ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම.
Posted on November 4th, 2020

සංවර්ධන නිලධාරී සේවා සංගමය.

ලේකම්,
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය,
නිල මැදුර,
නාරාහේන්පිට.

ලේකම්තුමනි,

#
කෝවිඩ්-19 #Covid- 19 වසංගතය දැඩි අවධානම් කලාපවල රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම.

#
කෝවිඩ්-19 #Covid- 19 වසංගත තත්වය රට පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින් බවත් කොළඹ, ගම්පහ, කළුතර ඇතුළු ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක් මේ වනවිට සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් දැඩි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති බවත් අපි සියළු දෙනා දැනුවත්ව සිටින්නෙමු.

එමෙන්ම #කෝවිඩ්-19 #Covid- 19 වෛරසය දෙවන රැල්ලට අදාළව වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් 2020. 11. 01 දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම වෛරසය පෙර පැවති වෛරසයට වඩා ව්‍යාප්තියෙන් හා බෝවීමේ ප‍්‍රවනතාවය වේගවත් බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් අවධාරණය කරන ලදී.

තත්වයන් මෙසේ තිබියදීත් මේ දක්වා දිස්ත‍්‍රික් පාලනයට හා ප‍්‍රාදේශීය පාලනයට අයත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා විශේෂයෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් බහුතරයකට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ප‍්‍රමාණවත්ව ලැබී නොමැති බව දන්වා සිටිමු.

උදාහරණයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කය #කෝවිඩ්-19 #Covid- 19 දෙවන රැල්ලට අදාළ ආරම්භක දිස්ත‍්‍රික්කය වන අතර බ‍්‍රැන්ඩික්ස් ආයතනය හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යන ප‍්‍රධාන පොකුරු දෙකම අදාළ වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයටය.

නමුත් 2020. 10. 02 සිට 2020. 11. 02 දක්වා මාසයක කාලය තුළ ක්ෂේත‍්‍ර මට්ටමින් හා කාර්යාල මට්ටමින් මහජන කටයුතුවල නියැලෙන සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපකරණ පිළිබඳව පහත වගුවේ සඳහන් කරමු.

(2020. 10. 02
සිට 2020. 11. 02 දක්වා කාල සීමාව තුළ එක් නිලධාරියෙකු සඳහා වන දත්ත පමණි)

වාර්තා වන අන්දමට කළුතර හා කොළඹ දිස්ත‍්‍රික්කවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි #කෝවිඩ්-19 #Covid- 19 අදාළ විශේෂ රාජකාරීවල නියැලෙන ක්ෂේත‍්‍ර හා කාර්යාලගත නිලධාරීන් සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් මෙතෙක් දියත් කර නැති බවද සඳහන් වේ.

උද්ගතව ඇති තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව සිදුකළ හැක්කේ ක්ෂේත‍්‍ර නිලධාරීන් මගින් වන අතර එම නිලධාරීන් වසංගත තත්වයෙන් ආරක්ෂා කරගනිමින් අදාළ වැඩපිළිවෙල දියත් නොවුනහොත් එම නිලධාරීන්ට අවධානම් තත්වයකට මුහුණදීමට සිදුවනු ඇත. එවන් මොහොතක රාජ්‍ය යාන්ත‍්‍රණය බිඳවැටිය හැකි වන අතර රාජ්‍ය යාන්ත‍්‍රණය බිඳ වැටුනහොත් ආණ්ඩුව කුමන ආකාරයේ තීරණ ගත්තද මේ දක්වා සෑම පාර්ශවයක්ම දරණ ලද උත්සාහයන් නිෂ්ඵල වනු ඇත. මෙම තත්වය පිළිබඳව ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේත් රජයේ ඉහළ බලධාරීන්ගෙත් අවධානය කඩිනමින් යොමුකළ යුතුව ඇතැයි අප සංගමය අවධාරණය කරමු.

ඒ අනුව ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, නුවර ඇතුළු සියළුම දිස්ත‍්‍රික්කවල ක්ෂේත‍්‍ර හා කාර්යාල මට්ටමින් #කෝවිඩ්-19 #Covid- 19 යටතේ මහජන සේවාවන් වල යෙදෙන සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා ප‍්‍රමිතියෙන් යුතු මුව ආවරණ, අත් ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් හා දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර ප‍්‍රමාණවත්ව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා මෙන් ආණ්ඩුවේ හා රජයේ සියළු වගකිව යුතු පාර්ශවයන්ගෙන් අප සංගමය ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්,
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

සම්බන්ධීකරණය – 071 8178268
Coordinating – +94 71 8178268


පිටපත් –
01.
ගරු ජනාධිපතිතුමා (දැ.ගැ.පි /අ.ක.ස )
02.
ගරු අග‍්‍රාමාත්‍යතුමා (දැ.ගැ.පි /අ.ක.ස )
03.
ගරු රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා (දැ.ගැ.පි /අ.ක.ස )
04.
ගරු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා (දැ.ගැ.පි /අ.ක.ස )
05.
ලේකම් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය (දැ.ගැ.පි /අ.ක.ස )
06.
සියළුම දිස්ත‍්‍රික් ලේකම්වරුන් (දැ.ගැ.පි /අ.ක.ස )
07.
සභාපති – කෝවිඞ් මර්දනය කිරීමේ ජාතික මධ්‍යස්ථානය (දැ.ගැ.පි /අ.ක.ස )
08.
ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (දැ.ගැ.පි)

**********************************************

මාධ්‍ය නිවේදනයයි.

2020. 11. 03

ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය.

ලේකම්,
ජේ. ජේ. රත්නසිරි මහත්මා,
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය.

ගරු අමාත්‍යතුමනි/ ලේකම්තුමනි,

2018
හා 2019 වර්ෂවල බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ වසරක පුහුණුව තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ඉල්ලමු.

2019
වර්ෂයේ අගෝස්තු 01 සහ සැප්තැම්බර් 16 වන දින උපාධිධාරීන් 14,450 කට ආසන්න පිරිසක් අභ්‍යාසලාභී පදනම යටතේ පුහුණුව සඳහා ඇතුලත් කරගත් අතර 2020. 08. 01 හා 2020. 09. 16 දිනට ඔවුන් ස්ථිර කිරීමට නියමිතව තිබියදී ආණ්ඩුව එම උපාධිධාරින්ගේ අනුමත වසරක පුහුණු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ගත් තීරණයට අප සංගමය එකඟ නොවන බවත්, එම තීරණය යළි සලකා බැලීමට ලක්කරන ලෙසත් ඉල්ලා සිටිමු.

අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක අමප/20/1323/304/018 හා 2020. 10. 05 පැවති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව 2020. 10. 13 දිනැති ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා ඇති පරිදි අනුමත වසරක පුහුණු කාලය (මාස 12) තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව අදාළ ලේඛන මගින් තහවුරු වේ.

2018. 08. 20
දින බඳවාගත් උපාධිධාරීන් අතරින් එවකට ස්ථිර නොවූ හා 2019. 08. 01, 2019. 09. 16 යන දිනයන්හි බඳවාගත් සියලූම අභ්‍යාසලාභීන් ස්ථිර කිරීම සඳහා ගරු අග‍්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මඟින් අදාළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මුදල් අමාත්‍යාංශය මගින් 2020. 09. 02 දින යොමුකරන විටත් 2018 හා 2019. 08. 01 බඳවාගත් උපාධිධාරීන්ගේ වසරක පුහුණුව අවසන්ව තිබූ අතර 2020. 10. 05 අමාත්‍ය මණ්ඩල තීරණය ගනු ලබන විට 2019. 09. 16 වන විට බඳවාගත් අභ්‍යාසලාභීන්ගේ ද වසරක පුහුණු කාලය අවසන්ව තිබුණි.

මීට පෙර අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමේදී වෘත්තීය සමිති ලෙස අප ලැබූ අත්දැකීම් අනුව 2019 බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමේදී ඇතිවිය හැකි ප‍්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජූනි, ජූලි මාසවල සිටම වගකිව යුතු බලධාරීන් වෙත කරුණු දක්වන ලදී. ඒ කිසිවක් නොසලකා තවදුරටත් පුහුණුව තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ගත් තීරණය පිළිබඳ අපගේ විරෝධතාවය යළිත් පළකරමු.

2. #
කෝවිඩ්-19 #Covid- 19 වසංගත තත්වය හමුවේ රාජ්‍ය සේවයේ කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා චක‍්‍රලේඛ පවා නිකුත් කර ඇති වටපිටාවක පුහුණුව අවසන් කර ඇති 2018 හා 2019 අභ්‍යාසලාභී උපාධිධාරීන් 2020. 12. 31 දිනට පෙර ස්ථිර කිරීමට කටයුතු කිරීම.

3.
ඒ සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ රජයේ අනෙකුත් නිල කටයුතු පවත්වාගෙන යන ආකාරයටම සීමිත පිරිස් කැඳවා සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමට පෙර සිදුකරන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ කටයුතු නිශ්චිත කාල සටහනක් යටතේ සිදුකිරීම.

4.
අනුමත වසරක පුහුණුව අවසන් කර ඇති 2018 හා 2019 බඳවාගත් සියළුම අභ්‍යාසලාභීන් ස්ථීර කිරීමේදී වසරක පුහුණුව අවසන් වන පසුදාතම දිනට ස්ථිර පත්වීම් දිනය ලබාදීමට කටයුතු කිරීම.

අප සේවාවේ 1999 සිට 2018 දක්වා බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා බලපැවැත්වූයේ වසරක පුහුණු කාලයක් වන අතර මෙවර අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමේ කටයුත්ත සිදුකිරීමට කාලය සම්පූර්ණ වී තිබියදී මේ ආකාරයෙන් පුහුණුව තවත් මාස හයකින් දීර්ඝ කළ පළමු අවස්ථාව මෙය බවද සිහිපත් කරමු.

කෙසේ වෙතත් වෘත්තීය සමිති හා ඊට අදාළ පාර්ශවයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සැලකීමකට ලක් නොකර උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණුව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ගෙන ඇති ඒකපාර්ශවීය තීරණය හේතුවෙන් 14,450 කට ආසන්න උපාධිධාරී අභ්‍යාසලාභීන් මුහුණ දෙන විශේෂ පීඩාවන් හා අසාධාරණයන් සැලකිල්ලට ගනිමින් උක්ත තීරණය අත්හිටුවා ඉහත අංක මගින් සිදුකර ඇති ඉල්ලීම් ක‍්‍රියාවට නැංවීමට පියවර ගන්නා මෙන් අප සංගමය ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්,
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

සම්බන්ධීකරණය – 071 8178268
Coordinating – +94 71 8178268

පිටපත් –
01.
ගරු අග‍්‍රාමාත්‍යතුමා (දැ.ගැ.පි /අ.ක.ස )
02.
ලේකම් – මුදල් අමාත්‍යාංශ්‍ය (දැ.ගැ.පි /අ.ක.ස )
03.
සභාපති – රාජ්‍ය සේවා කොමිෂන් සභාව (දැ.ගැ.පි /අ.ක.ස )
04.
කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් (දැ.ගැ.පි /අ.ක.ස )
05.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් (දැ.ගැ.පි /අ.ක.ස )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress