ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල්ව යෝජනා කරයි… – අර්ජුන
Posted on September 6th, 2020

මාධ්‍ය නිවේදන -අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා

එක්සත් ජාතික පක්ෂයට හිමි  ජාතික ‍ලැයිස්තු මන්ත්‍රී ධුරය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අද (6) එම පක්ෂයේ 74 වැනි සංවත්සරයට එක් වෙමින් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේ කර සිටින නමුත්  නව තත්ත්වයන් හමුවේ එම මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම වඩාත් සුදුසු බවට තමන් පෞද්ගලිකව සිතන බවයි.

”පාර්ලිමේනතුවට විසිවැනි සංශෝධනය ඉදිරියේදී ගෙන එනවා. ඒ අවස්ථාවේදී විසි වැනි සංශෝධන ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න, අදහස් දක්වන ඒ ගැන ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්න ඕන. මම පෞද්ගලිකව හිතන විදියට ඒ සඳහා සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා. එතුමාට ව්‍යවස්ථාව ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි අපි එතුමාට කිව්වේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගන්න කියලා. එතුමා නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපිත් මුලින් කිව්වා ගන්න එපා කියලා. නමුත් දැන් මම කියන්නේ මේ විසිවැනි ස‍ංශෝධනයත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු ම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා කියලා…”යි ද එයට හේතු පැහැදිලි කරමින් අර්ජුන රණතුංග මහතා පැවසීය. ඔහු දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ විඩියෝ පටය පහත ලින්ක් එකෙන් ලබා ගන්න…

https://wetransfer.com/downloads/8962b4d723e9a8814419958a5be338e620200906101114/8658076c2e388d7671ad4860844a44ce20200906101135/139a7f

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress