කොවිඩ්- 19 හේතුවෙන් ආයතනය හා සේවකයින් මුහුණ පා ඇති ගැටලූ සඳහා විසඳුම් සෙවීමට පොදු යාන්තණ‍්‍රයක් සකස් කිරීම.
Posted on May 27th, 2020

සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.

සභාපති,
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය,
කොළඹ.

සභාපතිතුමනි,

#කොවිඩ්- 19 #Covid- 19 හේතුවෙන් ආයතනය හා සේවකයින් මුහුණ පා ඇති ගැටලූ සඳහා විසඳුම් සෙවීමට පොදු යාන්තණ‍්‍රයක් සකස් කිරීම.


#කොවිඩ්- 19 #Covid- 19 වසංගතය හේතුවෙන් වරාය හමුවේ ඇති අභියෝග ජය ගැනීමටත් ඉන් පැනනගින සේවක ගැටලූවලට හා සේවාලාභීන්ගේ ගැටලූවලට සාර්ථකව මුහුණ දීම සඳහා පොදු යාන්ත‍්‍රණයක් සකස්කරන ලෙස ආරම්භයේදීම අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමුත් මේ දක්වා එවැනි යාන්ත‍්‍රණයක් වරාය තුල සැකසී නැත.

කරුණු එසේ තිබියදී පාලනාධිකාරීය විසින් විටින්විට ගනුලබන එකිනෙකට පරස්පර තීරණ හේතුවෙන් විශේෂයෙන් වරාය සේවකයා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

එහි ආසන්නතම ගැටලූව 2020/05/18 දින වඅධි/ප‍්‍ර01/විවිධ/2020 යටතේ කළමණාකාර අධ්‍යක්‍ෂකතුමා විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛය පෙන්වා දිය හැක.  
එමගින් 2020/05/18 දින සිට වරාය සේවා කටයුතු හා සේවයට පැමිණීම සාමාන්‍ය තත්වයට පත්කර ඇත.

එම චක‍්‍රලේඛයයේ පවතින අඩුපාඩු දක්වා අප විසන් 2020/05/22 දිනැතිව යොමු කරන ලද ලිපියට ප‍්‍රතිචාර ලෙස එදිනම උප සභාපතිතුමා විසින් එම චක‍්‍රලේඛයට වැඩිමනත් ලෙස දන්වමින් 2020/05/22 දින වඅධි/ප‍්‍ර01/ විවිධ /2020 යටතේ නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

එමගින් සේවාමුර සඳහා නොපැමිණෙන සේවකයින් තම පුද්ගලික නිවාඩු දැමිය යුතු බව දන්වා ඇත. එම චක‍්‍රලේඛය ප‍්‍රකාරව අංශ ප‍්‍රධානීන් විසන් 2020. 05. 18 සිට සේවයට වාර්තා කර නැති සේවකයින්ට පුද්ගලික නිවාඩු වාර්තා කරන ලෙස දන්වා ඇත.  

ජීවත අවධානම නොතකමින් පොදු ප‍්‍රවාහන සේවාවන් ක‍්‍රියාත්මක නොවන වටපිටාවක වරාය සේවකයින් සැලකිය යුතු පිරිසක් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ දක්වා තම සේවය ලබා දෙමින් ඇත.

කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකව පවතින තත්වයන් තුල පුද්ගලික වාහන යොදා ගනිමින් සේවයට පැමිණ කැපවීමෙන් යුතුව සේවකයින් මෙතෙක් කරන ලද සේවාව නොසලකා සේවා මුරයට නොපැමිණෙන සේවකයින්ගේ පුද්ගලික නිවාඩු අඩුකිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය හේතුවෙන් සේවකයින් දැඩි කණස්සල්ලට පත්ව ඇත.

එසේම එම චක‍්‍රලේඛය මගින් මේ දක්වා සේවයට වාර්තා කර නොමැති සේ්වකයින් සම්බන්ධයෙන් කිසිවක් සඳහන්කර නැත.  

කරුණු එසේ හෙයින් ඇඳිරි නීති තත්වය ඉවත්කර පොදු ප‍්‍රවාහන පහසුකම් නිසිපරිදි ක‍්‍රියාත්මක වන තෙක් වරාය සේවකයින්ගේ සේවයට පැමිණීම රජයේ නවාඩු දින සේ සලකා කටයුතු කර 2020/05/22 දිනැතිව වඅධි/ප‍්‍ර01/විවිධ/2020 චක‍්‍රලේඛය අහෝසිකරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.  

තවද අප විසින් පූර්වයෙන් ඉල්ලා සිටි හා නැවත මෙම ලිපිය මගින් දන්වා ඇති පොදු යාන්ත‍්‍රණයක් සකස් කර අපද එහි කොටස්කරුවන් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.  

ස්තූතියි.  

මෙයට විධායක සභාව වෙනුවෙන්

චනද්‍ර්සිරි මහගමගේ
ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress