කුරුනෑගල රාජ සභාව
Posted on July 18th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

බුවනෙකබා මහා රජතුමා ඉදිකළ කුරුනෑගල රාජ සැබෑ මන්දිරය පොලොවට සමතලා කර ඇත. මෙය මේ දිනවල දේශපාලන වේදිකාවේ රඟ දෙන අලුත්ම නාටකයයි. මේ නාටකයේ ප්‍රධාන නළුවා  බවට පැහැදිලිවම දකින්නේ, කුරුනෑගල නගරාධිපතිවරයායි.මේ නගරාධිපතිවරයා, මේ මහා මැතිවරණ සමයේ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරන කුරුනෑගල ආසනයේ, ඉතා පුරානයයි සලකෙන බුවනෙකබා රාජ සමයට අයත් රාජ සභා ගොඩනැගිල්ල හදිසියේම බිමට පතිත කර ඇත.

මේ ක්‍රියාව සිදුකල කාලය හා දේශය අපට කියාපාන්නේ, කුරුනෑගල නගරාධිපතිතුමා මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය අරමුණු කරගෙන සිදුකල  ක්‍රියාවක් බවයි. මේ ක්‍රියාව අපට මතක් කර දෙන්නේ, 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය අරමුණු කරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීම වේදිකාව විනාශ කල මුතුහෙට්ටිගමගේ ක්‍රියාවයි. ඔහු මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාව විනාශ කොට එම කාර්ය සඳහා අත් අඩංගුවට ගත් පුද්ගලයින්ව පොලිසියට පැන බලෙන් මුදා ගෙන, එවකට තිබුණු මහින්ද රාජපක්ෂ පාලනයට විශාල අපකීර්තියක් ලබාදී, එම මැතිවරණයට පෙර වහ වහා සිංගප්පුරුවට ගොස් යලි පැමිණ, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සිදුකරමින්, මැතිවරණයෙන් පසු මෛත්‍රිපාල රජයේ කොටස් කරුවෙකු වී යහපාලන රජයත් සමග හොදින් ජිවත් වුහ.

දැන් කුරුනෑගල නගරාධිපතිතුමාට තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට දුන් අවමානය වෙනුවෙන් ලැබෙන දේ ලබා ගැනීමට සිංගප්පුරුවට යා නොහැක. ඒ කොරෝනා වයිරසයේ බලපෑම නිසාය. නමුත් ඔහුට ඒ සඳහා සතුරු බල මුළුවලින් ප්‍රතිපාදන උරුම විය යුතුය.ඒ මහින්ද රාජපක්ෂයන්ට පහර දීමට කරුණු නැතිව අතරමන්ව සිටිය සතුරන්ට තම මැතිවරණ වේදිකාවට ප්‍රධාන මාතෘකාවක් නිර්මාණය කරදීම නිසාය.

දැන් රාජසභා මන්දිරය බිමහෙලා හමාරය. එය බිමට සමතලා කර නැත. කිසිදු දෙයක් ඉවත් කරගෙනද නැත. මෙය රාජසභා මන්දිරය නොවන බව, එය බිඳ හෙලු නගරාධිපති කියයි. මෙය තුල ගණිකා නිවාස මත්පැන් ජාවාරම ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවත්, එය නැවැත්වීමට මෙය සිදුකල බවත් නගරාධිපතිතුමා කියා සිටි.වර්ෂ 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන්,බලය ලබාගෙන පැමිණි මේ නගර සභාපති ඇතුළු කණ්ඩායම, මේ හේතුන් නිසා මේ ගොඩනැගිල්ල කඩා බිම දැමුවා නම්, එය කිරීමට තිබුනේ, මිට පෙරය.

කෙසේ හෝ සතුරන් රාජසභා ගොඩනැගිල්ල යයි කියන ගොඩනැගිල්ල නගරාධිපති කියන ආකාරයට මත්පැන්, ගණිකා නිවාස, ගබ්සා ආයතන පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක නම,මේ සුන්බුන් අතර, එම ආයතන වලට අයත් ගෘහ භාණ්ඩ හා බිම බෝතල්ද තිබිය යුතුය. නමුත් මේ සුන්බුන් අතර එවැනි ගෘහභාණ්ඩ දක්නට නොලැබේ. ඉන්පෙනි යන්නේ, මේ කඩා දමා ඇත්තේ එවැනි තත්වයක් පවත්වාගෙන යමින් සිටි ගොඩනැගිල්ලක් නොවන බවත්, එම තත්වයෙන් මුදවාගත් ගොඩනැගිල්ලක් බව, අපට උපකල්පනය කිරීමට සිදුවේ.

දැන් මේ ගොඩනැගිල්ල කඩා දමා ඇත්තේ සෘජුවම නගරාධිපතිතුමා බව පැහැදිලිය. එය එතුමාද පිළිගනී. කුරුනෑගල නගරයේ පළමු පුරවැසියා වන එතුමා, ආදර්ශමත් බුද්ධිමත් පුද්ගලයෙකු විය යුතුය. ගොඩ නැගිල්ලක් කඩා ඉවත්කරන තාක්ෂණයක්, ක්‍රමවේදයක් ඇත. මේ ගොඩනැගිල්ල කඩා දැමීමේ ක්‍රමවේදය ඒ තාක්ෂණයට පටහැනි ක්‍රමවේදයකි. උලු කැට ගැලවීමෙන් ආරම්භ කර පියවරින් පියවර යා යුතු ඒ ක්‍රමවේදයට එරෙහිව යමින් මේ ක්‍රම වේදය සිදුකිරීම තුලින් ජනතා අවධානය මේ වෙත ලඟා වන්නේ ඉතා වේදනාකාරී අන්දමනි. එසේ කර ඇත්තේ ජනතා කෝපය උද්දීපනය කිරීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය.මේ ජනතා කෝපය අවසානයේදී ගලා යන්නේ මහා මැතිවරණයට තරඟ වදින මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගෙන බවද ඉතා පැහැදිලිය.

මේ රටේ හා විදේශයන්හි මහා පරිමාවේ ඉඳීකිරීම්  කටයුතු සිදුකර ඇති අප තුල ඇති දැනුමට අනුව, මේ කඩාබිඳ දමා ඇති ගොඩනැගිල්ලේ දක්නට ඇත්තේ රජකාලයේ නිර්මාණිත ගඩොල් නොවන බවක් චායාරුප වලින් දිස්වේ. එම නිසා මේ බිත්ති කැබැල්ලක් ගෙන එම ගොඩනැගිල්ලේ ආයුෂ කොපමණදැයි නිර්ණය කිරීම සඳහා විශේෂඥයකු ගේ උපදෙස් ගෙන මෙය සැබෑ රාජ සභා ගොදනගිල්ලක්දයි නිර්ණය කල යුතුය. එය රාජසභා ගොඩනැගිල්ලක් නොවුනද මේ කල ක්‍රියාව දේශපාලන කුමන්ත්‍රණයක පලයක් ලෙස දකින අපි, මේ සම්බන්ධව විදිමත් පරීක්ෂණයක් සිදුකොට චුදිතයින්ට දඬුවම් කල යුතුයයි කියා සිටිමු.

මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවුවානම්, කුරුනෑගල නගර සභාවේ සියලුම මහජන නියෝජිතයින් දැනගෙන සිටිය යුතුමය. එසේ නොවන්නේ නම් එය නගරාධිපතිතුමාගේ කුමන්ත්‍රණයක් පලයක් වන අතර, එසේ කරන බව සියලුම මහජන නියෝජිතයින් දන සිටියා නම, දැන් මෙතනට රැස්වී විරෝධය පාන දේශපාලන පක්ෂද මේ කුමන්ත්‍රණයේ කොටස් කරුවන් බව විද්‍යාමාන වේ..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress