ආනන්දයෙන් බිහි වු දැයට ණය නැති විශිෂ්ඨ රණවිරුවා.
Posted on August 4th, 2020

බි‍්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී. හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි

මේ සතියේ මැතිවරණ වේදිකාවල වැඩියෙන්ම අපට අහන්නට ලැබෙන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් නියත වශයෙන්ම අවසන් කරන ලද තිස් වසරක ඊළාම් යුද්ධය ගැනයි.

ශ‍්‍රී ලංකා ඡුන්ද සටන් බිමේ අලූතෙන්ම දකින්න ලැබෙන්නේ ඊලාම් යුධ ජයග‍්‍රහණයේ ගෞරවය තමන්ට පමණක් ලබා ගැනීමට විවිධ පක්‍ෂ දරණ ආත්මාර්ථකාමී ප‍්‍රයත්නයයිx ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යැයි කියමින් ගෝඨාභයගේ යුධ මෙහෙයුම අවතක්සේරුවට ලක් කළ නායකයෝ දැන් එ් යුද්ධය දින්නේ තමන් යැයි කියන්නට හාස්‍යජනක උත්සහයක යෙදෙති.

මේ අන්දමට මහින්ද රාජපක්‍ෂ රජය විසින් නිමා කරන ලද යුද්ධ ජයග‍්‍රහණයේ ගෞරවය තමුසෙලාට නොව අපටයි කියමින් ආණ්ඩු පක්‍ෂයත් විරුද්ධ පක්‍ෂයත් සරම් කැසපට නවා ගෙන අත් මිටි මොලවා ගෙන එකිනෙකාට පරිභව කරමින් මැතිවරණ වේදිකා දෙවනත් කර ගද්දී ඊළාම් යුද්ධය නිමා කිරීමේ පූර්ණ ගෞරවය හිමි විය යුතු අත් පා අහිමි වූ, ඇස් අන්ධ වූ ති‍්‍රවිධ හමුදාවේ සාමාන්‍ය සෙබළා හා සෙබළිය අද කාගේවත් පිළිසරණක් නොමැතිකම නිසා අගු මුලූ වල වැටී අනන්්ත අප‍්‍රමාණ දුක් විඳිති.

මැතිවරණ වේදිකාවල දී මේ දිනවල යහපාලනයට විරුද්ධව නගන විශාලතම චෝදනාව රණවිරු දඩයමයිx මැතිවරණය දිනු වහාම නිකරුණේ සිරගත කොට සිටින රණවිරුවන් සියල්ලම නිදහස් කරන බවට ගෝඨාභය මහතා ප‍්‍රතිඥා දෙයිx මෙය අගනා පොරොන්දුවකි.

යහපාලන රජයේ අගමැති රනිල්ට හා සජිත් පේ‍්‍රමදාස ඇතුඵ ඇමති මන්ඩලයට යුද්ධය ඇත්තටම දිනා දුන් සාමාන්‍ය සෙබළාගේ දුක් සෝ සුසුම් පෙනුනේ නැත. ඔවුන්ට අවශ්‍ය වුයේ දෙමළ ඩයස්පොරාවත්, ්පබැිඑහ ෂබඑැරබ්එසදබ්කල ්‍යමප්බ ඍසටයඑි උ්එජය වැනි සිංහල විරෝධී භගඨගධග කාරයින් සතුටු කිරීමටය. යුධ හමුදා භටයින්ට විරුද්ධව මිනිස් ඝාතන චෝදනා ඇත්නම් වහාම අපට පැමිණිලි කරන්නයි කියමින් ඩයස්පෝරාවට ආයාචනා කරමින් යහපාලයේ ආරක්ෂක ලේකම්වරයා අපේ යුධ හමුදාවට විරුද්ධව ප‍්‍රසිද්ධියේ අවි අමෝරා ගත් අන්දම අපි කෙසේ අමතක කරන්නද? 2015 දී නව ජනාධිපති වශයෙන් දිවුරුම් දුන් මෛති‍්‍රපාල සිරිසේන මහතා සරත් ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාෂල් ධූරයට උසස් කරමින් ඒ මහතාට නිසි ඉහළම ගෞරවය හිම් කළේය.

රාජපක්ෂ යුගයේ සිදුවන බරපතල අසාධාරනයක් නිවැරදි කොට ෆොන්සේකා මහතාට හමුදාවේ උසස්ම නිලය ලබාදීම ගැන එම දිනවල මුලූ ජාතියේම ප‍්‍රනාමය ජනාධිපතිතුමාට හිමි විය. අවාසනාවකට යහපාලන රජයේ අගමැතිවරයා විසින් ජිනවා මානව කොමිසම හා විදේශ භගඨගධ ආයතන සතුටු කිරීම සඳහා යුද්ධය දිනා ගැනීමට දායක වූ මධ්‍යම පෙළේ යුධ හමුදා නිලධාරීන් විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නා ලදී

අන්තිමේ දී ඊළාම් යුද්ධයේ ජයග‍්‍රහණයට අතිශයින්ම දායක වූ එවකට නාවික හමුදාපති වූ මගේ ආනන්ද බෝඩිමේ සගයා වසන්ත කරන්නගොඩ තවත් බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට මංගල - රනිල් යුගළය කැසපට ගසමින් සිටි බව කවුරුත් දන්නා රහසකි. අන්තිමේ දී ඊළාම් යුද්ධයේ ජයග‍්‍රහණයට අතිශයින්ම දායක වූ කරන්නගොඩ තවත් බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට මංගල - රනිල් යුගළය කැසපට ගසමින් සිටින බව පසුගිය වසර මැද දී ආරංචි වී මම මහත් සංවේගයට පත් වුණෙමි.

මම වහාම ඔහුට ටෙලිෆෝන් කළෙමි. ”ඔව් දෙව්සිරි ඒ කතාව ඇත්ත. එයාලා මාව දෙසැරයක්ම ඇරස්ට් කරන්න ඔන්න මෙන්න කියලා තිබුණේ. නමුත් වාසනාවට ජනාධිපතිතුමාට තේරුණා මේ ඔක්කොම බොරු චෝදනා කියලා. එතුමා වහාම නියෝග කළා මට අත තියන්න එපා කියලා.” ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේකන මහතා එදා අවස්ථානුකූලව මැදිහත් නොවූයේ නම් ති‍්‍රවිධ හමුදාපතිවරු දෙදෙනෙකුම නිරපරාදේ සිරගත කළ කෙළෙහි ගුණ නොදන්නා රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට අපකීර්තිමත් වාර්තාවක් හිමිවීමට එදා හොඳාකාරවම ඉඩ තිබුණි.

හිටපු ජනාධිපතිතුමා එතැනින් නැවතුණේ නැත. වසන්ත කරන්නාගොඩට යහපාලනය විසින් කරන්නට ගිය බරපතළ අවමානයට වන්දි ගෙවීමක් වශයෙන් හා යුධ සමයේ අපේ රටට සිදු කළ උත්තරීතර සේවයට ගෞරවයක් වශයෙන් වසන්තට නාවික හමුදාවේ දිය හැකි ඉහළතම ගෞරවය වූ පදවිය පිරි නැමීමට ද එතුමා අමතක කළේ නැතx යුධ ජයට ගුවන් හමුදා නායකත්වය සැපයූ රොෂාන් ගුණතිලක මහතාට ඵ්රීයැක දෙ එයැ ්සරදෙරජැ අධි ගෞරව උසස්වීම පිරි නැමූ ගරු ජනාධිපතිතුමා තවත් ඉහළ හමුදා නිළධාරීන් ගණනාවකටම උසස්වීම් ලබා දෙමින් නොබෝදා ජනතාවගේ මහත් ගෞරවයට හා ආදරයට පාත‍්‍ර විය.

මගේ පාසැල් මිතුරන් දෙදෙනෙකුටම ඔවුනට නිසි උසස් ගෞරව ඡුරදපදඑසදබ පදවි පුද කළ දේශපාලන විරසකයක් නිසා තවත් මගේ පාසල් මිතුරෙකු හා අති විශිෂ්ඨ සෙන්පතියෙකු මේ කියන මිත‍්‍රයා ආනන්දයේ පාපන්දු කණ්ඩායමේ නායකයා වූවා පමණක් නොව කි‍්‍රකට්, හොකී, බැඞ්මින්ටන්, ටෙනිස් වැනි කී‍්‍රඩා වලින් ද පාසැලට ඉහළම ගෞරවය අත් කර දුන්නෙකිx ආනන්දයේ විශිෂ්ඨ ශිෂ්‍ය විධායකය වූ මෙම මිත‍්‍රයා බෞද්ධ සංගමය, සාහිත්‍ය සංගමය, කථික සංගමය, විද්‍යා සංගමය වැනි සංගම් වල නිලතල ද දැරීයx පුංචි කාලයේ සිටම ඔහු මා සමඟ කථා කළේ රටේ දුප්පත්කම නැති කරන විදි ගැනයx නැති බැරි අයට පිහිට විය හැකි අන්දම ගැනයx අයුක්තිය අසාධාරණයට එරෙහිව එවකට විදුහල්පති රාජපක්ෂ මහතා සමග නිබයව වාද කිරීමට ඔහු කිසිසේත් පැකිඵනේ නැන’ ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත යනුවෙන් අලගියවන්න මුකවැටි කවියා ලියු කථාව බොරු කළේ මෙම විශිෂ්ඨ ආනන්දියාය’ පාසැලේ මලල ක‍්‍රීඩා කන්ඩායමේ ද නායකයා වු ඔහු පුහුණුව අතර විවේක කාලවලදී කැම්බල් පිට්ටනියේ වැඩි වු කොපි පොත්වල ලස්සන කවි ලිවුයේය’ ආනන්ද බාලිකාවන් පෙම්කල අපේ පාති සගයන්ට රසබර පෙම්හසුන් ලියන්නට ඉගෙන්නුවේත් මේ මිත‍්‍රයාය’ වසන්ත කරන්නාගොඩ සමඟම නාවික හමුදාවට බැඳුණු මගේ මිත‍්‍රයා ඊළාම් යුද්ධයේ දී විශිෂ්ඨ දස්කම් පාමින් ඉහළින් ඉහළට ගියේයx

මායිම් ගම්මානවල වැසියන් කොටි ප‍්‍රහාර වලින් බේරා ගැනීම සඳහා මෙතුමා දිවි නොතකා කටයුතු කළ අන්දම අම්පාර ජනතාවට කිසිවිටක අමතක නොවේx නාවික හමුදාව තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට ගිය මගේ මිත‍්‍රයා උතුරේ දකුණේ හා නැගෙනහිර ආඥාධිපති වශයෙන් මාරුවෙන් මාරුවට අගනා සේවයක් ඉඩු කළේය’ යුද්ධය උච්චතම අවස්ථාවේ ඔහු නාවික හමුදාවේ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක වශයෙන් විශාල කාර්යභාරයක් සම්පුර්ණ කළේය’ ”ගම්බට්ටන්” නමින් හඳුන්වනු ලැබු ”ගල්කටස්” තුවක්කුවලින් මායිම් ගම්මාන රැුකගැනීමට බඳවාගෙන සිටි තරුණයින්ට නිසි යුධ පුහුණුවක් ලබා දී ඔවුන් ්47 මැෂින් තුවක්කු රැුගත් විනයගරුක ග‍්‍රාමාරක්ෂක භටයන් බවට පත් කළේ මගේ මිත‍්‍රයාය’ පසුව සිවිල් ආරක්ෂක භටකාය පිහිටුවා එහි ප‍්‍රථම අධ්‍යක්ෂක ජෙනරාල් වීමට ඔහු සමත් විය’ අවුරුදු 35 අති විශිෂ්ඨ නාවික හමුදා සේවය තුල දී ඒ මහතා රණ වික‍්‍රම, විශිෂ්ඨ සේවා, උත්තම සේවා හා සන්නද්ධ සේවා ඇතුඵ ඉහළතම පදක්කම් 12ක් දිනාගත් එහු මුඵ’ රටටම ආඩම්බර විය හැකි රණවිරුවකු විය.

බොහෝ හමුදා නිලධාරීන් විශ‍්‍රාම ගිය පසු තම පවුල සමඟ වෙහෙස මහන්සියෙන් තොර සුන්දර ජීවිතයක් ගත කරතිx නැතිනම් සුළු සුළු ව්‍යාපාර කරමින් දිවි රැුක ගතිx නමුත් මගේ මේ පාසැල් මිත‍්‍රයා තම විශ‍්‍රාම ජීවිතය තම රට ජාතියේ උන්නතිය කෙරෙහි කැප
යුද්ධයේ අවසාන සමයේ දී ඩයස්පෝරාවෙන් ලැබෙන ඩොලර්වලට ගිජු වු අපේම සිංහල අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකයින් පිරිසක් ශ‍්‍රී ලංකා හමුදාභටයන් මිනීමරුවන් ලෙස හැඳින්වෙන චිත‍්‍රපටි කිහිපයක් කොට ලොව පුරා ප‍්‍රචාරය කළේය’ මෙයින් ශ‍්‍රී ලංකාවටත් ත‍්‍රිවිධ හමුදාවටත් ඉතා අසාධාරණ අපකීර්තියක් ලැබී මගේ මිතුරා බලවත් කම්පනයට පත් කළේය’ සිංහල ජාතියේ හා අපේ හමුදාවේ කීර්තිය රැුක ගැනීම සඳහා ඔහු ”ගාමනී” චිත‍්‍රපටය නිපදවිය’ හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය ඇතුඵ’ සම්මාන 17කින් පුද ලැබු මෙම චිත‍්‍රපටිය නිසා ශ‍්‍රී ලංකාවේ නම්බුව රැුකුණු බව අමුතුවෙන් කිව යුතු නැතx

දෙමළ ඩයස්පෝරාව හා භඨධ ඩොලර් කාරයෝ සෑම වසරකම ජිනීවා මානව කොමිසම ඉදිරියේ අපිව දං ගෙඩියට කැඳවා ගෙන යන්නට හදතිx ඩයස්පෝරාවගේ බොරු ප‍්‍රචාර වලට විරුද්ධව සටන් කරනවා වෙනුවට ශ‍්‍රී ලංකාවේ යුධ හමුදාව යුධ අපරාධ කළා කියන ඇමරිකන් යෝජනාවට සම අත්සන තැබුවේ ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයාව සිටි මංගල සමරවීරයx ඒ නිසා අපේ රටේ නම්බුව කීර්තිය වෙනුවෙන් සටන් කිරීමට සිදුවුයේ මගේ පාසල් මිතුරා හා තවත් දේශපේ‍්‍රමී සිංහලයන් පිරිසකටයx
රට වෙනුවෙන් සටන් කරන අතරේ මේ සාහිත්‍යකාමියා නුතන පරෙවි සන්දේශය” සාගරය හා ගැහැණිය තොටගමුවේ රාහුල නමින් පොත් තුනක් ද ලිවීමට සමත් විය.”

ශ‍්‍රී ලංකාවේ සිංහලයන් සියල්ලෝම ම්ලේච්ඡු වධකයන් පිරිසක්යx සිංහල හමුදාව අහිංසක දෙමළ ජනතාව 40000ක් අමු අමුවේ මරා දැම්මායයි දෙමළ ඩයස්පෝරාව එx ජාx සංවිධානය ඉදිරිපිට චෝදනා පිට චෝදනා නගන විට හිටපු ඊනියා යහපාලන රජයේ නියෝජිතයින් නිවටයින් ලෙස ඒවා අනුමත කරද්දී අපේ රට ජාතිය බේරා ගැනීමට අභීතව හඬ නැගුවේ මගේ මිත‍්‍රයා ඇතුඵ සුඵ පිරිසකි.

සෑම වසරකම ඔහු තමන්ගේ වියදමින් ජිනීවා ගොස් රට ජාතිය වෙනුවෙන් සටන් කරයිx ඩයස්පෝරා දෙමලූන් තක්කු මුක්කු වන සේ ඉතා චතුර ලෙස ඔවුන්ගේ බොරු ප‍්‍රචාර වලට නිසි ප‍්‍රතිචාර දෙයිx ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාවට විරුද්ධව පැනවීමට ගිය තහංචි බොහෝමයකින් අපි ගැළවුණේ මේ වීරෝධාර රණවිරුවා නිසායx ඔහු රටට සම්පතකිx ජාතිකයට ණය නැති වීර සෙබලෙකි. ඔහු අන්කිසිවෙකු නොව තිස්වසරක කුරිරු යුද්ධය ජයග‍්‍රහණයෙන් නිමා කිරීමට ත‍්‍රිවිධ හමුදාව ගෙන ගිය උදාර සටන් පෙරමුණේ සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර සෙන්පතිතුමායx

අවාසනාවට මුඵ රටම ණයගැති වු, මෙම විශිෂ්ඨ රණවිරුවාට යහපාලන සමයේ ජනාධිපතිතුමා දැක්වුයේ කුඩම්මාගේ සැලකිලිය. ෆොන්සේකා, කරන්නාගොඩ, ගුණතිලක වැනි යුධ සෙන්පතියන්ට උරුම වු උසස් වීම් සියල්ලම ප‍්‍රදානය කිරීමට මැලි නොවු මෛත‍්‍රීපාල සිරිසේන මහතා සරත් වීරසේකර රණවිරුවාට පල නොකියා පලා බෙදුවේය. දේශපාලන ප‍්‍රශ්නයක් උඩ ඇති වු විරසකයක් නිසා ජනාධිපතිවරයා කිහිපවරක් ප‍්‍රසිද්ධ වේදිකාවලදී නම නොකියා සරත් වීරසේකරට පහස ගැහුවේය. රට වෙනුවෙන් ජිනිවාහි දී ඔහු කරමින් සිටි උදාර සටන සිරිසේන මහතාගේ උග‍්‍ර විවේචනයට ලක් විය. මේ විරුවාට ලැබෙන්නට තිබු උසස්වීම් නම්බුනාම සියල්ලටම වල කැපුවේය. මෙය රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු නොකළ යුතු දෙයක් විය. නමුත් සරත් වීරසේකර රණවිරුවා රටේ ඉහළම පුරවැසියා තමන්ට කළ මදිකම ගැන තරහවුයේ නැත. පළිගන්නට තැත් කළේ ද නැත. දේශද්‍රෝහී යහපාලන රජය තමන්ට කළ කෙනෙහිලිකම් ගණන් නොගත් ඔහු වෙලදා සිවිල් වැසියකු මෙන් රට ජාතිය වෙනුවෙන් සටන් කළේය. වරක් ශ‍්‍රී ලංකා යුධ හමුදාව මානුෂික අපරාධ නොකළ බවට හඩ නගන්නට ජිනීවා ගිය සරත් වීරසේකර හා මහාචාර්ය චන්ද ජයසුමනට වතුර පොදක්වත් නොදෙන ලෙස මංගල ඇමතිවරයා අපේ තානාපති කාර්යාලය යටත් ජිනීවා නුවර පංසල් තුනටත් දැන්වුයේය.

ඒ සියඵම විරෝධතා බාධා කඩා කප්පල්කාරී වැඩ මැද්දේ ජිනීවා නුවර එ. ජා. සංවිධානය වෙනුවෙන් සරත් වීරසේකර අභීතව කථා කළේය. ශ‍්‍රී ලංකාව මානුෂික අපරාධ කළ බව පිලිගනිමින් මංගල සමරවිර සමුඵවට ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ සිංහ නාද දුන්නේය. දෙමළ ඩයස්පෝරාව දුවන්න පහර ගැහුවේය.

මහ මැතිවරණයට ඇත්තේ තව දවස් පහකි. මේ දිනවල සෑම දේශපාලන වේදිකාවකින්ම දේශපේ‍්‍රමිත්වය ජාති ආලය පිටාර ගලති. ආන්ඩු පක්ෂයේත් විපක්ෂයේත් කථිකයෝ 19වෙනි ව්‍යවස්ථාව රට විනාශ කරා යයි විලාපදෙති. අලූත් ව්‍යවස්ථාවක් හදා රට සුඛිත මුදිත කිරීමට 2/3ක බලය ඉල්ලති.
නමුත් ජනතාව මෝඩයන් නොවේ. අද 19වෙනි ව්‍යවස්ථාව අහෝසි කරන්නට කෑමොර දෙන්නේ එදා එයට පක්ෂව ඡුන්දය දුන් හිටපු ජනාධිපති හිටපු අගමැති වත්මන් අගමැති හා හිටපු මන්ත‍්‍රී පිරිස බව ඔවුන් හොඳාකාරවම දනී.
නමුත් 2015 යහපාලන රජයේ පාර්ලිමේන්තු 19වැනි ව්‍යවස්ථා සංශෝධන පනතට ඡුන්දය විමසද්දී තමන්ගේ පක්ෂ නායකයාගේ අණ තුට්ටුවකට ගණන් නොගෙන හෘදය සාක්ෂියට අනුව යමින් 19යට විරුද්ධ ඡුන්දය දුන් ජාති හිතෛෂි මන්ත‍්‍රීවරයකු විය. ” ඕනෑ නම් පක්ෂයෙන් විතරක් නෙවී පාර්ලිමේන්තුවෙනුත් මාව නෙරපන්න. රටට අහිතකර මේ පනතට පක්ෂවෙන්න මට බැරියයි” කියුවේ අන්කිසිවකු නොව එදා අම්පාර දිස්ත‍්‍රික්කය නියෝජනය කළ මගේ පරණ පාසල් මිතුරා සරත් වීරසේකරය.
එදා සරත්ට පරිභව කළ ජනාධිපතිවරයාත් ආන්ඩු හා විපක්ෂ මන්ත‍්‍රීවරුනුත් දැන් මේ අභීත සිංහයාගේ මතය හරියයි කියති. ඔහුට ප‍්‍රශංසා කරති. පිටට තට්ටු කරති.

ආනන්දයේදීත්, නාවික හමුදාවේදීත්, සිනමා ලොවේදීත්, පාර්ලිමේන්තුවේදීත්, පොත් ලිවීමේදීත් සරත් වීරසේකර හැම විටම තමන්ට පෙර රට ජාතිය ගැන සිතූ උතුම් පුද්ගලයකි. මා ඔහුට බෙහෙවින් ආදරය කරන්නේ එනිසාය.
ඔබ මොන දේශපාලන මතිමතාන්තරයක් දැරුවද මොන ජාතියට ආගමට අයත් වුවද ඊළග පාර්ලිමේන්තුවට අප යැවිය යුත්තේ රටට වැඩක් කළ හැකි උගත් ණැනවත් බුද්ධිමත් මන්ත‍්‍රීවරු පිරිසක් බව අවිවාදයෙන් පිළිගන්නවා නිසැකය. රියර් අද්මිරාල් සරත් වීරසේකර අව්‍යාජ මිනිසෙකි, රට ෙබිරාගත් රණවිරුවෙකි. ඉහළ පෙළේ උගතෙකි. ඒ සැමටම වඩා සැබෑ දේශපේ්‍්‍රමියකි. ඔබ මොන දේශපාලන පක්ෂයක ආධාර කරුවකු වුවත් සරත් වීරසේකර මීළග පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයකු බව හද තුළින්ම පිළිගන්නවාට සැකක් නැත.

උපන් බිමට ණය නැති මේ සුන්දර මිනිසාට රට ජාතිය වෙනුවෙන් තව විශාල මෙහෙවරක් කිරීමට දැන් කාලය පැමිණ ඇතැයි මට සිතේ.


බි‍්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීීx හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි

2 Responses to “ආනන්දයෙන් බිහි වු දැයට ණය නැති විශිෂ්ඨ රණවිරුවා.”

  1. dhane Says:

    මගේ ආනන්ද විය 1948 to 1959. බෝඩිමේ warden and PT teacher was later විදුහල්පති රාජපක්ෂ මහතා යි.
    These is no doublet රියර් අද්මිරාල් සරත් වීරසේකර සෙන්පතිතුමා will be get more votes in today 5th August Election. He deserved to be in Parliament to save this country. Be proud to be an Anandian.

  2. aloy Says:

    As at this day he is the one most suitable one to be the PM as Kamal G is not contesting.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress