රු. 5000/- ක දීමනාව ගෙවීමට අදාළව මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් ඊට අදාළ රාජකාරී කටයුතු වලින් සංවර්ධන නිලධාරීන් ඉවත් වීමේ තීරණය අත්හිටුවයි
Posted on April 18th, 2020

සංවර්ධන නිලධාරී සේවා සංගමය.  ජනමාධ්‍ය නිවේදනයයි

2020. 04. 18  
රු. 5000/- ක දීමනාව ගෙවීමට අදාළව මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් ඊට අදාළ රාජකාරී කටයුතු වලින් සංවර්ධන නිලධාරීන් ඉවත් වීමේ තීරණය අත්හිටුවයි. අපේ‍්‍රල් 18 සිට රාජකාරී වල පෙර පරිදි.


#Covid-19 වසංගත තත්වය හමුවේ ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් එක් පවුලකට එක් වරක් පමණක් රු. 5000/- ක් ගෙවීමට රජය විසින් තීරණය කරන ලදි.

එම තීරණයෙන් පසු එම කටයුත්ත බරපතල ලෙස දේශපාලනීකරණය කරමින් රාජ්‍ය නිලධාරීන්ද පසෙක තබා ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලඥයන් විසින් රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කළ මුදල් ගෙවීමේ වවුචර්පත අයදුම්පතක් ලෙස මුද්‍රණය කර බෙදාහැරීම් ඇතුළු කටයුතු වල නියැලූණි.

එමෙන්ම රු. 5000/- ගෙවීමේ දී සංවර්ධන නිලධාරීන්ගේ කිසිඳු නිල හා රාජකාරී අනන්‍යතාවයක් නොතිබූ හෙයින් 2020.04.16 දින සිට එම රාජකාරියෙන් ඉවත් වීමට තීරණය කරන ලදි.

ග‍්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් මෙම රාජකාරියෙන් ඉවත් වූ පසු උද්ගත වූ තත්වය හමුවේ 2020. 04. 17 දින රාත‍්‍රී රජය සමඟ පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ අනුව සංවර්ධන නිලධාරී සේවා සංගමය මගින් ගනු ලැබූ තීරණය අවසන් කර රු. 5000/- දීමනාව ගෙවීම සම්බන්ධයෙන් අදාළ රාජකාරීවල නියැලීමට තීරණය කර ඇත.

01. 2020. 03. 01 අග‍්‍රාමාත්‍ය ලේකම්තුමාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක‍්‍රලේකයේ සඳහන් කමිටුව මගින් සකස් කළ ප‍්‍රතිලාභී නාමලේකනය යළි අදාළ කර ගැනීමත්, 2020. 04. 15 දින අග‍්‍රාමාත්‍ය ලේකම්තුමාගේ අත්සනින් යුතු චක‍්‍රලේකයේ ප‍්‍රතිලාභී කාණ්ඩ අනුව නම් ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම යළි කමිටුව විසින් සලකා බැලීම.

02. 2020. 04. 12 සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ චක‍්‍රලේකය අනුව සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා කැඳවුම්කරු කරමින් සකස් වීමට නියම්තව තිබූ කමිටුව අදාළ නොකරගැනීමටත් වසමට අයත් නිලධාරීන් පස්දෙනාම 2020.

03. 31 චක‍්‍රලේකයේ කමිටුව ලෙස ක‍්‍රියාත්මක වීමත්

03. රු. 5000/- ගෙවීමේ දී අදාළ වවුචරයේ වසමට අයත් රාජ්‍ය නිලධාරීන් පස්දෙනාම අත්සන් කිරීමත්

යන ඉහත තීරණ මත රු. 5000/- ගෙවීමට අදාළ රාජකාරී කටයුතු වලදී සංවර්ධන නිලධාරීන් 2020. 04. 18 දින සිට සාමාන්‍ය පරිදි එම රාජකාරී කටයුත්තේ යෙදීමට තීරණය කළ බව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress