සෞඛ්‍ය ලේකම්තුමිය නිකුත් කර ඇති උපදෙස් නොසලකා කටයුතු කර ඇති තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධවයි.
Posted on April 22nd, 2020

සමස්ත ලංකා හෙද සංගමය

මධ්‍යම පලාත් සෞඛ්‍ය ලේකම්තුමා
පලාත් සෞඛ්‍ය අමාත්‍යංශය
මහනුවර.

මහත්මයාණෙනි,

#
කොවිඩ්19 (#Covid- 19) මැඩපැවැත්වීමට අදාලව සෞඛ්‍ය ලේකම්තුමිය නිකුත් කර ඇති උපදෙස් නොසලකා කටයුතු කර ඇති තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධවයි.

මේවනවිටත් පාලනය කර නොමැති #කොවිඩ්- 19 (#Covid- 19) වසංගත තත්වය හමුවේ රට පුරා රෝහල් පද්ධතියේ කටයුතු පවත්වාගෙන යාමට අදාලව රේඛිය අමාත්‍යංශයේ සෞඛ්‍ය ලෙකම්තුමිය විසින් සියළු රෝහල්වල ආයතන ප‍්‍රධානීන්, පලාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත අවස්ථා කීපයකදී විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරන ලදී.

එම උපදෙස් මත පදනම්ව රට පුරා සියළු රෝහල් ප‍්‍රධානීන් විසින් තම ආයතනවල කාර්ය මණ්ඩල අත්‍යාවශ්‍ය සේවාවන්හි පමනක් යොදවා ගන්නා ලදී. නමුත් තෙල්දෙණිය දිස්ත‍්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විසින් ඔහු වෙත එවැනි උපදෙසක් නොලැබුනු බව පවසමින්, හෙද කාර්ය මණ්ඩලය ආරක්ෂාකාරී ලෙස රාජකාරියේ යෙදවීමට ක‍්‍රියා කල රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනියගෙන් නිදහසට කරුණු ඉල්ලමින් ලිපියක් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය යනු #කොරෝනා අවදානමක් සහති කලාපයක් බව හදුනගෙන තිබියදීත් දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කර තිබු තත්වයක රට පුරා රෝහල් පද්ධතිය #කොරෝනා මර්ධනය සදහා එකාවන්ව කටයුතු කරද්දී ඊට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබූ විශේෂ රෙගුලාසි තෙල්දෙණිය මූලික රෝහලේ අධිකාරීතුමා නොදැන සිටියේ නම් ඔහු මෙම වසංගත තත්වය හමුවේ පියවි සිහියකින් කටයුතු කර ඇති බවක් නොපෙනේ. ඒ පිළිබද විශේෂයෙන් සොයා බැලිය යුතු බව අපගේ අදහසයි.

ඒ අනුව තෙල්දෙණිය රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගනිමින් වසංගත තත්වය හමුවේ ප‍්‍රශංසනීය ලෙස රාජකාරී ඉටු කර ඇති විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනියට එරෙහිව රෝහලේ වෛද්‍ය අධිකාරීතුමා විසින් පුද්ගලික පළිගැනීමේ අදහසින් එල්ල තිබෙන මෙම චෝදනා සම්බන්ධයෙන් අප සංගමයේ බලවත් අප‍්‍රසාදය පල කරමු. එබැවින් මෙම නිලධාරිනියට එරෙහිව සිදුකරමින් තිබෙන අත්තනෝමතික පළිගැනීමේ ක‍්‍රියාමාර්ගය නවතාලීම සදහා ඔබතුමාගේ මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා සිටිමු. එසේම රේඛිය අමාත්‍යංශයේ සහ පලාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව ක‍්‍රියාකර නොමැති මෙම වෛද්‍ය අධිකාරීවරයා පිළිබදව ද සොයා බලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා මෙන් ඔබගෙන්
ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත
ප‍්‍රධාන ලේකම්

සමස්ත ලංකා හෙද සංගමය.

සම්බන්ධීකරණය071 8616645
Coordinating – +94 71 8616645


පිටපත්
01.
සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධණ මහත්මිය (..)
02.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා (..)
03.
මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා (..)
04.
නියෝජ්‍ය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාමහනුවර (..)
05.
සමස්ත ලංකා හෙද සංගමයේ මධ්‍යම පලාත් ලේකම්(දැ.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress