ශී‍්‍ර ලංකාවේ 3%කට රජ කෙළියකි- ෂරියා
Posted on November 9th, 2020

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදි, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

ෂරියා, මුස්ලිම් නීතිය දිවයිනේ පැවති ‘සිරිත් නීතියක්’ (ජමිඑදප්රහ ඛ්අ* ය’යි සමහර මුස්ලිම් උගත්තු කියති. ලියති. එය නො දැනුවත්කමට කියන, ලියන කථාවක් නො වේ. එය රටේ ඉතිහාසය, සංස්කෘතිය, සමාජය පිළිබඳ අවබෝධයක් දැනීමක් නැති ජනයා මුලා කිරීම සඳහා උවමනාවෙන් ම ගොතන ලද ප‍්‍රබන්ධයකි. යම් භූමි ප‍්‍රදේශයක හෝ ජන සමාජයක් තුළ නීති රීති හෝ සිරිත් රීති කි‍්‍රයාත්මකව පැවතීමට නම් අවම වශයෙන් ඒ භූමියේ හෝ ජන සමාජය තුළ ස්ථාවර, බලාත්මක දේශපාලන හෝ සමාජ සංස්ථාවක් කි‍්‍රයාත්මකව පැවතිය යුතු ය.

ෂරියා ආනයනය
ඉංගිරිසි පාලකයෝ භේදකොට පාලනය කිරීමේ (ඩිවයිඞ් ඇන්ඞ් රූල්* කුප‍්‍රකට පිළිවෙත අනුව 19 වෙනි සියවස ආරම්භයේ දිවයිනේ මුහුදුබඩ පළාතේ (මැරිටයිම් ප්‍රොවින්ස්* සිටි මුස්ලිම් ලබ්දිකයන්ට මුස්ලිම් ෂරියා නීතිය අදාල කළ බව සහ ඒ වෙනවිට දිවයිනේ පැවති පොදු නීති ක‍්‍රමයෙන් වියුක්ත කළ බව සැගවීමට ගන්නා උත්සාහය කි. පළමු වරට ශී‍්‍ර ලංකාවේ භාවිතය සඳහා ෂරියා නීතිය ආනයනය කළේ ඉංගිරිසි පාලකයන් බව වසං කිරීම කි. ලන්දේසීන් විසින් බතාවියේ මුස්ලිම් භක්තිකයන් සඳහා ව්‍ය.ව. 1766 දී යොදාගනු ලැබූ ලන්දේසි නීති සංග‍්‍රහය (ඩච් කෝඞ්* ලබාගෙන එය පරිවර්තනය කරවා ඉංගිරිසි ආණ්ඩුකාර ප්‍රෙඞ්රික් නෝත් ‘‘1806 මහමදික නීති සංග‍්‍රහය’’ (මොහමඩින් කෝඞ් ඔෆ් 1806* නමින් පනවා ඔවුන් යටතේ පැවති මුහුදුබඩ පළාතේ මුස්ලිම් භක්තිකයන් සඳහා පමණක් භාවිත කිරීම මුස්ලිම් නීතිය (ෂරියා නීතිය* දිවයින තුළ යොදාගනු ලැබූ මුල් ම අවස්ථාව බවට ඇති ඓතිහාසික වාර්තාව කිසිවෙකුට ප‍්‍රතික්‍ෂේප කළ නො හැකි ය.

ශී‍්‍ර ලංකාව තමන් යටතට ගැනීමට සිංහලයන්ට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා සේවයට යොදාගත්, දකුණු ඉන්දියාවෙන් සහ විශේෂයෙන් ම බතාවිය ඇතුඵ මලයානු කලාපයෙන් ගෙනවිත් පදිංචි කරවන ලද මුස්ලිම් භක්තික මැලේ ජාතිකයන් වෙනුවෙන් මහමදික නීති සංග‍්‍රහය පනවන ලද බව වාර්තාගත කරුණකි. කෙසේ වෙතත්, ව්‍ය.ව. 1852 වසර තෙක් ෂරියා, මුස්ලිම් නීතිය බලාත්මක කළේ මුහුදුබඩ පළාතේ මුස්ලිම් භක්තිකයන් සඳහා පමණකි. බතාවියේ භාවිත කරන ලද නීති සංග‍්‍රහයක් ලන්දේසීන්ගෙන් ණයට ගෙන දිවයිනේ ඉංගිරිසි ආණ්ඩුකාරයා විසින් ශී‍්‍ර ලංකාවේ කුඩා ප‍්‍රදේශයක සුඵ පිරිසකට යොදාගනු ලැබූ ආගමික නීතියක් ශී‍්‍ර ලංකාවේ පැවති ‘සිරිත් නීතියක්’ ලෙස හැඳින්වීම ලෝ වැසියන් රැුවටීම කි. ඉංගිරිසි විජිතවාදී පාලනය යටතේ දකුණු ඉන්දියාවේ සිට මුස්ලිම් ලබ්දිකයන් බාධාවකින් තොරව පැමිණ දිවයිනේ විවිධ පළාත්වල පදිංචි වී ඇත. 19 වෙනි සියවසේ මුල් දසකවල මන්නාරම, පුත්තලම, වන්නිය, නැගෙනහිර පළාත ආදී ප‍්‍රදේශවල පදිංචි වී ඒ ප‍්‍රදේශවල සිංහලයන්ගේ ඉඩම් උගසට සහ බද්දට ලබාගෙන දේපල හිමියන් බවට පත් වූ සමහරුන් ඉංගිරිසීන් ගෙන් ‘වන්නියා’ සහ ‘මුදලි’ පදවි පවා ලබාගෙන ඇති බව, 1815 ගවිසුම මගින් සිංහල රාජ්‍යය පවරා ගැනීමෙන් පසු සෙන්කඩගල ඉංගිරිසි පාලන නිලධාරියා වූ (රෙසිඩන්ට්* ජෝන් ඩොයිලි හෙළි කරයි. විශේෂයෙන් ම වර්ෂ 1833 කෝල්බෲක් කැමරන් යෝජනා අනුව ඉංගිරිසීන් විසින් කොල්ලකන ලද, සිංහල ජනයා සහ බෞද්ධ සිද්ධස්ථාන අවුරුදු දහස් ගණනක් භුක්තිවිඳින ලද, ඉඩම් අක්කර දසදහස් ගණනක් අක්කරය සිලිම් පහට හයට ඉංගිරිසීන්ගෙන් මිළට ගෙන ඉඩම් හිමියන් බවට පත් වී ඇත.

මුස්ලිම් භක්තිකයන්ගේ පදිංචිය වැඩි වීම නිසා දීර්ඝ කාලයකට පසුව 1852 අංක 5 ආඥාව ( ඕඩිනන්ස් නම්බර් 5 ඔෆ් 1852* මගින් එය මුඵ දිවයිනේ ම මුස්ලිම් භක්තිකයන් සඳහා බලාත්මක කරනු ලැබීය. එහෙත් කි‍්‍රයාත්මක කරන ක‍්‍රමයක් සකස් කළේ නැත. ෂරියා, මුස්ලිම් නීතිය දිවයිනේ පැවති සිරිත් නීතියක් නොව ඉංගිරිසීන් බතාවියෙන් ආනයනය කොට රාජකීය ආඥා මගින් පනවන ලද එකකි. (දේශපාලන අරමුණක් සඳහා විය හැකි ය.* එසේ වුවත්, ව්‍ය.ව. 1937 වෙන තෙක් ඉංගිරිසි පාලකයන් මුස්ලිම් ලබ්දිකයන් වෙනුවෙන් වෙන ම උසාවි ක‍්‍රමයක් ඇති කළේ නැත.

ක්වාසි (කාති* උසාවි උපත
වසර 120 ක පමණ කාලයක් ගතවුව ද ෂරියා නීතිය භාවිත වූයේ නිසි පිළිවෙලකට නොවේ. සම්මත විධි ක‍්‍රමයක් නො වීය. තම තමන්ට උවමනා විදියට ය. තමන් විසින් ම හෝ තම පියා වැනි තමන්ගේ ආසන්නම ඥාතියෙකු විසින් තමන්ගේ කැමැත්ත පරිදි ක්වාසි (කාති* කෙනෙකු පත් කොට තමන්ගේ විවාහය අවසන් කොට දික්කසාදය ලබා ගැනීමට හැකි වෙන තරමට මේ ආගමික නීති ක‍්‍රමය අවිධිමත් එකක් වීය. (මයි කා, මයි පැට්රෝල් විය.*

විවාහක කාන්තාවකගේ විවාහය අවසන් කිරීමේ ඉල්ලීම තීන්දු කිරීමට ක්වාසිට (කාතිට* නීතිමය බලයක් නැති බව සහ දික්කසාදය සඳහා කරන ඉල්ලීම අනුව විවාහය අවසන් කිරීම කළ හැක්කේ දිසා අධිකරණයකින් පමණක් බවට 1925 කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මුස්ලිම් පිරිමින් කුපිත කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බල රහිත කිරීම සඳහා මුස්ලිම් ආගමික ආයතන සහ ප‍්‍රධානීන් මෙහෙය වූ උද්ඝෝෂණ නිසා 1926 ව්‍යවස්ථදායක සභාවේ තේරීම්කාරක සභාවක් මගින් නිර්දේශ ලබාගෙන 1929 මුස්ලිම් විවාහ සහ දික්කසාද රීති ආඥාව (මුස්ලිම් මැරීජ් ඇන්ඞ් ඩිවෝස් රෙග්‍යුලේෂන් ඕඩිනන්ස් 1929* මගින් මූලික අධිකරණ බලය සහිතව ක්වාසි උසාවි සහ අභියාචනා අධිකරණ බලය සහිතව ක්වාසි මණ්ඩලය (බෝඞ් ඔෆ් ක්වාසිස්* පිහිටුවනු ලැබීය. පොදු අධිකරණ ක‍්‍රමයෙන් තව තවත් වියුක්ත කළේය. එහෙත් කි‍්‍රයාත්මක වූයේ නැත. 1930 කොමිටියක් මගින් යළිත් නිර්දේශ ලබාගෙන (නිර්දේශ ප‍්‍රකාශයට පත් කොට නැත.* 1934 අංක 9 ආඥාවෙන් සංශෝධනය කරනු ලැබූවත් කි‍්‍රයාත්මක කරන ලද්දේ 1937 දීය.

ඒ අඵත්වැඩියා කිරීමෙන් ද ක්වාසි උසාවිය සහ ක්වාසි මණ්ඩලය විධිමත් ලෙස කි‍්‍රයාත්මක කළ නො හැකි වූ නිසා යළිත් වසර දෙකක් ඇතුළත 1939 දී ඉංගිරිසි ආණ්ඩුකාරයා එය තවදුරටත් සංශෝධනය (අඵත්වැඩියා* කිරීමට නිර්දේශ ලබාගැනීම සඳහා කොමිටියක් පත් කළේය. පෙර කොමිටි වාර්තා ලෙසින් ම මේ කොමිටියේ නිර්දේශ සහිත වාර්තාව ද ප‍්‍රකාශයට පත් වූයේ නැත.

එසේ වුව ද වසර දොළහකට පසුව, පළමු ‘නිදහස්් පාර්ලිමේන්තුවේ ඞී.එස්. සේනානායක ආණ්ඩුව හමස්පෙට්ටියේ තිබුණු ඒ නිර්දේශ අනුව යැ’යි 1951 අංක 13 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (මුස්ලිම් මැරීජ් ඇන්ඞ් ඩිවෝස් ඇක්ට් නම්බර් 13 ඔෆ් 1951* පනවා ඇත. (ටී.බී. ජයා පෙරමුණ ගෙන ඇත.* එය බලාත්මක වූයේ 1954 වර්ෂයේ ය. අද පවා බලාත්මක ඒ පනත ය. එය එකලැ කි‍්‍රයාත්මක වූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි එකක් වීය. කෙසේ වෙතත් මේ පනත 1954, 1955, 1965 දෙවරක්, 1969, 1975 සහ 2013 වර්ෂවල වරින් වර (වාර 7 ක්* සංශෝධනය කොට ඇත. (ආරම්භයේ සිට පත් කරනු ලැබූ සියලූ ම කොමිටි මුස්ලිම් පිරිමින්ගේ කොමිටි වීය. කිසි ම මුස්ලිම් කාන්තාවකගේ හෝ මුස්ලිම් නො වූ පිරිමියෙකුගේ නියෝජනයක් නො වීය.

මුස්ලිම් කාන්තාවන්ට සර්වජන ඡුන්ද බලය හිමි වුවත් තමන්ගේ ජීවිතයට බලපාන කරුණු සාකච්ඡුා කරන කොමිටියක් නියෝජනය කිරීමට අයිතිය හිමි නො වීය. ෂරියා නීතිය ඒ ඒ රටවල මුස්ලිම් භක්තික පිරිමින්ගේ අභිමතය සහ අවශ්‍යතාව අනුව සකස් කෙරෙන බවක් පෙනෙයි. ඉංගිරිසි පාලනය යටතේ 19 වෙනි සියවසේ සිට ‘නැට්ට බල්ලා වැනීම’ සිදුවී ඇත.*

මේ පනත යටතේ ස්වදේශ කටයුතු ඇමති ක්වාසි (කාති* උසාවිය සහ ක්වාසි මණ්ඩලය පත් කිරීමේ බලධාරියා වීය. වසර දොළහකට වඩා වැඩි කාලයකට පසුව අධිකරණය එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල නො වෙන බව තීන්දු කිරීම නිසා 1965 අංක 1 සංශෝධන පනත මගින් ක්වාසි පත් කිරීමේ බලය අධිකරණ සේවා කොමිෂන් සභාවට පවරන ලදී. එහෙත් පරිපාලන බලතල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවතුණි. (’ඔලූව ජපන්, කඳ ජර්මන්’ ගීතය දැන් නො ඇසේ. සියල්ලන් ම එවැනි නිසා දෝ විය හැකි ය. අතකින් පත් කරයි. තවත් අතකින් පරිපාලනය කරයි. ‘දකුණු අතින් දෙන දෙය වම් අත දැනගත යුතු නැතැ’යි මුස්ලිම් අය නිතර කියන කියමන අනුව දැ’යි නො වැටහේ.*

වසර හතලිහකට පසුව, ‘ගැහැණියක පිරිමියෙකු හෝ පිරිමියෙකු ගැහැණියක නළ නො හැකි’ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන බලතල යොදාගෙන 2005 දී එවකට සිටි ජනාධිපතිනියගේ නියෝගයකින් ඒ බලතල අධිකරණ අමාත්‍යාංශයට පැවරීය. යළිත් 2015 දී ඒ බලතල අනුව ම එවකට ජනාධිපති නියෝගයකින් ක්වාසි අධිකරණය සහ ක්වාසි මණ්ඩලය මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට පවරනු ලැබ, ටික කලෙකින් තවත් නියෝගයකින් යළිත් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරනු ලැබීය. (රැුජින, රජු දෙදෙනා ම නටවා ඇත.*

ක්වාසි (කාති* සහ ක්වාසි මණ්ඩලය
දැනට දිවයිනේ තිබෙන අධිකරණ බල කොට්ඨාශ 64 තුළ ම පොදු අධිකරණවලට අමතරව මුස්ලිම් භක්තිකයන් සඳහා පමණක් විශේෂිත වූ කාති උසාවි පිහිටුවා ඇත. මුස්ලිම් විවාහ, දික්කසාද, විවාහ දේපල උරුම සහ බිරිඳක් සහ දරුවන් නඩත්තු කිරීම පිළිබඳ මුස්ලිම් ලබ්දිකයන්ගේ පවුල් දිවිය සම්බන්ධ සියඵ ගැටඵ විසඳීමේ අධිකරණ බලය කාති උසාවිය සතු ය. ඒ සඳහා අධිකරණ සේවා කොමිසම විනිසකරු ලෙස කාතිවරයෙකු පත් කරයි.

පොදු අධිකරණවලට විනිසුරන් පත් කිරීමේදී ජාති, ආගම්, ස්තී‍්‍ර පුරුෂ භේදයක් නැත. මුස්ලිම් ලබ්දික කාන්තාවෝ ද ඇතුළත් වෙති. එහෙත් කාති උසාවිවලට කාන්තාවන් පත් කිරීම ‘හරාම්’ ය. ෂරියා නීතියට අනුව මුස්ලිම් භක්තික පිරිමියෙකු පත් කිරීම අනිවාර්ය ය. කාති තනතුරට පත් කිරීමේ දී මුස්ලිම් භක්තික ජනයාගෙන් සියයට පනහකට වැඩි ප‍්‍රමාණයක් වෙන කාන්තාවන් බැහැර කොට ඇත. එමගින් ඔවුන්ට ක්වාසි (කාති* මණ්ඩලය නියෝජනය කිරීමේ අයිතිය ද අහිමි කොට ඇත.

රජය ෂරියා නීතිය භාවිත කිරීම මගින් ජාතික සහ ජාත්‍යන්තර නීති නො සලමින් ස්තී‍්‍රපුරුෂ පදනම මත වෙනස් ලෙස සැලකීමට (සෙක්ස් ඩිස්කි‍්‍රමිනේෂන්* ඉඩ සලසා ඇත. පොදු අධිකරණ පද්ධතිය තුළ විනිසුරු තනතුරු දැරීමට කිසිදු බාධාවක් හෝ වාරණයක් නැති මුස්ලිම් භක්තික කාන්තාවන්ට, කාති උසාවි ක‍්‍රමය තුළින් ම වෙනස් ලෙස සැලකීම (ඉන්ස්ටිට්‍යුෂනල් ඩිස්කි‍්‍රමිනේෂන්* ෂරියා නීතිය මගින් තහවුරු කොට ඇත. ක්වාසි උසාවි ක‍්‍රමය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම්වලට පටහැනිව පවත්වා ගැනීම සම්බන්ධ වගවීමෙන් ජනපති, පාර්ලිමේන්තුව සහ අධිකරණ ක්‍ෂේත‍්‍රය ඇතු`ඵ රජයට මිදිය නො හැකි ය.

කාතිට ඕලෙවල් නැතත් කම් නැත
අදාල නීතියට අනුව කාති තනතුරට පත් කරනු ලබන පුරුෂයාගේ අධ්‍යාපන සුදුසු කම් හෝ නීති ක්‍ෂේත‍්‍රයේ පළපුරුද්ද අවශ්‍ය නැත. එක ම සුදුසුකම සමාජ තත්වයක් ඇති යහපත් කෙනෙකු ලෙස ‘සැලකීම’ පමණකි.

පොදු අධිකරණ පද්ධතියේ මුල්ම ස්ථරය වෙන මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත් තනතුරට පත් කරනු ලබන තැනැත්තා අවම වශයෙන් වසර තුනක නීති අධ්‍යාපනය ලබා, සමත්ව, මාස හයක ආධුනික පුහුණුවකින් පසු නීතිඥයෙකු ලෙස කි‍්‍රයාකාරී ලෙස අධිකරණ ක්‍ෂේත‍්‍රයේ වසර කීපයක වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වෙයි. දිවයිනේ අධිකරණ බල කොට්ඨාශ 64 තුළ ඇති සියලූ පොදු අධිකරණවල ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව මුස්ලිම් භක්තික නීති වෘත්තිකයෝ සිය ගණනක් සිටිති.

දැනට ශී‍්‍ර ලංකාවේ පිහිටුවා ඇති කාති උසාවි ගණන 64 කි. නීති වෘත්තියේ වසර දසක ගණනක පළපුරුද්ද තිබුණත් මුස්ලිම් කාන්තාවකට කාති තනතුර ‘හරාම්’ ය. මුස්ලිම් භක්තික නො වෙන අයෙකුට නීති වෘත්තික සුදුසුකම් ලබා තිබුණත් කාති තනතුර දැරීමට අයිතියක් නැත. අදාල නීතිය මගින් වාරණය කොට ඇත.

පොදු අධිකරණ ක‍්‍රමය තුළ තනතුරු දැරීමට පුරවැසියන්ට ජාති, ආගම් මත කිසිදු වාරණයක් නැත. එසේ ම සිංහල, දෙමළ, බර්ගර් ආදි පුරවැසියන්ගේ විවාහ, දික්කසාද, විවාහ දෙපල උරුමය සහ නඩත්තු කිරීම් පිළිබඳ ගැටඵ විසඳීමට මුස්ලිම් භක්තික විනිසුරන්ට සහ විනිසුරුවරියන්ට කිසි ම වාරණයක් නැත. මුස්ලිම් භක්තිකයන්ගේ එවැනි ගැටඵ විසඳීම සම්බන්ධව, සමානාත්මතා මූලධර්මය (පි‍්‍රන්සිප්ල් ඔෆ් ඊක්වලිටි* නො සලකා හැර මුස්ලිම් භක්තික නො වෙන විනිසුරන්ට ෂරියා නීතිය මගින් වාරණ පනවා ඇත. එමෙන් ම කාති උසාවියේ පාර්ශවකරුවන්, පාර්ශවකාරියන් වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා සහාය වීමට නීති වෘත්තිකයන්ට අයිතිය නැත. නීති වෘත්තිකයන්ට පොදු අධිකරණ සහ අධිකරණමය ආතනවල පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීමට ඇති වෘත්තීය අයිතිය කාති උසාවියේ වාරණය කොට ඇත.

(නඩු ගොඩගැසීමට බලපාන හේතු නො සොයා, එය වැළැක්විමට අවශ්‍ය විසඳුම් වෙනුවට පැලැස්තරයක් ලෙස අධිකරණ කලාප 80 දක්වා වැඩි කිරීමට එනම් අ`ඵත් අධිකරණ කලාප 16 ක් පිහිටුවීමට සැලසුම් කොට ඇති බවට පුවතක් ඇත. පාලකයන් පාලිතයන් එක්ව ‘එක රටක්, එක නීතියක්’ ජප කරන, ජනතාවගෙන් 93%ට කිසි වැඩක් නැති තවත් කාති උසාවි 16ක් සහ කාති මණ්ඩල 16ක් නඩත්තු කිරීමේ බර පොදු ජනතාව මත පැටවෙන අතර ‘ජනපතිගේ, අගමැතිගේ දැක්ම’ යන ප‍්‍රශස්තිය මතුරමින් අධිකරණ ඇමැතිගේ කරට මල්මාලා පළඳවනු ඇත. මුස්ලිම් භක්තික පිරිමි ‘පීස් බී ඔන් යූ’ සීනිබෝලය රටට කවනු ඇත.*

එකට හතර අනුපාතය
පොදු නීතියට අනුව එක් අයෙකුට නීත්‍යනුකුළ එක විවාහය කි. රටේ නීති පොතට එකතු කොට ඇති ෂරියා, මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් ලබ්දික පිරිමියෙකු කාන්තාවන් හතර දෙනෙකු විවාහ කරගැනීම නීතියට අනුව අපරාධයක්, වරදක් නො වේ. ඒ සඳහා ඇති එක ම කොන්දේසිය ඔහු හතරදෙනාට ම සමානව සැලකීමට සමත් වීම පමණකි. වයස පනහට අඩු ආච්චි, අම්මා, දුවක සමාන වයස දොළහක දැරියක වැනි අඹුවන් ඒ සිව්දෙනා අතර විය හැකි ය. විවාහ ජීවිතය පුරා මේ අඹුවන් ‘සපත්නී රෝෂය’ නම් රෝගයෙන් පෙළෙන්නේ නැතැ’යි සහතිකයක් නැත.

රටේ අනෙක් කාන්තාවන්ට මෙන් මුස්ලිම් කාන්තාවට විවාහ විය හැක්කේ එක පිරිමියෙකු සමග පමණකි. ඇය මුස්ලිම් නො වෙන පිරිමියෙකු සමග විවාහ වීම හරාම් ය. විවාහවෙන්නේ නම් ඔහු මුස්ලිම් ලබ්දිකයෙකු කළ යුතු ය. විවාහයෙන් බාහිර පිරිමියෙකු පැතීම හෝ මුස්ලිම් නො වෙන පිරිමියෙකු සමග විවාහ වීම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවෙන බරපතල දේව විරෝධී අපරාධය කි. දෙවියන් කෙසේ වෙතත් ‘දේව ශාපය’ අතට ගත් මුස්ලිම් පිරිමි දඬුවම් කරති. එවැනි මිනීමැරීමක අපරාධකරුවන් ෂරියා නීතිය බලාත්මක රටවල ‘ගෞරවය රැුක ගැනීමේ ඝාතනයක්’, ‘ඔනර් කිලිං’ විත්තිවාචකය නිදහසට ඉදිරිපත් කෙරෙයි.

බහුවිවාහ අදාල නැත
පොදු නීතිය අනුව බහු විවාහය ස්තී‍්‍ර පුරුෂ භේදයක් නැතිව අපරාධ නීති සංග‍්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු සහ දඩුවම් කළ යුතු අපරාධය කි. ෂරියා නීතිය අනුව මුස්ලිම් ලබ්දික පිරිමියෙකු ‘බහු විවාහ’ (බිගමි* වරදට යටත් නැත. රටේ ජනගහණයෙන් 3% ක් පමණ වෙන මුස්ලිම් ලබ්දික පිරිමින් පමණක් පොදු අපරාධ නීතියට ඉහළින් තබා ඇත. ආගමික නීතිය තුළින් මුස්ලිම් පිරිමියා ඒ අපරාධයෙන් මුක්තිය (ඉන්ඩෙම්නිටි* ලබයි. පොදු නීතියෙන් අපරාධ වරදක් වෙන, හිතාමතාම කරන අපරාධමය ‘බහු විවාහ’ වරද කරන අපරාධකරුවන්ට ආගම අනුව මුක්තිය හිමි කිරීම නිවැරදි ද?

මුස්ලිම් භක්තික සමාජයේ කාන්තාවන්ට මුස්ලිම් පිරිමින්ගේ හිගයක් නැත. ස්තී‍්‍ර පුරුෂ ජන අනුපාතය අසමාන නැත. එක් පිරිමියෙකු කාන්තාවන් හතර දෙනෙකු විවාහ කරගැනීමෙන් මුස්ලිම් පිරිමින් තුන් දෙනෙකුට විවාහය සඳහා මුස්ලිම් කාන්තාවන් තුන් දෙනෙකු අහිමි කරයි. ම්ලේචඡු (බාබේරියන්* සමාජයකට මග සලසයි.

සාර්වභෞමික අයිතිවාසිකම් නසන ළමා විවාහ
රටේ බලාත්මක නීතියට අනුව විවාහය සඳහා විවාහාපේක්‍ෂකයන් අවම වශයෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අය විය යුතු ය. වයස අවුරුදු 16 සහ 18 අතර අයට දෙමවුපියන්ගේ ප‍්‍රකාශිත කැමැත්ත, අනුමැතිය ඇතිව විවාහ විය හැකි වුව ද කිසි ම ආකාරයකින් වයස අවුරුදු 16 ට අඩු අයගේ විවාහය වලංගු නො වෙන අතර ශී‍්‍ර ලංකාවේ බලාත්මක පොදු නීතිය අනුව එවැනි විවාහයක් දඬුවම් ලැබිය යුතු සාපරාධී වරදක් වෙයි. ඒ විවාහය ඔවුන්ගේ මවු පිය දැනුම ඇතිව නම් මව් පියෝ් ද දඬුවමට යටත් වෙති.

එහෙත් ෂරියා (මුස්ලිම්* නීතිය මුස්ලිම් භක්තික මනමාලිය අවුරුදු 12 සහ මනමාලයා අවුරුදු 16 සම්පූර්ණ නම් ඔවුන්ගේ විවාහය නීත්‍යනුකූල කොට ඇත. සියල්ලන් ම මුක්තියෙන් ආරක්‍ෂා වී ඇත. එසේ ම ක්වාසිගේ (කාතිගේ* කැමැත්ත පරිදි, පාසලේ පහ, හය වසරේ ඉගෙනුම ලබන වයසේ අවුරුදු 12 ට අඩු ළදැරියක පවා අවුරුදු තිහ, හතලිහකට වඩා වැඩි වයස් වූ විවාහක පුරුෂයෙකුට වුව ද විවාහ කරගැනීමට හැකි ය. (ළමා අයිතිවාසිකම් බල්ලට දමා ඇත.*

මුස්ලිම් ලබ්දිකයන්ගේ ළමා විවාහ සාපරාධී වරදක් ලෙස නො සලකන ෂරියා නීතිය ඔවුන්ට මුක්තිය හිමි කරයි. ළමා අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව සම්බන්ධ, සියලූ ආකාරයේ ජාතික සහ ජාත්‍යන්තර නීති රීති සහ විධිවිධානවලට පටහැනි ය. රටේ සියලූ ම දරු දැරියන්ට අනිවාර්යයෙන් වසර දහතුනක නිදහස් පාසල් අධ්‍යාපනය ලැබීමේ අයිතියට සහ රාජ්‍ය ප‍්‍රතිපත්තියට පටහැනි ය. එසේ ම පුරවැසියන්ගෙන් සියයට හතකින් අඩක් පමණ වූ මුස්ලිම් පිිරිමින්ට විශේෂ වරප‍්‍රසාද හිමි කිරීම සමානාත්මතා මූලධර්මයට පටහැනි වෙයි. වෙනස් ආකාරයකට සැලකීම කි. රටේ මූලික නීතිය උල්ලංගණය කිරීම කි. මුස්ලිම් ළදැරියන්ට ද හිමි සාර්වභෞමික අයිතිවාසිකම් (යුනිවර්සල් රයිටිස්* පැහැර ගැනීමට සහ අහෝසි කිරීමට මුස්ලිම් භක්තික පිරිමින්ට නීතිමය අයිතියක් ලබා දීමට තරම් නීතිය වනචර, අශිෂ්ට විය යුතු නැත. (මෑතක රූපවාහිනී සාකච්ඡුාවක දී අධිකරණ ඇමැති ළමා විවාහ ප‍්‍රශ්ණයෙන් ‘ආ\ ලිස්සන හැටි’ යස අගේට පෙන්වී ය.*

දික්කසාදය
පොදු නීතිය අනුව දිසා අධිකරණයෙන් පවතින විවාහයක් අහෝසි කිරීම, දික්කසාදය සඳහා මූලික කරුණු හතරින් එකක් හෝ අවම වශයෙන් හේතු විය යුතු අතර එය සනාථ කළ යුතු ය. මුස්ලිම් විවාහය අහෝසි කිරීමට, දික්කසාදය ලබාගැනීමට ඒ කිසි හේතුවක් නැතත් තමන්ට අවශ්‍ය නම් මුස්ලිම් පුරුෂයා තුන් වරක් ‘තලක්’ කීම කාතිට තහවුරු කිරීම ප‍්‍රමාණවත් ය. පස්වැන්නියක බිරිඳ ලෙස ගැනීමට අවශ්‍ය නම් හතරෙන් එක් තැනැත්තියක ‘තලක්’ කියා විවාහයෙන් මුදා හැරීම සිදු විය නො හැකි දෙයක් නො වේ.

දික්කසාදයෙන් තමන්ට හෝ හා දරුවන්ට නඩත්තු ලබා ගැනීම සංකීර්ණ ය. නඩත්තු නියම කිරීමට කාතිට බලය ඇතත් කි‍්‍රයාත්මක කිරීමට බලය නැත. පැහැර හැරි විට දික්කසාද පුරුෂයාට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පිහිට පැතිය යුතු ය. එය දික්කසාද කරන ලද කාන්තාවට නො හැකි ය. කළ යුත්තේ කාති විසිනි. තමන්ගේ සහතිකය සහිතව කාති විසින් ඇය වෙනුවෙන් ඉල්ලීම කළ යුතු ය. (කෙසේ වුවත් කාති උසාවි තුළ අල්ලස වැඩ කරන බවට සහ ඒ තුළ කායික අල්ලස් පවා ඇතුළත් බවට වාර්තා පළවී ඇත. ‘අසඩක්ගේ පිළිවෙත’ ද ඉක්මවා ගිය අය ඇත.*

මේ අපේ නීති පොතට ඇතුළත් කොට ඇති ෂරියා නීතියේ කොටසක් ගැන පමණකි.
යම් යම් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිට රටේ උත්තරීතර නීතියෙන් (ව්‍යවස්ථාවෙන්* හිමි නෛතික මුක්තිය අහෝසි කිරීමට ලියන, කථා කරන, පෙලපාලි යන මහජන නියෝජිතයන් ඇතුඵ සකලවිධ කසකරුවන් ව්‍යවස්ථාපිත පොදු නීතියට පටහැනිව සුඵ පිරිසකට ෂරියා නීතියෙන් දී ඇති අපරාධ සම්බන්ධ මුක්තිය පිළිබඳව ‘ගොඵ බිහිරි වෘතය’ රකින්නේ තමන්ට ලැබෙන, ලැබිය හැකි ප‍්‍රතිලාභ වෙනුවෙන් ද? කෙසේ වුවත් කාති උසාවියේ අධිකරණ බල සීමාවට අයත් ගැටඵ, ජාති, ආගම්, ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව විනිශ්චය කිරීමට රටේ පොදු අධිකරණ පද්ධතියට සියලූ හැකියාව තිබියදී පුරවැසියන්ගෙන් සියයට හතක් පමණ වූ එක් ආගමික ජන කොටසකට පමණක් විශේෂිත වූ කාති උසාවි ක‍්‍රමයක් තබාගැනීමේ අවශ්‍යතාවයක් නැත.

කාන්තා ‘සුන්නත්’-ෂරියා
රටේ නීති පොතට ඇතුළත් කොට ඇති මුස්ලිම් විවාහ නීතියට අදාල නැතත් දැනට වසර කීපයක සිට ‘කාන්තා සුන්නත්’ කිරීම සීරුවෙන් සිදු කෙරෙයි. ජනතාවට රහසක් වුව ද මුස්ලිම් නියෝජිතයන්ට, නායකයන්ට, උගතුන්ට, අධිකරණ ඇමතිට රහසක් විය නො හැකි ය. ඕල් සිලෝන් ජමයතුල්ලා උලමා සංවිධානයේ අනුමැතිය සහ අනුග‍්‍රහය ඇත. වසර දහයක පමණ සිට ආගමික මෙහෙය වීමක් අනුව දිවයිනේ ළමා, තරුණ සහ වැඩිහිටි මුස්ලිම් කාන්තාවන් හිස සිට දෙපතුල දක්වා වැසෙන ‘බ්ලැක් ක්ලෝත්’ මෝස්තරයකට යට වීමට වඩා සීඝ‍්‍රයෙන් ‘කාන්තා සුන්නත්’ කිරීම පැතිරෙයි.

සුන්නත් කිරීමට කුරාණයෙන් කාන්තාවන් අනිවාර්යයෙන් බැඳෙන බවත් ‘සුන්නත්’ නො කරන කාන්තාවන් ‘අපිරිසිදු’ බවත් උගන්වමින් මානසික වහල් බවක් ඇති කරමින් සහ සුන්නත් නො කරන කාන්තාවන් නිසා තමන්ගේ පුරුෂයන්ට ඒඞ්ස් ආදී ‘සමාජ රෝග’ (එස්.ටි.ඞී* හැදෙන බව උගන්වමින් අභූත බියක් ඇති කරමින් එ සඳහා පොළඹවති. තරුණියන්, විවාහක සහ දරුමිනිපිරියන් සිටින කාන්තාවන් පවා සුන්නත් කරවා ගනිති. එපමණක් නොව කිසිවක් නො දන්නා ළදැරියන් පවා ‘සුන්නත්’ කිරීමට යටත් කරති. මද්‍රාසා පාසල්වල උගන්වන පිරිමි සහ කාන්තා ‘ආගමික උගත්තු’ ගැහැණු ළමයින් පෙළඹවීම ජයට කරති. මද්‍රාසා පාසල් වෙන මල්වානේ සහ කල්එළිය වහබි අරාබි කාන්තා විද්‍යාල ගැහැණු ළමයින් පොළඹවන ප‍්‍රධාන මූලස්ථාන දෙකකි. මේ සඳහා කේරළයේ ආගමික අන්තවාදීන්ට සම්බන්ධ මුස්ලිම් දේශකයන් ද ඉතා කඩිසරව දිවයින පුරා සැරිසරමින් ඇත. එන්ජී ඕ පූර්ණ අනුග‍්‍රහය ලබන වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක් මේ ‘පූජා පැවැත්වීමේ විධිය’ සඳහා කල්කටාවේ ඇත. මුස්ලිම් පවුලේ ළදැරියන් ඇතුඵ සියලූ කාන්තාවන් කේරලයට යන ‘වෛද්‍ය සංචාර’ (මෙඩිකල් ටුවරිස්ම්* ගැන කිසිවෙකුගේ අවධානයක් නැත.

කොරෝනා වසංගතයට (කෝවිඞ් 19* බිලිවීමෙන් මුඵමහත් ජනතාව ආරක්‍ෂා කරගැනීමට, සෞඛ්‍ය නිර්දේශ සහ උපදේශවලට අනුකූලව සහ අනාගතයේ යළි කොරෝනා වෛරසය මතුවීම වැළැක්වීම සඳහා විද්‍යාත්මක මග පෙන්වීම් අනුව වසංගතයට බිලිවූවන්ගේ මිනී කිසි ම භෙදයක් නැතිව පිළිස්සීමට ගත් තීරණය සියලූ රටවැසියන්ගේ යහපත වෙනුවෙනි. පළමු රැුල්ලට වඩා දස ගුණයකින් පමණ වැඩි දෙවෙනි රැුල්ලේ දී වසංගතයට ගොදුරුවූවන්ගේ මිනී වැළලීමට යළිත් ආගම මුල් කරගෙන ඉල්ලීම ආගමික අන්ධභාවයක් නො වේ ද? අදත් හෙටත් මතුවටත් දස දහස් ගණනින් මිනිසුන් කොරෝනාවට බිලිවීම වැළැක්වීමට වඩා ආගමික වශයෙන් භූමදානය වටිනා නිසා ද? ඒ වෙනුවෙන් රජය කොමිටියක් පත්කොට ඇත. දියවන්නාවේ 225 පමණක් නොව රජයේ අධිකරණ ඇමැති ද ඇතුඵ මුස්ලිම් ආගමික සභා සොම්නසින් විය හැකි ය. මිනිස් ජීවිත වසංගතයෙන් බේරා ගැනීමට වඩා, මිනිස් ජීවිතවල වටිනාකමට වඩා වටිනා වෙනත් මොනවා හෝ දෙයක් ලැබෙන නිසා ද? ‘නැට්ටේ නැටවීම’ හරි අගේට පෙනෙනු ඇත. මුස්ලිම් භක්තික නො වෙන අනෙක් ආගමිකයන් මරා දැමීම තමන්ගේ ආගමෙන් උගන්වා ඇතැ’යි පිළිගෙන යුරෝපයේ, මැද පෙරදිග, ඇෆ්ගනිස්තාන, පකිස්තාන, බංගලාදේශ, මියන්මාර්, තායිලන්ත, මාලදිවයින්, ඉන්දුනීසියාව ආදී රටවල මුස්ලිම් ලබ්දිකයන් කළ සහ කරන සමූහ මිනිස් ඝාතන අපමණ ය. එසේ ම 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා මිනිස් සංහාරය පමණක් නොව අහිංසක පුද්ගලයන් මරා දැමීම සම්බන්ධයෙන් ආගමික ඉගැන්වීම මත මුක්තිය ඉල්ලා ඉදිරියේ යම් දිනෙක දිවයින තුළ බලපෑම් කිරීම් විය නො හැකි ද? රටේ ජනගහනයෙන් 3% ක පමණ වූ මුස්ලිම් පුරුෂයන්ට පමණක් විශේෂ වරප‍්‍රසාද මුක්තිය සලසන ෂරියා නීති ක‍්‍රමය පමණක් නොව රටේ උතුරු අර්ධද්වීපයේ වෙල්ලාල කුලයේ කොටසකට පමණක් විශේෂ වරප‍්‍රසාද, අයිතිවාසිකම් සලසා ඇති තේසවලමෙයි නීතිය ද රටේ මූලික නීතියට සහ පොදු නීතියට පටහැනි ය. ශී‍්‍ර ලංකාව ආගමික රාජ්‍යයක් නො වේ. ලෞකික රාජ්‍යය කි. ජාති, ජනවර්ග, ආගම් වෙනුවෙන් සහ ප‍්‍රාදේශීය වශයෙන් කිසිදු විශේෂත්වයක් නැතිව සියලූ ම පුරවැසියන්ට එකම නීති ක‍්‍රමයක් බලාත්මක විය යුතු ය. ‘‘එක ම රටක් එක ම නීතියක්’’ අඵත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතු ය. 2/3 ක බලය ඉල්ලා ලබාගත් ජනපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය ඒ වගකීම ඉටු නො කරන්නේ නම් රටට සහ ජනතාවට ද්‍රෝහී වීමකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress