කොරෝනා මද සුළඟ
Posted on March 31st, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

පසුගිය වසරේ නොවැම්බර් මස 19 වෙනිදා ලෝකයේ උපත ලද කොරෝනා හෙවත් කොවිඩ්-19 නම්වූ මදනල කුමරිය පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වෙනිදා චීනයේ හුවාන පලාතෙන් මතුවී සුළි සුළඟක් ලෙසින් ලොවපුරාම ගමන් කරමින් සිටින අවස්තාවක අපි ඒ දෙස මහත් උද්යෝගයකින් බලා සිටින්නේ, මේ කොරෝනා කුමරිය මේ ලෝකය තුල කුමන අරමුණකින් කුමක් කිරීමට සැරසෙන්නේද යන කුතුහලයෙන් යුක්තවය.

ඇත්ත වශයෙන්ම අපි මේ දෙස මහත් බලාපොරොත්තු සාහිතව බලා සිටින්නෙමු. අපි එහෙම කියන්නේ මේක මහා විනාශයක් මේක වහාම නැවැත්විය යුතුයි යන හඬ හැම තැනකින්ම ඇසෙන තත්වයක් තුලදියි. නමුත් යම් ශුභවාදී වටිනා යමක් මේ තුලින් මතුවෙන බව අපි දන්නවා.

මේ ලෝකයේ විශේෂිත කටයුතු ඉටුකිරීම සඳහා විශේෂිත පුද්ගලයන් හා කණ්ඩායම් මේ ලෝකයට වරින්වර එවන බව අපි හොදින් දන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහු හා බද්ධව වැඩකරන පිරිවර සේනාවන් එතුමා සහ එතුමාට පවරා ඇති කාර්යයන් ඉටුකිරීම සඳහා ස්වභාවය විසින් විශේෂිත නිර්මාණයන් ලෙස මෙබිමට එවන ලද බල මුලුවකි. දැන් මේ බල මුළුවට ඉටුකිරීමට ඇති කාර්යයන් ඉටුකිරීමට යාමේදී ඇතිවෙන බාධක මොනවාද? ඒවා ඉවත් කිරීම හා ඒවා විනාශ කිරීමටද ස්වභාවය කටයුතු නිර්මාණය කරයි.

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ් මහතා බලයට පත්වී, මාස හතරක් නිමවා අවසන්ය. ඔහු ඉතා පිරිසිදු පාලනයක් ගෙනයාම සඳහා විශාල බලාපොරොත්තු පෙරදැරිව කටයුතු කලද ඒවා දැන දැනම ඔහුට එරෙහිව අවිගත් පිරිසක් රටපුරාම ක්‍රියාත්මක වෙමින් පැවතුනි. ඒ අධිරාජ්‍යවාදීන්ගේ සැලසුම් හා පෝෂණය කිරීම් තුලින් දිරිගත් පුද්ගල සමුහයක් තුලිනි. ස්වභාවය අපිට වඩා බලවත්ය. සැලසුම් සහගතය. ස්වභාවයේ විනිශ්චය බලවත්ය.

ගෝඨාභය ප්‍රමුඛ සේනාවට සිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට බාධාවන් ගණනාවක් විය. එකක් වුයේ පැවතී පාර්ලිමේන්තුවයි. එය මාර්තු දෙවනිදායින් පසු විසුරුවා හැරිණි. ඒ එක හිසරදයක නිමාවයි. ඊට අමතරව, ජාතික වශයෙන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සංවිධාන, මුස්‌ලිම සංවිධාන, දේශපාලන පිලිලයන්සේ කටයුතු කරමින් සිටියහ. ඔවුනගේ හඬ නිහඬ කිරීමට ස්වභාවය කටයුතු කල ආකාරය විශ්මිතය. මේ සියල්ලක්ම ස්වභාවය ඉටුකරන ලද්දේ කොරෝනා වයිරසය උපයෝගී කරගෙනය. මැතිවරණය සඳහා නාමයෝජනා බාරගත්තද මැතිවරණයට දින නියමයක් නැත. මැතිවරණ කොමසාරිස් නිහඬය. දේශපාලන පක්ෂ සියල්ලේම හඬ බොල්වී ඇත. ජනතාවගේ කණට නිවාඩුවක් ලැබී ඇත. කොතරම් අපුරු සිදුවීමක්ද මේ අපි දකිමින් සිටින්නේ.? ඒ ජාතික වශයෙන්ය.

ජාත්‍යන්තර වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම සේනාවට එරෙහිව බලවත්ව සිටි, ජාත්‍යන්තර ප්‍රතිගාමී සේනාවට අද සිදුව ඇති දේ එකවර කල හැකි බලවතා කවරෙක්ද? අපි ඒ දෙස බලා දුක් වෙමුද තුටු වෙමුද? පසුගිය මාර්තු මස අපිට එරෙහිව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලයේදී හඬ නැගු රටවල් තුල බලවත් අර්බුද නිර්මාණය කර අපිට සැනසිල්ලේ ඉන්නට ඉඩ සලසා දුන් කොරෝනා වයිරසයට අපි කුමක් කරමුද? අප කල යුත්තේ එය අපට අවැසි විදියට හැසිරවීමට කටයුතු කිරීමයි. සත්‍ය ලෙසම මේ වයිරසය අපගේ මිතුරෙක් මිස සතුරෙක් නම් නොවේ.

අද අපට එරෙහිව අවි අමෝරාගෙන නැගිටීමට ඇමරිකා එක්සත් ජනපදයට නොහැක. කැනඩාවටද නොහැක, මහා බ්‍රිතාන්යටද නොහැක, නොර්වේ රාජ්‍ය, ජර්මනිය, ප්‍රංශය ඉතාලිය යන කිසිදු රාජ්‍යකට නොහැක. අපිට එරෙහිව සෘජුවම චන්දය දුන් අසල්වැසි ඉන්දියාවටද නොහැක. මේ අනුව කොරෝනා වයිරසය අප වෙනුවෙන් මිහිබට සුර ලොව නිමයුමක්සේ සැලකුවද කම් නැත.  මේ ලෝකයේ ධනවත්ම රාජ්‍යයන් සියල්ලම මහා ආර්ථික හා මානුෂීයව පරිහානියකට ලක්වෙන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන උත්තර ද්‍රවයේ ඉහල සිට මේ පොලොව දෙස බලන ඒ සංවිධානයේ රැකවරණ ලබමින් මේ ලොව පෙළමින් දස ලක්ෂ ගණන් මිනිසුන් මරමින තුටුවෙමින් ජය පන් බිවු ලෝක අධිරාජවාදී රාජ්‍ය සමුහයයි.

පිඩනයට පත්වෙන ජනතාව ඉටුකළ යුතු කාර්යයක්, අද දවසේ ඇසට නොපෙනෙන කුඩා වයිරසයක් ඉටුකරමින් සිටි. එදා මෙදා තුර මේ තර්ජනයට ලක්ව සිටින අධිරාජ්‍යවාදී රාජ්‍යන් සමුහය තවත් මහා ලේ වැගිරීම් රාශියක් කිරීමේ අරමුණින්, නවීන අවි ආයුධ ගොඩ ගසාගෙන සිටින මේ මොහොතේ, ස්වභාවය විසින් ඇසට නොපෙනෙන වයිරසයක් නිර්මාණය කර සිදු කරන මේ ක්‍රියාවලියේ චමත්කාරතත්වය අපි දකින්නේ මහා කුතුහලයකින් යුක්තව බව කිව යුතුමය. කොරෝනා වයිරසය මේ ඉටුකරන්නේ තුන්වන ලෝක යුද්ධයේ කාර්යභාරයයි. නමුත් තමන් යුද්ධයක් සඳහා නිපදවා ගොඩගසාගත් කිසිදු වැඩක් නැතිබව ස්වභාවය පෙන්වාදී ඇත. අවි ආයුධ ගැටෙන යුද්ධයකට වඩා මෙය සාධාරණය. හැම දෙනාමතම බෝම්බ දමා වනසන යුද්ධයට වඩා, මෙය තුල යම් සුන්දරත්වයක් දකිමු.

දැන් පිට්ටනිය හිස්ය ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සේනාවට ක්‍රීඩා කිරීම ඉතා පහසුය. නමුත් ක්‍රීඩාපිටියේ නොපෙනෙන කොරෝනා වයිරසයද තිබේ. එයින් පරිස්සම් වෙමින් කලයුතු සමාජ පරිවර්තනයක් එතුමා අබියස ඇත. දැන් සෑම නිවසකටම ආහාර රැගෙන එයි. ජනතාව නිවසේ සිටම ඒවා මිලදී ගනු ලැබේ. හෙට ආහාර ගෙන ආවද ඒවා ගැනීමට ජනතාවට මුදල් නැත. එබැවින් ආහාර එවීමට පෙර මුදල් ගෙදරට ගෙනවිත් දීමට සිදුවේ. එයද බැංකු තුලින් ඉටු කල හැක. නමුත් හැමෝටම බැංකු ගිණුම් නැත. හැමෝම ලග මුදල්ද නැත. මෙයට පිළිතුරක් අවශ්‍යවේ. ඒ සඳහා කල හැකි හා කලයුතු ඉහලම පිළියම වන්නේ,
රටේ අවුරුදු 15ට වැඩි සියලු දෙනාටම මහා බැංකුවට අනුබද්ධිත බැංකු ගිණුමක් හා ඉලෙක්ට්‍රොනික් මුදල් සංසරණ කාඩ්පතක් ලබාදීමයි. ඊට පසු සාම මිනිසෙක් ලගම ඇති මුදල් නෝට්ටු හා කාසි බැංකුවට ගෙනවිත්දී ඒවා තම තමන්ගේ ගිණුම්වල තැන්පත් කිරීමට ඉඩ ලබාදිය යුතුය. මේ කාර්යයේදී තැන්පත් කරන්නා කුමන ආකාරයේ විශාල මුදල් ප්‍රමාණයක් ගෙන ආවද ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව බැංකුවේ තැන්පත් කිරීමට ඉඩ ලබාදිය යුතුය. මුළු රටේම මිනිසුන්ගේ ගිණුම් මහා බැංකුව හරහා මධ්‍යගත කිරීම තුලින්, මහා බැංකුව මුදල පිරි මිනිසුන් හා ආයතන මොනවාද යන්නත්, මුදල් නැති මුදල් අවැසි මිනිසුන් කවුදැයි යන්නත් සම්බන්ධව අවබෝධයක් ලැබේ. ඒ අනුව සෑම මාසයකදීම මුදල් නැති මිනිසුන් සම්බන්ධව අවබෝධ කරගෙන ඔවුනට ජීවත්වීම සඳහා රජය ප්‍රතිපාදන දැමීම හෝ ඔවුනට රැකියාදීම රාජ්‍ය කටයුත්තක් බවට පත්කල යුතුය.

කොරෝනා වයිරසයේ අවසාන පලය වන්නේ ධනවාදය අර්බුදයකට ලක්කර නවසමාජ ක්‍රමයක් ලොව තුල ගොඩනැගීම වන අතර, එම ක්‍රමය තුල මුදල් නෝට්ටු බාවිතය අහෝසි වන බැවින්ද ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික් මුදල් බාවිතය සම්පුර්ණයෙන්ම සමාජගත වන බැවින්ද, එම ක්‍රියාවලියේ නියමු බලවේගය ශ්‍රී ලංකාව තුලින් ගොඩනගමු. මේ කාරයත් සමගම කොරෝනා වයිරසයේ නිමාවද දැකීමට හැකිවනු ඇත.

2 Responses to “කොරෝනා මද සුළඟ”

  1. Hiranthe Says:

    Agreed!! Also this is a good opportunity for all to compare Yahapalanaya and Gota’s rule.

    If Yahaps, My3 and Run-nil are in power, we would have beaten most of the countries by now with the death toll and US marines may be roaming everywhere already with their guns.

    Sending them home also must have been a part of the master plan of the Universe.

  2. Ancient Sinhalaya Says:

    Too many people in the world is the root cause of all the problems two legged creatures facing today. Then you
    have these bogus religions, apart from Buddhism, which don’t regard sins as sins and encourage people to sin.
    Where are all these gods in this hour of need? 2 world wars, then Spanish flue which killed nearly 30 million, now
    Covid19. Where are they hiding? In books, www. Religion is business, except Buddhism which doesn’t have paid
    priest, and millions of people get paid working as priests, i’mmads etc. etc. Surely, these mythical god based
    religions should take the large part of the blame for these deaths which could be going up to millions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress