ශ්‍රී ලංකා ජනරජය බෞද්ධයන්ට විශේෂකර සැළකීම අනුමත කර තිබේද?
Posted on August 21st, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

මෙම ලිපිය දීර්ඝ වීම වැළැක්වීම සදහා අංක ගතකර ලිවීමට අදහස් කරමි.

1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පළකර ඇති නමුත් භාෂා අතර අනනුකූලතාවයක් ඇතිවුවහොත් සිංහල භාෂා පාඨය බලාත්මකවන බව 23වන ව්‍යවස්ථාවේ දක්වා ඇත.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් ලෙස දැක්වේ.

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව බලාත්මක වේ.

4. සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව මෙසේය.

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ පැහැදිලිවම “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.” ලෙස තනි වාක්‍යකින් දක්වා ඇත.

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථා වාක්‍යද වැදගත් වාක්‍යකි. 

එය මෙසේය.

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථා වාක්‍ය අනුව වෙනත් ආගම්වලට ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් මොනවාද? යන්න පැහැදිලිවම දක්වා ඇත.

8. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථා වාක්‍ය මගින් වෙනත් ආගම්වල අයට ආරක්ෂා කර ඇත්තේ අයිතිවාසිකම් 2ක් පමණක් වන අතර එකී අයිතිවාසිකම් 2 වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්ථාවේ 1වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් ආරක්ෂා කර දෙන අයිතිවාසිකම් ය.

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථා වාක්‍ය අනුව වෙනත් ආගම්වල පුරවැසියන්ට වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවේ 2 වන අනුව්‍යවස්ථාවේ අයිතිවාසිකම් ආරක්ෂා කර දී ඇති බව නොදැක්වේ.

10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 1වන වාක්‍ය අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමේදී වෙනත් ආගම්වල පුරවැසියන්ට, වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවේ 2 වන අනුව්‍යවස්ථාවේ අයිතිවාසිකම් ආරක්ෂා කර දුනහොත් පැහැදිලිවම ව්‍යවස්ථා අතර ගැටීමක් ඇති වී සංකීර්ණ සමාජ ව්‍යාකූලතාවයක් ඇති වේ.

11. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි කර දී ඇත්තේ වෙනත් ආගම්වල අයගේ මූලික අයිතිවාසිකම් අතර ගැටීමක් ඇති නොවන ආකාරයට වන නමුත් වෙනත් ආගම්වල පුරවැසියන්ට අවශ්‍ය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14.1.(ඉ) ව්‍යවස්ථාවල අයිතිවාසිකම් ආරක්ෂා කර දෙමින් මිස ශ්‍රී ලංකා ජනරජය බෞද්ධයින්ට විශේෂ කර සැළකීම වළක්වමින් නොවේ.

12. ශ්‍රී ලංකා ජනරජය බෞද්ධයින්ට විශේෂකර දැක්වීම අනුමත කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන වාක්‍යයේ වෙනත් ආගම්වලට 12.2 ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව නොදැක්වීමෙන් වන අතර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති හෙයින් එකී අයිතිවාසිකම් ජනමතවිචාරණයක් මගින් 9වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් මිස ලබා දීමටද නොහැකි අතර එවිට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ ඓතිහාසික උරුමය අහිමි කිරීමක්ද සිදුවේ.

arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress