කෝවිඩ් ඇවිත් – ඔබ කොහිද?
Posted on November 14th, 2020

වාගිස ප්‍රනාන්දු  විසිනි

කෝවිඩ් ඇවිත් වනසන විට දිවි            පෙවෙත
රටම සොයයි ඔබ කොහිදැයි වී                මවිත
ගහ කොල සුරකින්න යොදවා අද ඔබේ  සුරත
කෙළෙසද ඉන්නේ නිහඩව,දැක         මේ විපත?

ඔබ සිටි විටදි සුව පුටුවේ පෙර                යුගය
මුළු රට සැනසුනා දැක ජීවිත රැකි           විදිය
ජීවිත රකින එක නොව අද ඇති ලොකු ගැටය
වැළලියයුතුද පුච්චනවද මැරුණට පසු    මිනිය

සුදුස්සාට සුදුසුම තැන ඇති              ලොවක
මිත්‍යාවට වැඩි අගයක් නැති               තැනක
කේවට්ටයින් බැලු බැලු අත නැති           රටක
හමුවෙමු හැකිවුනොත් සසරේ  මතු දිනෙක!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress