විදුලි බලය නිදහස්ව ලබමු.
Posted on July 26th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

කඩා බිඳ දමා ඇති මේ රට ලෝකයේ ධනවත් හා බලවත් රාජ්‍යක් බවට නැගී සිටීමට අවශ්‍ය වන්නේ බලයයි. මේ රටේ සියලුම ජන කොටස් වලට අවශ්‍ය තරම් බලය ලබාදෙන්නේ කෙසේද? ඒ සඳහා සැලසුම් කල යුත්තේ කුමන ආකාරයටද යන්න අපි සාකච්චා කරමු.

මේ රටේ මිනිසුන්ට විදුලි බලය නොමිලේ ලැබෙන්නේ නම් කුමක් වේවිද? එය එසේ කල හැකිද?

රට සංවර්ධනයට අනිවාර්යෙන්ම විදුලිබලය තව තවත් නිෂ්පාදනය කල යුතුය. විදුලිබල ව්‍යාපෘතියකට  රජයට දරන්න යන පිරිවැය ඇති විශාල බැවින් ඒ කටයුත්ත ජනතාවම සිදු කරගන්නවා නම් එය රජයට ඉතා පහසු කටයුත්තකි.

දැන් අපි කතා කරන්නේ, මිනිසුන්ට නොමිලයේ විදුලිය ලැබෙන, රජයට සතයක්වත් වියදම් නොවෙන විදුලි බල උත්පාදන ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද යන්නයි.

1.පළමුව කොලොඹට ආසන්න, ග්‍රාම සේවා වසමක් තෝරාගෙන, ඒ අයට ඉතාමත් අඩු පොලියට 4%ක වගේ පොලියකට සෑම  නිවසකටම සුර්ය කෝෂ සවිකර ගැනීමට නය පහසුකම් ලබාදීම විශේෂිත ක්‍රමයකට ආරම්භ කල යුතුය.

2.තමන් පාවිච්චි කරන විදුලියට වඩා නිපදවන විදුලිය රජය මිලදී ගැනීමට සුදානම් බවද ජනතාවට දැන්විය යුතුය.

ග්‍රාමසේවා වසමක සාමාන්‍ය වශයෙන්, නිවාස 500කට ආසන්න සංඛ්‍යාවක් තිබේ. නිවසකට අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම සඳහා විදුලි බල පාරිභෝජනය අනුව, රුපියල් ලක්ෂ 4 සිට ලක්ෂ 8 දක්වා මුදලකින් එක නිවසකට සුර්ය කෝෂ ස්විකිර්මේ කටයුතු කල හැක. මේ අනුව නිවාස 500ක් සඳහා උපරිම වශයෙන්,ලක්ෂ 4000ක් මුදලකින් එක ග්‍රාමසේවා වසමක විදුලි අවශ්‍යතාවය සම්පුර කල හැක. ඒ සඳහා සාදාරන පොලියක් මත බැංකු ණයක් මුදා හරිය විට අපිට එක මාසයකින් සුර්ය කෝෂ වලින් පණ ලබන ග්‍රාමසේවා වසමක් නිර්මාණය කල හැක.

මේ ජනතාවට තමන් විදුලි බලය සඳහා යන වියදම හා අමතරව විදුලිය විකිණීමෙන් ලැබෙන මුදල් බැංකු ණය ගෙවීම සඳහා යෙදවූ විට වසර 5කින් බැංකු නය පියවිය හැකිය.ඇත්ත වශයෙන්ම තමන් බැංකු නායක ගෙව්වද තමන් විදුලි බිලක් නොගෙවන බැවින් මෙය අමතර බරක් ලෙස බලපාන්නේ නැත. වසර 5කින් පසු තමන් ට ගෙවීමට බැංකු නායක නැති බැවින්, එයින් නිදහස් වන පාරිභෝගිකයාට තමන් අමතරව විදුලි බට මණ්ඩලයට විකිණීමෙන් ලැබෙන මුදල නිසා. විදුලි බල උත්පාදනයෙන් මුදල් උපයන්නෙක්ද බවට පත්වේ.සුර්ය කෝෂ සඳහා අවුරුදු 20ක වගකීමක් පාරිභෝගිකයාට ලැබෙන තවත් වාසියකි.

මෙම ක්‍රමය ප්‍රචලිත කිරීමෙන් රජයට විදුලි බලය උත්පාදනය කිරීම සඳහා නොරොච්චෝලේ වැනි විදුලි බලාගාර ඉදිකිරීමට මුදල් වය කිරීමට සිදු නොවේ,

එකම ගැටලුව වන්නේ මේ ක්‍රමයට එරෙහි බලවේග විදුලි බල මණ්ඩලය තුල ක්‍රියාත්මකව, මේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට බලපෑම කිරීමට ඇති ඉඩ කඩයි.

විදුලි බලය නොමිලයේ ලබන යුගයකට පා තබමු!


One Response to “විදුලි බලය නිදහස්ව ලබමු.”

  1. dhane Says:

    චන්ද්‍රසේන පණ්ඩිතගේ your proposal of solar panel is ideal. In Australia this system started few years back. Australian Government pay back major part of the solar panel cost. Balance paid by the home owner. Sri Lanka is having costal belt right round the country. Thereby wind power is another way to produce low cost electricity. Both Solar and wind power does not required any raw materials and no way to make money regularly by commission. I think it is the main reason both Politicians and CEB high rankers not interest to implement these projects.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress