සිය පරමාධිපත්‍යය තහවුරු වනු දැකීම ජනතා පැතුමයි
Posted on May 10th, 2020

ගෙවිඳු කුමාරතුංග සභාපති – යුතුකම

සජිත් ප්‍රේමදාස මහතා ගේ සමඟි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඞාර, පා. ච. රණවක, වික්ටර් අයිවන්, ආචර් ය පාක්‍යසෝති සරවනමුත්තු, ජනාධිපති නීතිඥ එම්. සුමන්දරන් ආදි වශයෙන් විජාතික වුවවමනාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයන්හි නායකයන් හා එන්.ජී.ඕ. කප්පිතන් මැතිවරණ අවලංගු කරන ලෙසත් පාර්ලිමේන්තුව විසුරුවීම බල රහිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත. මේ සියලු කොටස් කී කරුණු, දුන් පොරොන්දු, කළ ඉල්ලීම් සියල්ල 69 ලක්ෂයකට වැඩි ජනතාවක් ප්‍රතික්ෂේප කර තිබිය දී කරන මේ ඉල්ලීමෙහි අර් ථය කුමක් ද?  ජනයා ගේ  අකැමැත්ත නොතකා  තමන්ව පිළිගන්නට බලකරන ලෙස, තමන්ට යටත්වීමට  බල කරන ලෙස  ඉල්ලා සිටීමක් හැර අන් කුමක් ද?

පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බවට ද තර් ක මතු කරනු පෙනේ. එහෙත් ‘මෙන්න මිනී මරාගෙන 2/3ක ගන්න යනවෝ’ යයි කරන කෑගැසීමෙන් ම මහාමැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව, 69 ලක්ෂයක විශ්වාසය, කැමැත්ත  තවදුරටත් යහවුරු   වී ඇති බව කවුරුත් පිළිගන්නා බව පැහැදිලි ය. රටට හතුරු බලවේග අධිකරණයෙන් මේ ඉල්ලා සිටින්නේ ඒ කැමැත්තට, විශ්වාසයට,  ආදරයට ඉඩ නොදෙන ලෙස ය. අතිනූතන ලෙස, නව  පරපුරු ලෙස පෙනී සිටීමට තැත් කළ මේ විජාතික එන.ජී.ඕ. කොටස් කරන මේ ඉල්ලීම සම කළ හැක්කේ කොරෝනා වසංගතය හමුවේ විවාහෝත්සව පැවැත්වීම අනතුරුදායක බැවින් තමන් විසින් නැවත නැවතත් රැවටීම නිසා, විනාශයෙන් විනාශයට පත් කිරීම නිසා භාර් යාව ලබාගත් දික්කසාදය වහා ම අවලංගු කර ඇය ගේ අකැමැත්ත, අප්‍රසාදය, පිළිකුල කිසිචක් නොකතා තමන් සමඟ ම  ජීවත්වීමට ඇයට බල කරන ලෙස අචීර් ණකල්පික, අවිනීත, ගොරහැඩියකු අධිකරණයෙන් කරන ඉල්ලීමකට ය.

පරමාධිපත්‍ය බලය හිමිව ඇත්තේ ජනතාවට ය. ඒ ජනතාව ගෙන් අතිබහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේ දී ‘ජනතාවට වගකියන ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණයක්’  සඳහා ද සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. එ වැනි අවස්ථාවක ව්යවස්ථාවේ වගන්ති මත කෙරෙන කෙස්පැලෙන තර් ක මත ජනයා ගේ කැමැත්ත, අභිලාශය, පරමාධිපත්‍ය  යටපත් කිරීම කළ හැකි ද? ජනයා ගේ කැමැත්ත ඉතා පැභැදිලි ලෙස ප්‍රකාශයට පත් ව ඇති අවස්ථාවක අධිකරණයේ යුතුකම වනු ඇත්තේ ජනතා පරමාධිපත්‍ය වඩාත් අර් ථගැන්වෙන සේ කටයුතු කිරීම ය. නීතිය මඟින් යුක්තිය තහචුරු කිරීම ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress