සිට පලාත් ඉඩම් කොමසාරිස් දක්වා සියළුම රජයේ නිළධාරින් මෙන්ම, ප්‍රාදේශිය සහ පලාත් මට්ටමේ සියළුම මහජන නියෝජිතයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්, ආණ්ඩුකාරයින් යන සියලුම දෙනාද දෙමළ වීමය.එසේම මේ සියලුම දේශපාලකයින්ද දෙමළ වීමය. මේ අනුව ඉහත උක්ත පනතින් මෙන්ම චක්‍ර ලේඛයෙන්ද ඉතා පැහැදිළිවම සිදුකොට ඇත්තේ ඊලමට දොර විවුර්ථ කිරීමක් මෙන්ම රට දෙකට කැඩීමට පාර විවුර්ථකොට දීම නොවේද. එමෙම අභාග්‍යසම්පන්න තත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ, රට ජාතිය ගැන නොසිතා, චන්දය ගැන පමණක් සිතා, ජාති ද්‍රෝහී, දේශද්‍රෝහී අන්දමින් මෙම තිරණ දෙක ගත් ප්‍රේමදාස ජනාධිපති වරයා නොවේද.
1992 නිකුත් කරණ ළද 58 පනත මෙන්ම රා.ප.පා චක්‍රලෙඛ 21 නිකුත් කළ, මේ රටේ රාජ්‍ය සේවය කියන්නේ කුමදැයි නොදත් අමාත්‍යාංශ ලේකම්වරයාද මේ ජාතික අපරාධයට වගකිව යුතුය. එන්. කියු. දියෙස් (ශ්‍රී ලන්කාවේ කෞටිල්‍ය), නෙවිල් ජයවීර සහ ඩබ්ලිව්.ටී.ජයසින්හ වැනි සිවිල් සේවකයින්, ඊට පසු යුගයේ නොසිටීම කොතරම් පාඩුවක් දැයි දැන් මට සිතේ.
මේ අතර 1992, 58 පනතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලව ප්‍රධානීන් වශයෙන් ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ 1 මු පන්තියේ නිළධාරීන් පත්කිරීමට තීරණය කළද ප්‍රාදේශ 345 ක් පමණ වූ සියළුම ප්‍රාදේශීය කාර්යාල වලට ශ්‍රි ලන්. ප.සේ. 1 පන්තියේ නිළධාරින් නොසිටි නිසා ඌණපූරණය සඳහා සමාන්තර සේවා නමින් හැඳින්වෙන ඉන්ජිනේරු, ගණකාධිකාරි, සැළසුම් වැනි සේවාවල 1 පන්තියේ නිළධාරීන්ද ප්‍රාදේශිය ලේකම් වරුන් වශයෙන් පත්කිරීමටද රජය තීරණය කළේය.ඊටම සමගාමීව සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ ලේකම්වරුන් වශයෙන් පත්කිරීමටද ප්‍රේමදාස ජනාධිපතිවරයා තීරනය කලේය.එතෙක් ප්‍රාදේශීය සභා වල ලේකම් වරුන් වශයෙන් කටයුතු කලේ අපොස සාමන්යපෙල සමත් පලාත් පාලන සේවයේ ලිපිකරුවන්ය.
ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ වාසනාවටමෙන් එවකට ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති වශයෙන් සිටියේ මාය. රජයේ මෙම නව වැඩ පිලිවෙල නිසා මේ රටේ ප්‍රශස්ථ පරිපාලන සේවය කඩා වැටී, දිසා සහ ප්‍රාදේශීය පරිපාලනය සම්පූර්ණයෙනම් අවුල්වී, ශ්‍රී, ලන්.පසේ කඩාවැටී එය යළි කිසිදිනක ගොඩ ගැනීමට නොහැකි තත්වයකට පත්ව, ශ්‍රී ලන්කාවේ සමස්ථ පරිපාලනයම කඩා වැටීමේ දැඩි අර්බුධයකට ලක්වන බැවින්, රටේ යහපාලනය මෙන්ම රටතුල සිදු කෙරෙන රාජ්‍ය වගකීම් වන පාලනය,සන්වර්ධනය මෙන්ම සියළුම මහජන සේවාවන් කඩා වැටෙන බවද මා දුටිමි. ශ්‍රී ලන්.ප.පා සේවයේ මෙන්ම රටේ දිසා සහ උප දිසා සේවයේ වාසනාවකට මෙන් ඒ වනවිට ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති වශයෙන් සිටියේ මාය.
මෙම තොරතුර මා අතට පත්වූ විගසම සන්ගමයේ හදිසි රැස්වීමක් කැඳවා එහි මුලසුනට ප්‍රේමදාස ජනාධිපතිවරයා ගෙන්වාගෙන මවිසින් ඊට එරෙහිව සහේතුකව කරුණු දක්වීමෙන් පසු මගේ විරෝධය පිළිගත් ජනාධිපතිවරයා එම තීරනය වෙනස් කලේය. ඒ අනුව ශ්‍රී ලන්කා පරිපාලන සේවය එදා මරනින් බේරාගැනීමට මට හැකිවීම ගැන මම අදටත් නිහතමානීව ආඩම්බර වෙමි. එසේම ප්‍රේමදාස වැනි දැඩි මථධාරි රාජ්යනායකයෙකුගේ එම අධූරදර්ෂී තීරණය, රටේ සමsථ අභ්‍යන්තර පරිපාලනයටම සිදු වීමට ගිය අති විශාල අර්භුධයකින් රට ජාතිය බේරා ගැනීම හා ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ ආරක්ෂාව වෙනුවෙන් බෙල්ල දී වෙනස් කිරීමට තරම් චිත්ත ධෛහිර්ය හා ජාන ලබා දුන් මගේ දෙමව්පියන්ට මෙන්ම ශිප්සතර උගැන්වූ ගුරුදෙවිවරුන්ටද මම නිහතමානීව අදටත් පින් දෙමි.
මගේ කෙටි කථාව අවසන් කොට ඔහු අසලම වේදිකාවේ අසුනේ වාඩි වීමත් සමඟම, ඔහු පිළිගත් මොහොතේ සිට එතෙක් වචනයක්වත් මා සමඟ නොදෙඩු ඔහු මා දෙසට හැරී ‘Sudath you made an excellent speech, my congratulations” කීවේය. අනතුරුව ඔහුගේ කතාවේදී, මා සඳහන් කළ භයානක තත්වය ගැන කිසිවක් ඒ වනතුරුම ඔහු නොදැන සිටි බවද නිහතමානිව පිලිගනිමින් මේ රටේ රාජ්යපරිපාලනයට සිදු වීමට ගිය එම භයානක තත්වය පෙන්වාදීම ගැන මට සහ අප සන්ගමයටද බෙහෙවින් ස්තුති කළේය. ඒ සමඟම ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ යහපත සහ ආරක්ෂාව වෙනුවෙන් මවිසින් ඉල්ලා සිටිනලද ‘ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ ලේඛණගත කිසිම තනතුරක්ට වෙනත් කිසිම සේවයක නිලධාරියෙකු පත් නොකරණ මෙන්” කළ මගේ එම ඉල්ලීම අතුලු ඉල්ලීම් සියල්ලම ලබාදීමට ඔහු පොරොන්දු විය.
ඒ වනවිටත් සන්චිතයේ සිටි මා, පසුදින සිටම සෞක්‍ය අමාත්යාන්ශයේ රාජ්‍ය ලේකම් වශයෙන් පත්කිරිමෙන්ම ඔහු එදා මගේ කතාව ගැන කොතරම් සතුටු වීදැයි ඔබට සිතාගත හැක.
මෙම සිද්ධිය මෙම ලිපියේ මාතෘකාවට රිජුවම අදාල නැතත් එය මෙහි සන්ඳහන් කලේ රාජ්‍යසේවකයින් වශයෙන්, අප කරන, කියන කුමක් වුවත් නිර්භයව, එඩිතරව තම උපන් දේශයේ සහ පොදුජන යහපත පමණක් සලකා කළයුතු බව පෙන්වා දීමටය.
එදා එම උතුම් පොදු අරමුණු ගැන පමණක් සිතා මගේ බෙල්ල දී ශ්‍රි ල.ප.සේ. මරණින් බේරාගැනිමට මට හැකිවිය.
එසේම 1992 අන්ක 58 පනත සහ රා.පරි.පා 21 චක ලේඛය ගැනද කිසිවෙකු මා දැනුවත් කළේ නම් ඒ දෙකද ක්‍රියාත්මක වීම වහාම නතර කර ගැනීමට මට හැකියාව තිබිණ.රටේ අවාසනාවට මෙන් ඒ මොහොතේ මා ඒ ගැන දැන සිටියේ නැත.