රාජ්‍ය සේවක බැංකු ණය වාරික අයකිරීම් අත්හිටුවීමේ සහනය රු. ලක්ෂ 10 ට අඩු ණය සඳහා සීමා කිරීම සම්බන්ධවයි
Posted on April 2nd, 2020

ජනමාධ්‍ය නිවේදනයයි. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය

2020. 04. 02

අතිගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

රාජ්‍ය සේවක බැංකු ණය වාරික අයකිරීම් අත්හිටුවීමේ සහනය රු. ලක්ෂ 10 ට අඩු ණය සඳහා සීමා කිරීම සම්බන්ධවයි

#Corona වසංගත තත්ත්වය හමුවේ ඉන් රටත් ජනතාවත් මුදා ගැනීමේ අරමුණින් මහත් කැපවීමෙන් දිවා ? නොබලා කටයුතු කරන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවකයින් බැංකු මගින් ලබාගෙන ඇති ණය වාරික අයකිරීම් ඉදිරි මාස කීපය තුල අත්හිටුවීමේ සහනය රු ලක්ෂ 10 දක්වා ණයකරුවන්ට පමණක් සීමා කිරීම සම්බන්ධව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඔබගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.

02. විශේෂයෙන් මේ වන විට බැංකු මගින් රාජ්‍ය සේවකයින් සඳහා එම එක් එක් වෘත්තීන් පදනම් කරගනිමින් හඳුන්වාදී ඇති සුව සේවා, ගුරුසෙත ,සහන වැනි ණය යෝජනා ක‍්‍රම රාශියක් වන අතර ඔවුන් ලබන මූලික වැටුප මත ලබාගත හැකි උපරිම ණය සීමාව රු ලක්ෂ 20 දක්වා වේ.

03. එහිදී  3/2016 රාජ්‍ය පරිපාලන වැටුප් චක‍්‍රලේඛය අනුව විශේෂයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩි කරනු ලැබූ අතර ඊට සමගාමීව බැංකු විසින් රාජ්‍ය සේවකයින්ට ලබාගත හැකි ණය සීමාවන්ද දෙගුණයකින් පමණ ඉහළ දැමූ බව මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

04. එවැනි පසුබිමක් තුළ රාජ්‍ය සේවකයින් ද බොහොමයක් වැඩි කරනු ලැබූ තම මූලික වැටුප මත පදනම්ව රු. ලක්ෂ 10 සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති බවද මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතුව ඇත.

05. එහෙයින් මෙම සීමාවන් වහා ඉවත් කර සියලූම රාජ්‍ය සේවකයින්ගේ බැංකු ණය සඳහා අදාළ සහන ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ලෙස ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.
 
මීට විශ්වාසී,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress