රටපුරා රතන සූත්‍රය දේශනා කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි
Posted on November 8th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොවිඩ්-19 වසංගත තත්ත්වය මව්බිමෙන් දුරු වේවායි ප්‍රාර්ථනා කරමින්, රට වැසියාට සෙත් පතා  දිවයින පුරා රතන සූත්‍ර දේශනා කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.11.08 දින එක් විය.

ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මූලිකත්වයෙන් දිස්ත්‍රික්ක 25 පුරා ඒ ඒ දිස්ත්‍රික්ක කේන්ද්‍රවන පරිදි මෙම රතන සූත්‍රය දේශනා කිරීමේ කටයුතු සම්පාදනය කර තිබේ.

මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාව අද දින කොළඹ 07, ආර්. ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණි.

එම අවස්ථාව එක්වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ආගමිකවතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත අටපිරකර පූජා කළේය.

රතන සූත්‍ර දේශනා කිරීමේ අවස්ථාව සඳහා පූජ්‍ය බොරලන්දේ වජිරඥාන නාහිමියන් ප්‍රමුඛ පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමි, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි හා පූජ්‍ය එගොඩ උයනේ ඥානවිමල නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්ප කුමාර, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහත්වරු ඇතූළු සැහැදැවතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress