09වන පාර්ලිමේන්තුව මගින් ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට ‘ජාතික ආණ්ඩුවක්’ සෑදීමට විරෝධය දක්වමින් සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොවීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිට ඉල්ලීමක්….!
Posted on August 7th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු ලබා දී ඇති ඒකමතික තීරණයට පටහැනිව කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව අනුව වැරදියට යොදා නීතියක් ලෙස පවත්වාගෙන යන බවත්,

මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපි 2ක් 2020 පෙබරවාරි 09 සහ 2020 මාර්තු 08 දිනවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළ වී ඇති අතර පහත දැක්වෙන අන්තර්ජාල සබැදියේ ඒ ලිපි දැක්වෙන බවත් එහි දැක්වේ.

https://divaina.com/sunday/index.php/visheshanga1/13222-2020-02-07-11-49-41

https://divaina.com/sunday/index.php/deshapalana2/13532-2020-02-28-03-11-134

වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ වර්ෂ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ සහ 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් හෝ අධිකරණ අමාත්‍යාංශය මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මගින් හෝ සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් මේ තත්ත්වය පැහැදිලිවන බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන අතර එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ඊනියා 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රධාන ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් ඇති කර ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සූදානමක් 09 වන පාර්ලිමේන්තුව මගින් සිදුකරන්නට යන බවත් එහි දක්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විසින් ජනාධිපතිවරයාව බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගන්නා ලද්දේ පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩු සාදා ඇමති ධූර සංඛ්‍යාව වැඩිකර ගැනීමට නොවන බවත් එකී ලිපියේ පෙන්වා දී ඇත.

නීතියට අනුව සහ 2002 සහ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණවලට ගරු කර, 2015දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා 19වන ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 අනු ව්‍යවස්ථාව යටතේ යොදා ඇති වැරදි සටහන නිවැරදි කර 09වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි  සටහන යොදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 සහ 80.2 ව්‍යවස්ථා අනුව ඉදිරි පියවර ගෙන 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මැඩපවත්වන ලෙසත් එම ලිපියෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

මෙම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය භාෂා කොමසාරිස්, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්,  රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

එකී ලිපිය පහත දැක්වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress