ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟට සිදුකල යුත්තේ කුමක්ද?
Posted on April 30th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

බලයට පත්වී මාස 5ක් නිමවා ඇත. සිදුවෙන ක්‍රියාවන් හා ඒවාට දක්වන ප්‍රතික්‍රියාවන් අපි දකිමින් සිටින්නෙමු. අප ජීවත්වුණා කාල පරිච්චේදය තුලදී රාජ්‍ය පාලකයෙකු මෙතරම් සංවිධානාත්මක බුද්ධිමත්ව රාජ්‍ය පාලනය සිදුකරන ආකාරයක් අපි දැක නැත්තෙමු. මෙම ක්‍රියාවලින් දකින අපි, ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ ජීවත්වෙන භාග්‍යමත්ම ජන කොට්ඨාශය වෙමු.

ජනාධිපතිතුමා, කිසිවෙකුටත් පහර ගසන්නෙත් නැත. ව්යාවස්තාව උල්ලංගනය කරන්නෙත් නැත. එතුමා සිදුකරමින් සිටින්නේ, මේ රටේ මුල් බැසගෙන ඇති ගැටළු නිරාකරණය කිරීමත්, අනාගත පරපුර යා යුතුමග සුදානම් කිරීමත්, ක්ෂණිකව මතුවෙන ගැටලු විසදීමේ කටයුතුවලට මුල් තැන දීමත් පමණි. එතුමා මේ සියලුම කාර්යයන් මෙරට සතුරන් විසින් ස්ථාපිත කොට ඇති උන්ගේ සතුරු බලකදවුරු වන ස්වාධින කොමිසන් සභා ද පවතින තත්වයක් තුලදීය. ඉතා නිහඬව සිදුකරමින් ඉදිරියට ගලා යන මේ තත්වය තුලදී කැපී පෙනෙන්නේ, කිසිදු පහරකෑමකට ලක්නොවෙන ප්‍රතිවාදීන් බුමිතෙල් වැදුන ගැරඩින්සේ කුලප්පුවී සිටිනු දක්නට ලැබීමයි.

මේ වනවිට එතුමා ඉටුකර ඇති, සෑම පියවරක්ම දෙස බලන විට මේ නිර්මාණය වෙමින් පවතින්නේ, මෙරට ජනතාව කිසිදා අපේක්ෂා නොකට ආකාරයේ මනරම්, සිතීමේ නිදහස ඇති ඇති සුන්දර දේශයක් බව අපි දකින්නෙමු. එතුමාට මේ සියලුම කාර්යයන් සිදුකරගෙන යාම සඳහා, මෙරට ජනතාවගේ මෙන්ම, අපට නොපෙනෙන සියලු බලවේගයන්ගේද නොමද සහය ලැබෙන බවද අපි දකිමින් සිටින්නෙමු.

එතුමා විසින් ගොඩනගන් මේ රාජ්‍යයේ තිබිය යුතු ඉතාම වැදගත් අංශයක් සම්බන්ධව සාකච්චා කිරීමේ අරමුණින් මේ ලිපිය ලිවිම ආරම්භ කලෙමි. මේ අපි යෝජනා කරන්නේ, කෙදිනක හෝ මේ ලෝකයේ සිදුවන සමාජ පරිවර්තනයක් දැන්ම අප රටතුලට ආදේශ කරගැනීම තුලින් අප රටට ලබාගත හැකි පල ප්‍රයෝජන රාශියක් සම්බන්ධව කතා කිරීමයි.

මේ ලෝකයේ මුදල් නෝට්ටු භාවිතාව සම්පුර්නයෙන්ම අවලන්ගුවී. ඒ වෙනුවට ඒ රාජ්‍යයේ මහා බැංකුව විසින් සාම පුරවැසියෙකුටම බැංකු ගිණුමක් හා ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරු කරන කාඩ්පතක් නිකුත්කිරීම අනිවාර්යෙන්ම සිදුවන ක්‍රියාවලියකි. මෙය සමහරු Electronic Financial  System ලෙස හදුන්වන අතර තවත් සමහරු Digital Financial System ලෙසද හදුන්වයි.

මේ වනවිට ලෝකයේ එම කාර්ය සිදුකිරීමට පහසුකම් ඇතත්, ලෝක මට්ටමින් එම කාර්යය සෘජුවම එරට මහා බැංකුව මගින් සිදුකරමින් මධ්‍යගත කළමනාකාරිත්වයකින් යුතුව සිදුකිරීම කිසිදු රටක ආරම්භ කර නැත. නමුත් මිට සමාන ආකාරයෙන් පෞද්ගලික බැංකු මගින් ඉතා දියුණු මට්ටමක් සිදුකරන බවක් අපි දැක ඇත්තෙමු.

අපි රජයට යෝජනා කරනුයේ, මුළු රටේම මුදල් සංසරණය නුතන තාක්ෂනය උපයෝගීකරගෙන මධ්‍යගත කරන ලෙසයි. මේ අනුව රටේ සියලුම වයස 15 ඉක්මවූ පුරවැසියෙකුටම ශ්‍රී ලංකා මහා බැංකුව හෝ ඒ හා සම්බන්ධිත මධ්‍යස්ථානයකින් බැංකු ගිණුමක් හා ඉලෙක්ත්රොනික් කාඩ්පතක් නිකුත්කළ යුතුය. මෙහි ගිණුම් අංකය ඒ ඒ පුද්ගලයාගේ, අංකය හා   වඩාත් හොදය.

1. දැන් මෙය නිකුත් කල වහාම රටේ මිනිසුන් තමන් සතු මුදල් නෝට්ටු හා කාසි බැංකුවට ගෙනත්දී, තම තමන්ගේ ගිණුමට බැරකර ගත යුතුය.

2. මේ ක්‍රියාවලියත් සමග මුළු රටේම සඟවා ඇති සියලුම මුදල් බැංකුව වෙත ගලාවිත් බැංකුව මුළු රටේම මුදල් ඇති pool එකක් බවට පත්වේ. මෙහි කළමනාකාරිත්වය ස්ර්ල් ලංකා මහා බැංකුව සතුව ඇති බැවින්, මුළු රටේම මුදල් ඇත්තන් හා නැත්තන් සම්බන්ධව මනා අවබෝධයක් රජයට ලැබේ.

3.මුදල් නැති ගිණුම් තිබේ නම් ඒවාට මුදල් දැමීමට රජයට හැකිය. පඩි මුදල් සෘජුවම මේ ගිණුම් වලට රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශ වලටද දැමිය හැක.

4. මෙවර ජනතාවට රු.5000/= මුදල ලබාදීම කල වෙහෙසීම සිදු කිරීමට රජයට කොහෙත්ම සිදුවෙන්නේ නැත. සිදුකල යුත්තේ මහා බැංකුව විසින් ඉතා මුදල් අඩු ගිණුම් වලට එම මුදල තැන්පත් කිරීම පමණි.

කෙසේ නමුත් මෙම ක්‍රමය කවදාක හෝ මේ රටේ ක්‍රියාත්මක වෙන බව දන්නා බැවින් මෙය ඉදිරිපත් කලේ මෙවැන්නක් ගැන සිතා බැලීමට හෝ මනසක් ඇති ප්‍රබල රාජ්‍ය නායකයකු දැන් අපට ලැබී ඇති බැවිනි. මේ සම්බන්ධව සියලු දෙනාගේම අවධානය යොමුවේවා!යි පතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress