ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය පිළිබඳව.
Posted on November 6th, 2020

ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

අධ්‍යාපන ලේකම්තුමා
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අධ්‍යාපන ලේකම්තුමනි,

ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය පිළිබඳව.

ගුරු අධ්‍යාපනඥ සේවයේ සසස ශ්‍රේණියේ සීමිත තරඟ විභාගය සඳහා පිරිවෙන් ගුරුවරුන්ටද ඉල්ලූම් කිරීමට අවස්ථාවක් මෙවර චක‍්‍ර ලේඛනය මගින් උදාකර දී ඇත.

02.
එසේ අවස්ථාව සලසාදී තිබුණද පිරිවෙන් ගුරුවරයාට ඉල්ලූම් කළ හැකි විෂය ප‍්‍රමාණය සීමා කර ඇත. (2020 ඔක්. 13 දින ඔබතුමාගේ නමින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛයේ 04i (vi) ) එය පිරිවෙන් ගුරුවරයාට කළ අසාධාරණයකි. සෞන්දර්ය හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට පවා පිරිවෙන් ගුරුවරයාට ඉල්ලූම් කළ හැකිනම් සෙසු විෂයන් සඳහා ඉල්ලූම් කළ නොහැක්කේ මන්දැයි බරපතල ගැටලූවක් පැන නගී. එය නිවැරදි කරදෙන මෙන් ඉල්ලා සිටිමු.

03.
මෙම විභාගය සඳහා ඉල්ලූ කළ හැකි සෙසු ක්‍ෂේත‍්‍ර අතරට පිරිවෙන් ක්‍ෂේතයත්, එසේ නොවේ නම් උපකෘත පාසල් යන ක්‍ෂේත‍්‍රයත් පොදුවේ එකතු කළේ නම් මෙම ගැටලූව පැන නොනගිනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

04.
තවද මෙම දිනවල පවතින කොවිඞ් වසංගත තත්වය නිසා නගර, ගම්, දිස්ති‍්‍රක් වසා තැබීම හා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුළු #කොවිඩ් වසංගතය සම්බන්ධව අනුගමනය කරන විවිධ රෙගුලාසි කි‍්‍රයාත්මකව පවතී. ඒවා එසේ තිබියදී 60. 11. 2020 වන අද දිනයෙන් අධ්‍යාපනඥ සේවයේ සසස ශ්‍රේණියේ තරඟ විභාගය සඳහා ඉල්මම් කළ හැකි අවසන් දිනය දන්වා තිබීම විසින් මෙම තරඟ විභාගය සඳහා සුදුසුකම් ලාභීන්ට ඉල්ලූම් කිරීමට තිබෙන අවස්ථාව මගහැරීයාමට ඉඩ තිබේ. එම නිසා යම් සාධාරණ දීන ප‍්‍රමාණයකින් විභාගය සඳහා ඉල්ලූම් කළ හැකි අවසන් දිනය දීර්ඝ කිරීම සිදුකළ යුතුව ඇත.

05.
මෙකී ඉල්ලීම් දෙක සම්බන්ධව ඉක්මන් අවධානය යොමුකර පීඩාවට පත්වන පාර්ශවයන්ගේ පීඩා දුරුකරන මෙන් මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි
සභාපති,
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය.

අවශ්‍ය විමසීම් සඳහා 0718082647
For necessary inquiries – +94 718082647


පිටපත් :-
01.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමාඅවධානයට හා අවශ්‍ය කටයුතු සඳහා
02.
අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) – අවධානයට හා අවශ්‍ය කටයුතු සඳහා
03.
සියලූ ජනමාධ්‍ය (ජනමාධ්‍යයට)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress