මැතිවරණ කොමසාරිස් සිය වගකීම ඉටුකලාද?
Posted on April 26th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මැතිවරණ කොමසාරිස්තුමාට බලවත් වගකීමක් ඇත. ඒ සාධාරණ මැතිවරණයක් පවත්වා, මෙරට පරමාධිපත්‍ය බලය වූ ජනතාවගේ අපේක්ෂිත රජයක් පිහිටුවා ගැනීමට මහා මැතිවරණයක් පවත්වා, රජයක් පිහිටුවා ගැනීමට මග පෑදීමයි. ඇත්ත වශයෙන්ම මෙරට සාධාරණ මැතිවරණ පවත්වන ලද්දේ වර්ෂ 1977 වර්ෂය තෙක් වන අතර, ඉන්පසු මෙරට බලයේ සිටි රාජ්‍ය නායකයින් සෘජුවම සිය බලය පා මැතිවරණ ජය ගැනීම හා මැතිවරණ අත්හිටවීම සිදු කරන ලදී. යලිත් සාධාරණ මැතිවරණ ක්‍රමය ඇතිවුයේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවී, මැතිවරණයේදී හැදුනුම්පත බාවිතා කිරීම අනිවාර්ය කිරීමත් සමගය.

එයින් පසු මෙරට ප්‍රජතන්ත්රවාදියයි කියා ගනිමින් හොර චන්ද බාවිතා කරමින් බලයට ආ පහත දේශපාලනයට තිත තැබිණි. ඒ හේතුවෙන් 2015 තෙක් මෙරට රජය මැතිවරණ කොමසාරිස්ට බලපෑම්කර මැතිවරණ ජය ගැනීම සිදු නොකරන ලදී. නමුත් මෙරට තානාපති සේවාවන් හා NGO මැතිවරණ කොමසාරිස්ට බලපෑම් කිරීම ඒ සමගම ඇරඹිණි. එහි පලයක් වශයෙන් මහින්ද රාජපක්ෂ් මහතා 2015 ජනාධිපතිවරණයෙන් පැරදී, මෛත්‍රිපාල සිරිසේන බලයට පත්විය. ඔහුගේ යුගයේදී මැතිවරණ කොමිසම ඔහුට හිලා බවක් පා මැතිවරණ නවතා දැමු අතර, ජනාධිපතිවරණයද නවතාලිය නොහැකි තත්වයක් තුල ඔවුන්ට එය තැබීමට සිදුවූ අතර එයින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත්හ.

මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් සෘජුවම රාජපක්ෂ විරෝධීන් වන අතර ඔවුන් තබාගෙන මේ මැතිවරණ පැවැත්වීමට සිදුව ඇත්තේ නිතිය විසින් මේ හොර තක්කඩි රළට රැකවරණයක් ලබාදී ඇති බැවිනි. නීතියේ රැකවරණය යටතේ මේ ලැබී ඇති රැකවරණය ඔවුන්ගේ ස්වාධිනත්වය රැක ගැනීමට උපකාරී කර ගන්නවා වෙනුවට මෙය තමන්ට ලැබුණු විධායක බලයක් සේ සිතා කටයුතු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බව මෙරට පරමාධිපත්‍ය හිමි ජනතාව දැක තිබේ.

පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට උරුම අයිතිය ලබා නොදීම තරම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංගනය කිරීමක් අප දකින්නේ නැත. මිට පෙරද ජනතාවට රජයක් තෝරා ගැනීමට දුන් වරම අහෝසි කිරීමට මෙරට ජනතා මුදලින් නඩත්තුවෙන ආයතන කටයුතු කල අතර, මෙවරද ඒ සෙල්ලමම දමමින් කටයුතු කිරීමට සුදානම් වෙන බවක් මෙරට පරමාධිපත්‍ය විසින් නිහඬව බලාසිටී.

කොරෝනාව මැතිවරණය කල් දැමීමට ආයුධයක් කර ගැනීමට මැතිවරණ කොමිසමට කිසිදු අයිතියක් නැත. ජනාධිපතිතුමා නියම කල ආකාරයට ඒ ඒ දිනවල ඒ සිදුවීම් කිරීමට කටයුතු දීමට මැතිවරණ කොමිසම බැදී සිටි. නමුත් මැතිවරණ කොමසාරිස් සිදුකලේ නාමයෝජනා බාර්ගනිමත් සමගම තම හිතුවක්කාර කමට යටවී දින නියමයක් නැතිව මැතිවරණය කල් දැමීමය.

අප රටේ මැතිවරණ ඉතිහාසය දෙස බලන විට මේ කොරෝනාවට වඩා ඇති භයංකර LTTE  යුද්ධය පැවතුන යුගයේද මැතිවරණ පැවැත්වූ රටකි මෙය. ඊට අමතරව, LTTE යුද්ධය හා JVP  භිෂණය යන තත්වයන් දෙකම තිබෙද්දිත් මැතිවරණ තැබූ රටකි මෙය. ඊට අමතරව රටෙන් 1/3ක පාලනය අහිමිව තිබු තත්වයකදී පවා මුළු රට පුරාම මහා මැතිවරණ තැබූ රටකි මෙය. ඒවා මලකදන්  ලක්ෂ ගණනකින් යුතු තත්වයන් සමග තැබූ මැතිවරණ වන අතර මේ මිනිසුන් 7 දෙනෙක් මියගොස් සිටින කොරෝනා වසංගතය මැතිවරණයක් නොපැවැත්වීමට තරම් සාධාරණ හේතුවක් නොවේ. මෙරට පරමාධිපත්‍ය හිමි ජනතාව තවත් වරක් තමන්ට උරුම ඒ අයිතිය බොරු රැගුම්පා උදුරා ගැනීමට මැතිවරණ කොමිසමට ඉඩදීමට සුදානම් නැත. අප ඔබ කොමිසම දෙස බලාගෙනම සිටින්නෙමු. මෙරට ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදියව්! යන හඬ පතිවරණ කොමිසම වෙත මුදා හර්න්නෙමු.

2 Responses to “මැතිවරණ කොමසාරිස් සිය වගකීම ඉටුකලාද?”

  1. Lionel Says:

    මෙහෙම ලිපි ලිපි ලියන උන්ට නම් පිස්සු. එල් ටී ටී එක හා වයිරස් එකක් අතර වෙනස දන්නෙ නැති ගොබ්බයො.

  2. Vaisrawana Says:

    Take it easy, Lionel. I for one think that every word that Chandrasena Pandithage has written above is true. However, one needs to have some knowledge of Sinhala to respond to his carefully written piece of writing without feeling upset. Pandithage does understand the difference between a virus and the LTTE. What he is saying here is that the LTTE was more deadly than the Corona virus (most adult Sri Lankans who lived through those years would agree with this), and that, even though that was the case, Sri Lanka held due elections while the LTTE war was still raging. People have different opinions. What is important is whether observed facts support them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress