Today, we commemorate one of the most significant milestones in Sri Lankan history,මිට වසර 11 කට පෙර අද වැනි දිනයක ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් ලෙස ජයග්‍රාහී සන්ධිස්ථානයක් පසු කළේය
Posted on May 18th, 2020
Mahinda Rajapaksa
Today, we commemorate one of the most significant milestones in Sri Lankan history, where 11 years ago we witnessed an end to the constant fear of death, terror and bloodshed. The courage of our brave and heroic soldiers ended the bloodshed that soaked our soil for decades. Thousands sacrificed their lives to end the terror that ravaged our land for over three decades. Today, once again, our brave war heroes have joined hands with the frontline health care professionals to heal our nation that’s grappling with the COVID-19 global pandemic. Today, I remember our war heroes with gratitude and utmost respect. They saved our nation from decades of terror in the past and is today working tirelessly to protect us and save our lives from a global pandemic. As we look to the past to appreciate and remember with gratitude the sacrifices made by our war heroes and their beloved families, I also look towards the future to join hands to re-build a prosperous nation together with you.
මිට වසර 11 කට පෙර අද වැනි දිනයක ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් ලෙස ජයග්‍රාහී සන්ධිස්ථානයක් පසු කළේය. එනම් ශ්‍රී ලංකාවාසී සැවොම මරණය නමැති භීතියෙන් ඇලලී ගිය තිස් අවුරුදු සාපලත් යුද්ධය අභීත විරෝධාර රණවිරුවන් විසින් අවසන් කිරීමය. අපගේ විරෝධාර රණවිරුවන් දහස් ගණනින් සිය ජිවිත පුජා කරමින් මව්බිම ලෙයින් තෙත් කළ යුද්ධයට තිත තැබුවේ සිය නිර්භීත කම හා දක්ෂකම ලොවටම විදහා පාමින්ය. එදා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අභය දානය ලබා දුන් විරෝධාර රණවිරුවන් අද සුව විරුවන් සමග එක්වෙමින් කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිම කරමින් පවතින්නේ ලොවම මවිත කරවමිනි. තිස් අවුරුදු සාපලත් යුද්ධයෙන් රට මුදා ගැනීමට සිය දිවි කැප කළ විරෝධාර රණවිරුවන් අභිමානයෙන් යුතුව මා සිහි කරන අතරවාරයේම අද කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමට උරදී ඇති සියලුම රණවිරුවන්ට මා ස්තුතිවන්ත වන අතර අනාගතයේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ඔබගේ දායකත්වය රටක් ලෙස අපි සැම අපේක්ෂා කරන්නෙමු.