රාජකාරී හැදුනුම් පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලපියක්
Posted on April 9th, 2020

සමස්ත ලංකා හෙද සංගමය

පොලිස්පතිතුමා
පොලිස් මුලස්ථානය,
කොළඹ.

මහත්මයාණෙනි,

ඇදිරිනීති බලපතය‍්‍ර ලෙස රාජකාරී හැදුනුම් පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලපියක් ලබාගත යුතු බවට වූ පුකාශය සමග හෙද සේවාවේ මතුවී තිබෙන ගැටළුකාරී තත්වය සම්බන්ධවයි


උක්ත කාරනය නිසා දිවයින පුරා රෝහල්වල සේවය කරන හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයින් බරපතල ගැටළුවකට මුහුණ පා ඇත. #කොවිඩ් – 19 වසංගතය හමුවේ විශාල දුෂ්කරතා ප‍්‍රමාණයක් දරා ගනිමින් රාජකාරියට පැමිනෙන හෙද කාර්ය මණ්ඩලයට මෙය තවත් බාධාවක් වී ඇත.

#කොවිඩ් – 19 වසංගත තත්වය හමුවේ බොහෝ ආයතනවල ආයතන ප‍්‍රධානීන් කාර්ය මණ්ඩල සාමාජිකයින් මණගැසීම පවා ප්‍රතික්ෂේප කරන මොහොතක ඔවුණ්ගෙන් අවසර ලිපි ලබාගැනමී ට යාම පවා ගැටළුකාරී තත්වයකි. හෙද නිලධාරීන් සියළු දෙනාටම සියළු විස්තර සහිත රාජකාරි හැදුනුම්පතක් තිබියදී ඔවුන්ට වෙනත් ලිපි ලේඛණ ලග තබා ගන්නා ලෙස දැනුම්දීම අවශ්‍ය නොවන බව අපගේ අදහසයි. සියළු හෙද හෙදියන් මේ මොහොතේ ඔවුන්ගේ සේවා ස්ථානයන්හි රාජකාරීවලට වාර්තා කරමින් සිටින තත්වයක් තුල ඔවුන් තම හැදුනුම්පත අවභාවිතා කරනවා යැයි පැවසීමද ජීවිත අවදානමද නොතකා රාජකාරියේ නිරත හෙද හෙදියන්ට කරන ලද නිගරුවක් බව අපගේ අදහසයි.

එසේම මේ මොහොතේද අඛණ්ඩව සේවා මුරවල යෙදී සිටින හෙද හෙදියන්ට ආයතන ප‍්‍රධානීන් හමුවීමට වාට්ටුවලින් හා ඔවුන්ගේ ඒකකවලින් පිටතට යාම පවා අනතුරුදායක අවස්ථාවකි. තවද විශේෂ නිවාඩු ලබා නිවෙස්වල සිටින හෙද නිලධාරීන්ට තමන්ගේ රෝහල් වෙත පැමිණ 2020. 04. 10 දිනට පෙර මෙම අවසර ලිපි ලබාගැනීමට නොහැකි වී ඇත.

එබැවින් කරුණාකර මෙම ගැටළුකාරී තත්වය පිළිබද ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකර මේ මොහොතේ සුවිශේෂි රාජකාරීයක නිරත හෙද කාර්ය මණ්ඩලය පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කර ඉදිරියටත් ඔවුන්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරි නීති බලපත‍්‍රය ලෙස භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා හෙද සංගමය.

පිටපත් 01. ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය (අ.ක.ස)
02. සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධණ මහත්මිය (අ.ක.ස)
03. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (අ.ක.ස)
04. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා (දැ.ස)
05. සියළුම ජනමාධ්‍ය ආයතන (දැ.ස)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress