අන්තර්ජාතික සංවිධාන පිරිණමන තෑගි (Mcc) සහ ණය පිළිගැනීමට අධිකරණ බලය අවලංගු කල යුතු ද?
Posted on April 21st, 2020

නීති පරීක්ෂණ කණ්ඩායම

අප රටේ

1. ඉඩම් ප‍්‍රතිපත්තිය 2. ඉඩම් නීති 3*. ඉඩම් ආයතන සියල්ල වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දරති. මෙසේ කිරීමට ආධාර ලබා ගැනීමට අත්සන් තබන අන්තර්ජාතික ගිවිසුම් වල කැපීපෙනෙන කොන්දේසියක් වන්නේ ඉඩම් සම්බන්ධයෙන් අධිකරණයට ඇති බලය අහෝසි කර ඉඩම් හිමියන්ට උසාවියට පිවිසීමට ඇති මූල්‍යමය අයිතිය අවම කිරීමය.

මෙය ගෝලීකරණ වැඩසටහනේ කොටසකි. ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ එ්.ආර්.බී.අමරසිංහගේ බුද්ධිමත් වචන…………”අන්තර්ජාතික සංවිධානයන්ගේ ක්ෂණික උවමනාව වන්නේ, ඉඩම් විකිණිමට බාධා කරන සියලූ නීති හා ආයතන අහෝස් කොට, කඩිනමින් ඉඩම් විකිණීමේ හා උකස් කිරීමේ නව නීති හඳුන්වාදීමය.” (1970 වර්ෂයේ ”ටයිටල් ඉන්ෂුරන්ස්” නමැති පොතේ පෙරවදනයෙන්*

ලෝක බැංකුවෙන්, මි්ෂෘ, ඇමරිකානු තානාපති කාර්යාලය සහ වෙනත් ඇමරිකානු ආයතන වලින් ආධාර ලබා, පුරවැසියන්ට කිසිදු දැනුම් දීමක් නොකොට, විදේශ රටවල ඉඩම් නීති හඳුන්වාදීම දැනට සිදුවේ. බිම් සවිය ඉඩම් නීතිය ඉන් පළමු ස්ථානය ගනි.

1*. බිම් සවිය ඉඩම් නීතිය හා අධිකරණ බලතල අහෝසි කිරීම.

බිම් සවිය නීතිය පැනවුයේ 1998 – අංක. 231 පනතින්ය. මෙම ”පනතේ” බිම් සවිය නාමය කොහේවත් සඳහන් කර නොමැත. 1998 – අංක. 21 පනතින් ලංකාවට හඳුන්වා දී ඇත්තේ විදේශීය නීතියකී. මෙම නීතියේ අන්තර්ජාතික නාමය ‘ටෝරන්ස් නීතිය’ නොහොත් ටයිටල් රෙජිස්ටේ‍්‍රෂන්ය’. අන්තර්ජාතික නාමය භාවිතා නොකිරීමෙන් මෙම නීතිය පිළිබඳ දැනුම ඉඩම් අයිතිකරුවන්ටත් නීතිවේදීන්ටත් ලබා ගැනීමට අපහසුවී ඇත. ( Therefore refer to Torrens law or Title Registration on the internet – Few references are mentioned below බිම් සවිය යන නාමය භාවිතා කරන්නේ මහජනයා නොමඟ යැවීමට ද? නීතිය රටට නොගැලපෙන විදේශ නීතියක් යන්න වසා දැමීමට ද?

බිම් සවිය නීතිය ඉඩම් හිමියන්ට මහත් පුදුමයක් විය හැකිය. ලංකාවට හඳුන්වා දී ඇති මෙම නීතිය නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මත සැදුනු නීතියකි. එනම් ගැණුම්කරුවන්ට, උකස්කරුවන්ට ලෙහෙසියෙන් ඉඩම් වල අයිතිය සොයා ගත හැකි, නව ලියාපදිංචි රෙජිස්ටරයක් සකස් කිරීමයි. කඩිනමින් විකිණීම හා උකස් කිරීම, ආර්ථිකය වැඩිදියුණු කිරීමේ හා දුප්පත්කම ඉවත් කිරීමේ මාර්ගයයි
යන්න නව ලිබරල් ආර්ථික ප‍්‍රවීනයන්ගේ ප‍්‍රකාශයයි.

බිම් සවිය නීතිය අනුව රෙජිස්ටරයේ ඇති අයිතිකරුවන්ගේ අයිතිය විභාග කිරීමට උසාවියකටවත් බලයක් නැත. මෙම බලගතු ලියාපදිංචි කිරීමට ‘සබාැෙැ්ිසඉකැ’ (වෙනස් කල නොහැකියි* යන නාමය භාවිතා කරනු ඇත. එබැවින් වංචනික ඔප්පුවක් මත හෝ නීතියට පටහැනි ඔප්පුවක් මත රෙජිස්ටරයේ නම ලියාපදිංචි කරගතහොත්, වංචාකරුට ඉඩම අයිති වේ. (මෙය ඇතුලත් කර ඇත්තේ අංක.21 පනතේ 33 වගන්තියේය.* උදාහරණයක්……..සරෝජාගේ ඉඩම නිමල්ට විකුණු පසු සරෝජාගේ නම මැකීයයි. නිමල්ගේ නම පමණක් රෙජිස්ටරයේ සඳහන් වේ. උසාවියට පිවිසීමේ මූලික අයිතිය සරෝජාට නොමැත.

තවද පනතේ 73 වන වගන්තිය අනුව, අංක. 21 පනත වෙනත් ලිඛිත නීති කිසිවක් නොතකා සියලූම නීති වලට වඩා ඉහලින් පවති. එබැවින්, අංක. 21 පනත පුද්ගලික ඉඩම්, රජයේ ඉඩම්, පූජනීය ඉඩම්, දේවාල ඉඩම්, කුඹුරු ඉඩම්, වගාව හුවමාරු කිරීමට අදාල හා පොළව යට සම්පත් ආරක්ෂා කිරීමට යොදා ඇති නීති සියල්ල බිම් සවිය නීතියට යට කරන්නේය. රෝම, ලන්දේසි නීතිය, අවුරුදු 100ක් පැරණි උසාවි තීන්දු, ( Judicial Precedence ), බෙදුම් නඩුු පනත, ( Partition Act , හවුල් අයිතිවාසිකම් ( Co-ownership භුක්තිය පිළිබඳ නීතිය ( Prescription Ordinance , තහනම් නියෝග වාරණ ( Inunction මේ සියල්ල අහෝසි කරන්නේය.

බිම් සවිය නීතියෙන් ඉඩම් වලට අදාල අවුරුදු සියයක් පමණ පැරණි රටේ නීති මෙසේ අහෝසි වන බව දැන සිටින්නේ සුළු පිරිසකි.

ලංකාවේ පන්සල් වල ඉඩම් වලට මෙම නීති කිසිසේත් නොගැලපෙන බව අස්ගිරිය ගෞරවණීය මාහිමියන් විසින් ප‍්‍රචාරය කර ඇති අතර පන්සල් හා දේවාල භූමි මෙම නීතියෙන් වහාම ඉවත් කරන ලෙස අණකර ඇත. we;’https://srilog.com/sri-lankan-chief-prelate-threatens-to-launch-protects-over-government-failure -to-amend-land-laws3206.htmlSri Lankan Chief  Prelate threatens to launch protects over government failure to amend land laws  

විදේශ රටවල ඉඩම් නීති ලංකාවට හඳුන්වාදීමේ දී ගෞරවණීය බෞද්ධ පූජක පක්ෂයටත්, වෙනත් ආගම් වල ගෞරවණීය පූජකවරුන්ටත් මහජනයාට පැහැදිලි කිරීම ඉතාමත් අවශ්‍ය වූ නමුත් එය එසේ නොවේ.

ලංකාවේ අවුරුදු සියයක් පමණ පැරණි පෙළපත ලියවු, ලියාපදිංචි පොත් අහිමි වේ.

අංක. 21 පනතේ, 53 වන වගන්තිය අනුව පසු ගණුදෙනු ලියාපදිංචි ලේඛණ විනාශ කෙරේ. ලියාපදිංචි කන්තෝරු 45ක් ලංකාවේ ඇත. මෙහි ලක්ෂ දෙකක් පමණ පොත් ගබඩා කොට ඇත. මෙම පොත් වල 18 හා 19 ශත වර්ෂයන් වල සිට මේ රටේ ඉඩම් වල ඉතිහාසය සහ පසු ගණුදෙනු සටහන් කර ඇත. එනම් ඉඩමේ පැටිකිරිය නොහොත් ඉඩම් පැවතආ ආකාරයයි.

ලංකාවේ ඉඩම් නීතිය බිම් සවියට වෙනස් කල විට අයිතිකරු පමණක් බිම් සවිය නීතියෙන් ලියාපදිංචි පොත්වල පෙන්නුම් කරයි. මුල් ඉඩම්කරුවන්ගේ නම් මෙම නීතියෙන් සම්පුර්ණයෙන් අස්කරයි. මේ රටේ ලාංකිකයන්ට තමාට ඉඩම ලැබුනේ කෙසේ ද යන්න සොයාගත නොහැකි වේ.

ඉඩම් අයිතිකරුවන්ගේ පෙළපත ඉතිහාසගත වන පොත් වලට යන ඉරණම ගැන රජයේ නිලධාරින්ගේ ඉල්ලීම.
https://www.parliament.lk/uploads/documents/paperspresented/performance-report-land-title-settlement-department-2017.pdf ඉඩම් අයිතිකරුවන්ගේ පෙළපත ඉතිහාසගත වන පොත් ගණන ලක්ෂ දෙකක් (200,000* පමණ වේ. බිම් සවියෙන් පසු ලංකාවේ ඉඩම් ඉතිහාසය ලියා ඇති පොත් විනාශවීමට ඉඩ ඇත.

පොත් වල ඡුායාරූපයක්
නොසලකා හරි ලද පොත් ගබඩා….පොත් අහුරා තිබෙන්නේ මෙසේය…..

https://www.parliament.lk/uploads/documents/paperspresented/performance-report-land-title-settlement-department-2017.pdf

ලියාපදිංචි කන්තෝරුවේ පොත් සංරක්ෂිත කළ යුතුය. ……… ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල් මෙසේ කියයි. 2017 වාර්තාව ……… ”දෙපාර්තමේන්තුවේ වාර්තා කාමරය ජාතික වැදගත්කමක් ඇති මුල් ලේඛණ සහිත ස්ථානයකි. එහි ඇති ලේඛණ නිසි ලෙස පරිලෝකනය කර සුරක්ෂිත කල යුතුය. කෙසේ වෙතත්, මේ සඳහා අවශ්‍ය භෞතික, මානව හා මූල්‍ය සම්පත් මෙන්ම අවකාශයන් ද ඉතා සීමිතය. එ් අනුව, එක් එක් ලේඛණයේ ස්කෑන් කරන ලද පිටපතක් ලබාදෙන ලියකියවිලි භාරගෙන සංරක්ෂණය කරන ලෙස ඉල්ලා ජාතික ලේඛණාගාර දෙපාර්තමේන්තුව සමඟ අවශ්‍ය සාකච්ඡුා පවත්වන ලදී. එහි ප්රති සෙකැි ලයක් ලෙස ලිපිගොනු 650ක් ඔවුන්ට ලබා දෙන ලදී. ලිපිගොනු 200,000ක් වාර්තා කාමරයේ ඇති බැවින්, මෙම ක‍්‍රියාවලිය වේගවත් කල යුතු අතර, ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘතියක් ලෙස සැලකිය යුතුය”.

ඩිජිටල්කරණය

දියුණු රටවල මෙම වෙනස්කම් කරන්නේ, නීතිය හා පරිගණක භාවිතය ගැන පර්යේෂණ කිරීමෙන් හා මහජනයා දනුවත් කිරීමෙනි. හොන්කොන් වෙනි රටවල් මෙයට අවුරුදු 12 පමණ කාලයක් ගත කලේය.

අවුරුදු 100ක් පැරණි පොත් සංරක්ෂිත නොකොට, ඉඩම් ලියාපදිංචි කන්තෝරු සකස් නොකොට විෂයේ විශේෂිත වූවන්ද නීති පොත් ද නොමැතිව, අප රටේ නීති උපදෙස් හා අපගේ පනත් භාවිතා නොකොට මෙවැනි දැවැන්ත වෙනස්කම් කිරීම ‘කරත්තය ගොනා ඉසරහෙන් සිටින්නා’ සේය කියා මා හට පෙනෙන්නේය cart before the horse .

පුද්ගලික හා ආණ්ඩුවේ ඉඩම් ගණුදෙනු සියල්ල රෙජිස්ටරයේ සටහන් වී ඇති අතර, ව්‍යාජ ඔප්පු තැන්පත් වී ඇති බව රෙජිස්ටාර් ජෙනරාල් කියා සිටී. මේ සියල්ල මගහැර හිමිකම් පරණ රෙජිස්ටරයෙන් ඉ රෙජිස්ටරයට පිටපත් කිරීම ඊ රෙජිස්ටරයේ තත්ත්වය කුමක් ද ? අප රටේ පර්යේෂණ සමග උත්සාහයක් නොකරන්නේ සියල්ල පැවතෙන්නේ විදේශ මුදල් හා විදේශ පර්යේෂණ මත බැවිනි. අප රටේ රහසිගතව පනත් ඉදිරිපත් කරන බැවින් ( බිම් සවිය එසේ පැමිණි නීතියකි.* ඉඩම් හිමියන් පමණක් නොව නීතිඥවරුන්ට මේ සම්බන්ධව එතරම් දැනුමක් නැති බව පෙනි යයි.

දැනට බිම් සවිය රෙජිස්ටරය සකස් කලාට පසු, දෙවනුව ඉඩමේ නම වෙනුවට ඉල්ලක්කම් 12කින් යුතු නොම්බරයක් 12 digit number අයිතිකරුට ලැබෙන්ට සලස්වයි. කඩදාසි ලේඛණ යුගය අවසන් වන අතර ලියාපදිංචි කන්තෝරුවල පරිගණක යුගය මෙතැන් සිට ආරම්භ වෙයි.

මෙම හදිසි තීරණ වල බලපෑම් කුමක් වේද යන්න දැනට යටපත් වී ඇත.

මේ සම්බන්ධව කිසිම දැනුමක් මහජනයාට නැත. අප රටේ නව නීතිය (බිම් සවිය* සම්බන්ධයෙන් සහ පරිගණක ඉඩම් ලේඛණ පිළියෙල කිරීම සම්බන්ධයෙන් කිසිදු නීති පොතක් නැති අතර, දැනුම ලබා දීමට උගතුන් ද නොමැත. අපි සම්පුර්ණයෙන් විදේශීය උපදේශකයන්ට සහ බාහිර කොන්ත‍්‍රාත්කරුවන්ට බාරදී මේ වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ සියල්ල කෙරෙන්නේ එකම මතයක් උදෙසාය; ව්‍යාපාර දර්ශකයේ ඉහළට නැගීමටය. Doing Business Index ඉඩමට නොම්බරයක් තබා ලේඛණ පරිලෝකනය කරන්න, කඩදාසි ලේඛණ නැතිව ඉඩම් ගණුදෙනු කරන්න ‘ ඩිජිටල්කරණය’; ඉඩම් නීති විදේශ නීති වලට පරිවර්තනය කිරීම සියල්ල සිදුවන්නේ අන්තර්ජාතික සංවිධාන පිරිණමන තෑගි (ඵක්‍ක්‍* සහ ණය පිළිගැනීමටය.

මෙහි ඇති භයානක කම වෛරස් සහ සයිබර්ක‍්‍රයිම් වලට ගොදුරු වීමය. එවැනි දෙයක් සිදුවුවොත් අප රටට ඉඩම් වල අයිතිය රැුකගන්නා ශක්තියක් තිබේ ද ?

2*. බිම් සවිය ව්‍යාප්ත කිරීමට………දෙවෙනි වරටත් අධිකරණ බලතල අවලංගු කරන තවත් ගිවිසුමක් ඉදිරිපත් වේ MCC 6.8

අවුරුදු 5කට දිස්ත‍්‍රික්ක 7ක අධිකරණයේ බලය ඉවත් කොට බිම් සවිය ලියාපදිංචිය සහ ඉ රෙජිස්ටර සකස් කිරීම විදේශිකයන්ට බාරදීම.

පජජ සහ එක්සත් ජනපද රජය මෙම සංයුක්තය යටතේ සිදුවන ක‍්‍රියාකාරකම් හෝ අතපසු වීම් හේතුවෙන් පැන නගින කිසිදු හිමිකම් පෑමක් හෝ අලාභයක් සඳහා කිසිදු වගකීමක් දැන්නේ නැත. මෙම සංයුක්තය යටතේ සිදුවන ක‍්‍රියාකාරකම් හෝ අතපසුවිම් හේතුවෙන් ඇතිවන පාඩු හානිය, තුවාල හෝ මරණය සම්බන්ධයෙන් රජය විසින් එම්.සී.සී. හෝ එක්සත් ජනපද රජයට හෝ වර්තමාන හෝ හිටපු නිලධාරියෙකුට හෝ එම්.සී.සී.එවැනි අලාභයක්, හානියක්, තුවාලයක් හෝ මරණයක් සඳහා ඉහත කිසිදු ආයතනයකට හෝ පුද්ගලයන්ට එරෙහිව කිසිදු ආකාරයක හිමිකම් පෑමක් හෝ නෛතික ක‍්‍රියාමාර්ගයක් ගෙන නොයනු ඇත. එම්.සී.සී. සහ එක්සත් ජනපද රජය හෝ එම්.සී.සී. හෝ එක්සත් ජනපද රජයේ වර්තමාන හෝ හිටපු නිලධාරියෙකු හෝ සේවකයෙකු ශ‍්‍රී ලංකාවේ සියලූම අධිකරණ හා විනිශ්චය සභාවල අධිකරණ බලයෙන් නිදහස් විය යුතු බවට රජය එකඟ වේ.

විදේශිකයන්ට අප රටේ ලියාපදිංචි කන්තෝරු බාරදීම

ඉඩම් රෙජිස්ටරය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ නීති තිබේ. වෙනත් රටවලත් එසේමය. (රට වලට ගිය අපට පෙනීයන්නේ ඇතුල්වීම තහනම් බවය.* මන්ද යතහොත්, ඉඩම් ලියාපදිංචි කන්තෝරු වල රටේ ධනය (රටේ ඉඩම් වල විස්තර* ගබඩා කර ඇති බැවිනි. එවා රහසිගතව තබා ගත යුතු බැවිනි.

රටේ ඉඩම් නීති වෙනස් කිරීම හා ලියාපදිංචි කන්තෝරු වල අවුරුදු 5ක් රටේ නීති වලට යටත් නොවන ආකාරයට සම්පුර්ණයෙන්ම නිදහසේ ඇතුල්වීම විදේශිකයන් අතට පැවරීම කණගාටුදායකය.

විසඳුමක්

නීති සංගමය සහ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොමිටුව පිළියෙල කල නීති පිළිගැනීම. බිම් සවිය වැනි අධිකරණ බලය නැති කරන නීති අප රටට හඳුන්වාදීම අවම කල යුතුය. මේ සියල්ල සම්බන්ධයෙන් රූපවාහිණීය හා පත්තර මහජනයාව දැනුවත් කලයුතුය.

ඉඩම් ඔප්පු දුප්පත් අයට පරිනමා ඔවුන්ට ඉ රෙජිස්ටෙරය භාවිතා කොට විදේශිය නීති අනුගමනය කරන්නට කීම ඔප්පු නුදුන්නාසේය.

ඉහත කරුණු උපුටාගත්තේ

1. වෙනත් රටවල් Torrens Law බිම් සවිය හඳුන්වාදීමෙන් අධිකරණයට සහ ඉඩම් හිමියන්ට සිදුකල බරපතල ගැටළු දැක්වෙන අධිකරණ වාර්තා…………

A] Mlaysian experience …….උදාහරණයක් වශයෙන් එම රටේ ඉඩම් දැන් වංචාකරුවන්ට බිම් සවිය නීතිය හරහා බාරදෙයි. මෙසේ සිදුවී ඇත්තේ අවලංගු ව්‍යාජ ඔප්පු ලියාපදිංචිකරුවන්ට, විරුද්ධව ඉඩමි හිමියන්ට උසාවියට යෑමට නොහැකි වීමය.

http://www.hba.org.my/laws/CourtCases/2000/adorna.htm. —- Adorna Properties Sdn Bhd -vs-Boonsom Boonyanit] ……….. නඩු පවරු ඉඩම්හිමියාට මැලේසියාවේ උසාවියට උදව් කිරීමට නොහැකි වීමේ නඩු තීන්දුව.

B)UK experience …………. අවලංගු ව්‍යාජ ඔප්පු සම්බන්ධව එංගලන්තයේ අධිකරණය මෙම නීතියට හිරවී ඇත. එහි නඩුකාරවරු නොතාරිස්වරුන්ට Solicitors වන්දි ගෙවන ලෙසට තීන්දු දී ඇත. නොතාරිස්වරු මවිත කෙරුණු, ඉතිහාසය ගතවන නඩු තීන්දුවක් 2018 ප‍්‍රථමවරට ඉතිහාසගතවනු ඇත. https://www.kingsleynapley.co.uk/insights/blogs/real-estate-law-blog/property-fraud-after-dreamvar-v-mishcon-de-reya

C) Singapore experience ………. බිම් සවිය නීතිය වංචාකරුවන් සඳහා අදහස් කරන ලදී…..? https://ink.library.smu.edu.sg/sol_research/2325/

2) what happened Papua New Guinean?—-judicial assault on the citadel of indefeasibility of title under the Papua New Guinean Torrens System of conveyance By John Mugambwa [*]http://www.paclii.org/journals/fJSPL/vol05/2.shtml

3] Evaluating Land Governess Issues by B Kirubanathan 2013

https://webapps.itc.utwente.nl/librarywww/papers_2013/msc/la/kirubananthan.pd

4] Title Insurance book by Justice A.R.B.Amerasinghe

5] Equality and Freedom book by Justice C.G.Weeramantr

6] New Perspectives On Land Registration contemporary problems and solution by Amy Gaymour Stephen Watterson NAD Martin Dixon https://www.bloomsburyprofessional.com/uk/new-perspectives-on-land-registration-9781509906031/

7]  World Bank reports land title project Sri Lanka –see web sites years 2002 and 2007 and 2016

8]  Annual reports of the Commissioner of Title and Survey General Sri Lanka see web sites

9]  Australian Torrens system –https://api.research- repository.uwa.edu.au/portalfiles/portal/34721286/ Thesis_doctor_of_philosophy_Carruthers_Penelope_Jane_2018.pdf

10]  http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf Millennium Challenge Compact

මීළඟ ලිපිය Mcc හා බිම් සවිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress