සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය
Posted on April 12th, 2020

ඒ. ජේ. එම්. මුසම්මිල් වයඹ පළාත් ආණ්ඩුකාරවර

මේ වසරේ අප්‍රේල් මස 12 සහ 13 දෙදින වෙන්ව තිබෙන්නේ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන්ය . ශ්‍රී ලංකාවාසි සිංහල සහ දමිළ ජනතාව මෙය සළකනු ලබන්නේ තමන්ගේ ප්‍රධානම ජාතික උත්සවයක් ලෙසය . බක්මහට යෙදී ඇති සිංහල දමිළ අලුත් අවුරුද්ද මුළු රටම නැවුම් අසිරියකින් පුරවාලන බතින් බුලතින් ගහ කොළෙන් මුළු රටම සශ්‍රීක වන අපූරු කාල සීමාවකි . මේ අවුරුදු උත්සව කාලය මෙරට ජාතීන් අතර මෙන්ම පවුල් අතරද මිත්‍රත්වය සාමය සහයෝගය වර්ධනය කිරීමටද මනාව ඉවහල් වන කාලයකි .

මේ ආකාරයට මුළු මහත් රටම අපූරු සහෝදරත්වයකින් පුබුදුවාලන මෙවර බක් මාසය අතීතයේ පටන් පැවත ආ චාරිත්‍ර වාරිත්‍ර පෙරටු කරගනිමින් සතුටින් සුන්දරත්වයක් ගත කිරීමට සැමරීමට ලක්වැසි අප ඔබ සැමට අවස්ථාවක් උදාකරදී නැති බව අප සැවෝම ඉතා පැහැදිලිවම දන්නා කරුණකි . ඊට හේතුව කොවිඩ් – 19 නමැති මාරාන්තික වසංගතය අප රට පමණක් නොව සමස්ත ලොවම ඉතා භයානක ලෙස ⁣වසාගෙන තිබීමය . සමස්ත ලොවේ රටවල් රැසක්ම මෙන්ම අප රටද මේ මාරාන්තික වසංගතයේ ගොදුරක් වී ඇති අවස්ථාවක සැම රාජ්‍යයකම අරමුණ තම රටත් රට වැසියනුත් මේ වසංගතයෙන්  ගලවා ගැනීමය . සෑම රටක්ම එ් සඳහා ජනතාවට ලබාදෙන ප්‍රධානම සෞඛ්‍යාරක්ෂිත උපදෙස වන්නේ තම නිවසටමවී කාලය ගත කරන ලෙසය . ඒ උපදේසය අනුව යමිනුත් අප රජය විසින් ක්‍රියාත්මක විවිධ ක්‍රමවේදත් හමුවේ මෙම වසංගත⁣ තත්ත්වය යම් තරමකට පාලනය කරමින් ජනතාවගේ ජීවිත රැක දෙමින් ජාත්‍යන්තරයට ආදර්ශයක් ලබා දීමට අප රට සමත්ව සිටීමද සතුටට කරුණකි .

ඒ අනුව යමින් අකැමැත්තෙන් වුවද මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද තම නිවෙස් වලින් බැහැරව නොයමින් තම පවුලේ සාමාජිකයින් සමග එක්ව සමරන ලෙසට රජය උපදෙස් ලබාදී ඇත . ජීවිතයේ පළමු වතාවට එය අසීරු කරුණක් වුවද රටත් ජාතියත් තම ජීවිතත් මේ මහා ව්‍යසනයෙන් ගලවා ගැනීම සඳහා ඔබ එම කැපවීම කරනු ඇතැයි මා විශ්වාස කරමි . මේ ව්‍යසනයෙන් අපේ මවුබිම ජයග්‍රහණය කළහොත් එදිනට ජාති ආගම් බේද වලින් තොරව එම ජයග්‍රහණය බක්මහ අවුරුදු උත්සවයක් ලෙස සැමරීමට ඔබට සහ මට අවස්ථාවක් උදාවනු ඇත .

එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත නීරෝගිමත් අවුරුද්දක්ම වේවායි මා ඉත සිතින් පතමි !

ඒ. ජේ. එම්. මුසම්මිල්
වයඹ පළාත් ආණ්ඩුකාරවර

One Response to “සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය”

  1. Ratanapala Says:

    What prevents the Muslims also joining in the New Year Celebrations – Will Allah be angry if they cook milk-rice and eat at an appointed time with other sweets and condiments if only to show solidarity and brotherhood with the other two major communities.

    This is far better than doling out viruses and bombs!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress