නිකුත් කර ඇති උපදෙස් හා විධාන ක‍්‍රියාත්මක නොකිරීම
Posted on April 28th, 2020

සමස්ත ලංකා සුවසේවා සංගමය

සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය
සෞඛ්‍ය අමාත්‍යංශය,
කොළඹ 10.

මහත්මියනි,

#කොවිඩ්- 19 #Covid- 19 වසංගතය පාලනය කිරීම සදහා නිකුත් කර ඇති උපදෙස් හා විධාන ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධවයි


#කොවිඩ්- 19 #Covid- 19 වසංගතය පාලනය සම්බන්ධයෙන් රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් වෙත 2020. 04. 12 වන දින ඔබතුමිය විසින් නිකුත් කර ඇති උපදෙස් සහ නියමයන් සහිත වැඩපිළිවෙල බදුල්ල මහ රෝහලේ ක‍්‍රියාත්මක කිරීම නතර කර ඇති බව අප සංගමයට වාර්තා වේ.

ඒ අනුව ආයතන ප‍්‍රධානීන් විිසින් රාජකාරී අවශ්‍යතාව හදුනාගෙන ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සේවා මුර අනුව සේවයට කැදවීම සිදුකල යුතු බවත්, එමගින් රෝගය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට එය පිටුවහලක් වන බවත්, පුද්ගල දුරස්ථ බව ආරක්ෂා කිරීම මූලික නියමයක් සේ සලකා කටයුතු කිරීම වැදගත් බවත් සදහන් කොට ඇත.

එහෙත් එම නියමයන් නොසලකා හැර 2020. 04. 24 දින සිට පෙර පැවති සාමාන්‍ය ක‍්‍රමයට අනුව කාර්ය මණ්ඩලය සේවයට කැදවීමට බදුල්ල රෝහල් පරිපාලනය කටයුතු කර ඇත. එම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා රෝගයට ගොදුරක් වීමේ අවධානමක් ඇති විය හැකි බව අප සංගමයේ
විශ්වාසයයි.

#කොවිඩ්- 19 #Covid- 19 වසංගතය පාලනය කිරීමට ඔබතුමිය විසින් 2020. 04. 12 දිනැතිව නිකුත් කර ඇති උපදෙස් සහති වැඩපිළිවෙල ක්‍රියාතමක නිරීම මහත් පිටුවහලක් වූ බව පෙන්වා දෙන අප සංගමය එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම වලක්වන කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන ඇති තත්වයක් තුල එසේ බදුල්ල රෝහලේ පරිපාලනය එම වැඩපිළෙි වල නතර කරීි මට කටයුතු කිරීම සම්බණ්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙසත්, වහාම එම වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
මහින්ද ගුරුගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා සුවසේවා සංගමය.

පිටපත් –
01. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා (අ.ක.ස)
02. රෝහල් අධ්‍යක්ෂතුමා – මහ රෝහල – බදුල්ල (අ.ක.ස)
03. රෝහල් සංවිධායක – මහ රෝහල – බදුල්ල (අ.ක.ස)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress