ශ්‍රී ලංකාව තායි සංචාරක නියෝජිතයන්ගේ සංගමය (TTAA) සමඟ සමීප සහයෝගීතාව තහවුරු කරයි Sri Lanka assures close collaboration with Thai Travel Agent Association (TTAA)
Posted on August 26th, 2020

තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Embassy of the Democratic Socialist Republic of Sri Lanka in Thailand

තායි සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ නව සභාපති සුතිපොන්ග් පෙයුන්පිපොප් මහතා සහ අලුතින් තේරීපත්වූ කමිටු සාමාජිකයින් සමඟ TTAA මූලස්ථානයේදී පැවති හමුවේදී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සමන්තා කේ. ජයසුරිය මහත්මිය අලුතින් පත්වූ නිලධාරීන් වෙත සුබපැතුම් එක් කරමින්, ශ්‍රී ලංකාව සහ තායි සංචාරක නියෝජිතයන්ගේ සංගමය අතර සහයෝගීත්වය පුළුල් කිරීම සඳහා පුළුල් පරාසයක ක්ෂේත්යන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්තාය.

තායිලන්තයෙන් ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් රැගෙන යාම සම්බන්ධව කටයුතු කරන TTAA කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව උදාවිය. 2021 වර්ෂයේදී පැවැත්වෙන තායිලන්ත ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය (TITF 2021) සඳහාද සහභාගීවීමට TTAA සභාපතිවරයා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනිල් සිරිමාන්න වාණිජ කවුන්ස්ලර්වරයාද මේ අවස්ථාවට සහභාගී විය.

During a meeting with the newly elected President of TTAA, Mr. Suthiphong Pheunphiphop and the Committee Members, held at the TTAA Headquarters, H.E. Mrs. Samantha K. Jayasuriya, Ambassador of Sri Lanka to Bangkok, while extending felicitation on the election of the new committee, exchanged views on a broad range of areas, to further enhance collaboration with the TTAA.

The meeting also provided an opportunity to meet and discuss with several Committee members of the TTAA who have expertise on outbound tourism to Sri Lanka from Thailand.    Sri Lanka was also invited by the TTAA President to join the 2021 TITF Fair. 

The Mr. Anil Sirimanna, Counsellor (Commercial) of the Embassy was associated with the Ambassador at the meeting.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress