ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා- දෙවන කොටස
Posted on November 23rd, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මෙහි ප්‍රථම කොටසින් ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදක විද්‌වත් කමිටුවට පෙන්‌වා දීමට උත්සාහ කලේ පහත සඳහන් කරුණුය:

(1) රටේ පහලම සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාශ, ස්වාභාවික (නැචුරල්) මායිම් සහිත වනසේ, ජලය ප්‍රධාන නිර්‌ණායකය ලෙස සළකා (දැනට නිව්සීලන්තයේ කරනවා මෙන්) නැවත ප්‍රතිසංවිධානය කිරීම;
(2) මෙය රටේ අනාදිමත් කාලයක සිට පැවති, ගම-වැව-දාගැබ යන (ත්‍රිත්‌වය) සමාජ-ආර්‌ථික-දේශපාලන මොඩලයට අනුකූලය;
(3) මේ මඟින් රටවල් කැබලිකරණ, නව යටත් විජිතවාදයේ ආයුධයක් වන, <නන්මැජෝරිටේරියන්> විසඳුම් (13 සංශොධනය වැනි) නමැති මර උඟුල් වලින් ගැලවීමට අවස්ථාවක් ලැබේ;
(4) මෙවැනි මහජාතියෙන් සුළුජාතිය බේරාගන්නටය කියන විසඳුම් ගේන්නේ, මහජාතියේ පක්‍ෂ දේශපාලක කළුසුද්දන්ට, ඔවුන් සුළු ජන වර්‌ග වල මානව හිමිකම් කඩකරණවා, අශීලාචාර ලෙස හැසිරෙණවා යන, අළුත් හීනමානයක් රිංගවිම හරහාය;
(5) මේ මානව හිමිකම් කතාව, සියළු සත්‌වයන් (සතා සිව්පාවා, ගස් ගල් පවා) සුවපත්වේවායයි කුඩාකාලයේ සිට දරුවන්ට උගන්වන, බෞද්‌ධ සමාජයකට, යුරෝපීය නව අධිරාජ්‍යවාදීන් කරණ අවමානයකි.

(ඉ) දෙවන යෝජනාව – දේශ(ය)පාලනය

*11. දෙවන යෝජනාව නම්, අළුතින් සීමා මායිම් කල ග්‍රාම සේවා වසම්, ජනතාව බලවත් කිරීම (එම්පවර්‌මන්ට් ඔෆ් පීපල් ඇට් ග්‍රාස් රූට් ලෙවල්) සඳහා ජන සභා වශයෙන් උපයෝගී කරගැනීම ව්‍යවස්ථාගත කිරීමය. මේ අනුව වසමක්, (හෝ ඒවා එකක් ප්‍රමාණයෙන් කුඩා නම් දෙකක්), ජන සභා (ජන මූල සභා) ඒකකයක් ලෙස හඳුනා ගැනීමය. මෙම ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොර (ඉතා සාර්‌ථකවූ එහෙත් මෑතකදී හදිසියේ නතර‌වූ ගැමි දිරිය වැඩසටහන හෝ සුද්දන් හා කළුසුද්දන් විසින් කඩාකප්පල්කල, 1930ස් 40 ස් ගණන් වල කළු කොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් සාර්‌ථක ලෙස ගෙනගිය ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාද මර්‌දන දීපව්‍යාප්ත ව්‍යාපාරය මෙන්), ඉන්දියාවේ (73 සංශොධනය, 1992), පංචයාත් රාජ්‍ය ආයතන වලදී මෙන් ව්‍යවස්ථාවෙන් බලය දෙනලද, මැස්ලෝගේ මිනිස් අවශ්‍යතා හා උවමනා ලැයිස්තුවට අනුව දිය හැකි උපරිම බලතල සහිත ආයතන විය යුතුය.

*12. මෙම ජනසභා භූමි ඒකක, 1977 ට පෙර රටේ පැවති පාර්ලිමේන්තු ආසන සීමා නිර්‌ණය කිරීමේදී හා චන්ද දමන මධ්‍යස්ථාන ප්‍රදේශ (පොලින් ස්ටේෂන් ඒරියා) මායිම් කිරීමේදී, භාවිතා කල හැකිය. ඉදිරියේදී රටේ තිබිය යුතු මධ්‍යම රජය, පාර්ලිමේන්තුව, ජන සභා ජාතික උපදේශක සභාව හා බිම් මට්ටමේ ජන සභා පමණය. මේ අනුව පලාත් සභා හා ප්‍රාදේශීය සභා අනවශ්‍ය මුදල් නාස්තියකි. එහෙත් යම් හෙයකින් විකෘති ප්‍රාදේශීය සභා ක්‍රමය අතහැර දැමීමට පක්‍ෂ දේශපාලකයින්ට ශක්තියක් නැත්නම් තාවකාලිකව හෝ තවදුරටත් ඒවා පවත්‌වාගෙන යාමේදී ඒවායේ බල ප්‍රදේශය හා කොට්‌ඨාශවල මායිම්, ජන සභා ඒකක එකතුකර සදාගත යුතුය. දැනට වැළලී ඇති පලාත් සභා නමැති සුදු අලියා ගොඩට ගෙන පණ දෙන්නට, කමිටුවේ සාමාජිකයින් කෙසේ වෙතත් රටේ මහජනයා එකඟ නැති බව නම් පැහැදිලිය. ඒ වෙනුවෙන් කෑ ගහන්නේ කවුද කියා සිතා බලන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදයක් බේරා ගැනීම උදෙසාද? (අභයවර්‌ධන පලාත් පාලන ප්‍රතිසංස්කරණ කොමිෂන් වාර්‌තාව, 1999).

(ඊ) දෙවන යෝජනාවේ පසුබිම

*13. ඉහත (ඇ) යටතේදී මෙන්, ජන සභා (ජන මූල සභා) සංකල්පයේ වටිනාකම (වාසි) පෙන්‌වා දිය යුතු වන්නේ, මා වැනි භූගෝල විද්‍යාව හැදෑරූ අය යම් සංසිද්‌ධියක් දෙස <සමස්තයක් ලෙස> බලන නිසාය (හොලිස්ටික්/සිස්ටමැටික් ඇප්‍රෝච්; ගසුත්, කැලයත් යන දෙකම දැකීම). ලෝකයේ ප්‍රශ්ණ වලට විසඳුම් බුදුදහම අනුසාරයෙන් ලබාගත හැකි යයි, ඉන්දියා ජනාධිපතිලා (අබ්දුල් කලාම්, ප්‍රතිභා පටිල්), අගමැති මෝඩිලා කියන්නේත්, ලෝකයාට බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති බෙදා හැරීම උදෙසා, ජනාධිපති සිරිසේන, ප්‍රංශයේ වැඩහිටිනා හාමුදුරුනමකට පොතක් ලිවීමට දිරි ගැන්‌වූයේත් කුමක් නිසාද යන්න ඔබලාගේ කමිටුව විසින් මෙවර නම් ඕනෑකමින් සළකා බැලිය යුතුමය.

බුදු දහම, නීති විද්‍යාව, හා භූගෝල විද්‍යාව යන දැණුම් සම්භාර තුන අතර පවතින අන්නෝන්‍ය සම්බන්‌ධතාවය (එකිනෙක හා බැඳීම) වටහා ගැනීම ඉහත සඳහන් කල අයගේ වචන ක්‍රියාවට නැඟීමේදී වැදගත් වන්නේය. ඉතා සරලව කියතොත්, බුදු දහමේ පදනම මධ්‍යම ප්‍රතිපදාවය. නීති විද්‍යාවේ ප්‍රාණ නාලිය වන්නේ රීසනබල් ඩොක්ට්‍රින් එකය. මේ දෙකම, පොලෝ තලය මත මිනිස් ක්‍රියාවලීන් ලෙස සිදු වන්නේ/හටගන්නේ, යම් භූමි ප්‍රදේශයක/රටක/සමාජයක භූගෝල විද්‍යා සාධකවල බලපෑමට යටත්‌වය. භෞතික පරිසරය හා මිනිසා අතර ඇතිවන සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදයේ කියන <කොම්ප්‍රොමයිස්> එකය. මෙය රීජනල් ජෝග්‍රෆි යයි හැඳින්‌වේ. ලොවටම පොදු භූගෝල විද්‍යා සාධක (සිස්ටමැටික් ජෝග්‍රෆි), ප්‍රදේශ වශයෙන් සුවිශේෂ ලක්‍ෂණ විදහා පාන්නේය. ඉතිහාසය කියන්නේ අතීත භූගෝල විද්‍යාවට බව මෙහිදී අමතක නොකල යුතුය. ලන්දේසි කාලයේ කුරුඳු ගහක් කපා දැමීමට මරණ දඬුවම දුන්නේත්, සිංගප්පූරුවේ ගුවන් තොටුපලේදී මත්ද්‍රව්‍ය සමඟ අසුවන අයට මරණ දඬුවම දෙන්නේත්, කොරියාවේ බලු මස් කෑම, ලංකාවේ මෙන් සත්‌ව හිංසාවක් නොවන්නේත් කුමක් නිසාද යන්න තේරුම් ගැනීමට, ඉතිහාස-භූගෝලවිද්‍යා, ප්‍රොසෙසස්-පැටර්න්ස් ප්‍රවේශය උපකාරවේ.

භූගෝල විද්‍යාවේ රීජනල් සංකල්පය හා ජන සභා

කොළඹ වෙනුවට මන්නාරමේ කොරෝනා මිණී වළලන්නට දෙන්නයි ඉල්ලන්නේ රීජන් භූගෝලවිද්‍යාවට අනුවය. මාලදිවයිනේ වළලනවා කියන්නේද ඒ අනුවය. මාලදිවයින් වතුර බොණ ලිං නැත. නෙදර්ලන්තයේද වතුර ලිං නැත. කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇමෙරිකාව විශාල භූමි ප්‍රමාණ සහිත මහාද්‌වීපය. ලංකාව නමැති කුඩා දූපතේ භූගෝල විද්‍යාව මේ අනිත් රටවලට වඩා වෙනස්‌ය. ලෝක රීජනල් භූගෝල විද්‍යාව ගත් විට, ලංකාව එහි එක රීජන් එකක් වුවත්, ලංකාවේ භූගෝල විද්‍යාවේදී මන්නාරම් ප්‍රදේශය වෙනම රීජන් එකක් ලෙසත්, මඩකලපු ප්‍රදේශය තවත් රීජන් එකක් ලෙසත් සැළකීමට හැකිය. මීට හේතුව සාම්මාන්‍ය්ස් භූගෝල විද්‍යාවේ සාමාන්‍ය සාධක, මෙවැනි කුඩා ප්‍රදේශවලදී වෙනස් ආකාරයට බද්‌ධව වෙනස් පැටර්න්ස් (මතුපිට රටා) ඇතිකිරීමය. ජන සභා යනු මෙවැනි භූගෝලවිද්‍යාවේ රීජනල් ඒකක ලෙස සැලකිය හැකිය

ඉතිහාසය කියන්නේ කුමක්ද කියා හැම දෙනාම දැන සිටියත්, භූගෝල විද්‍යාව කියන්නේ කුමක්ද යන්න (වට් ඊස් ජෝග්‍රෆි) බොහෝ දෙනා හරිහැටි නොදන්නා කරුණකි. පසුගිය දිනක ට්‍ර‌ැත් විත් චමුදිත යන යූටිටුබ් වැඩසටහනේදී, චමුදිත මේ ප්‍රශ්ණය විශ්‍රාමලත් භූගෝල විද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත මහතා ගෙන් විමසා සිටියේ, භූගෝල විද්‍යාඥයෙක් වශයෙන් කොරෝනා දේහ වැළලිය යුතු නැතැයි ඔහු කල ප්‍රකාශය නිසාය. දැනට තිබෙන හා නොතිබෙන, කරන හා නොකරන (ඇක්‍ෂන්ස් ඇන්ඩ් ඔමිෂන්ස්) සියළුම දේ විමසා බලන විට, ඒ සඳහා අනවශ්‍ය අවදානමක් ගත යුතු නැති බව ඔහු පෙන්‌වා දුන්නේය. අනිත් විශේෂඥයින් මෙවැනි අදහසක් තර්‌කාණුකූලව ඉදිරිපත් කිරීමට සමස්ථ දැණුමක් ඇති, <ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස්> ලා නොවේ! ඔවුන් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වනවා මෙන්, <මාස්ටර් ඔෆ් නන්> ලා ද නොවේ.

*14. උදාහරණයක් වශයෙන්, ලංකාවේ වෙනම දමිළ රටක් යන ව්‍යාපාරය ආරම්භ‌වූයේ 1949, 1956, 1976 හෝ 1983 දී සිට නොව, 1921/24 දී අරුණාචලම් පොන්නම්බලම් මහතාගෙන් බවත්, ඔහුත් රාමනාදන් මහතාත්, 1917 දී මැඩ්‍රාස් ප්‍රාන්තයේ ඇරඹුණ ද්‍රවිඩස්ථාන් ව්‍යාපරයට සම්බන්‌ධව සිටි බවත් දැන ගැනීම, නීති විද්‍යාවෙන් හෝ යම් උසාවියකින් හෝ නොව ඓතිහාසික භූගෝල විද්‍යාව (හිස්ටොරිකල් ජෝග්‍රෆි) මඟින් ලැබෙන දැණුමකි. මෙම විෂය තුනේ මිත්‍රත්‌වය පිළිඹඳ දීර්‌ග විග්‍රහයක් සඳහා මේ සමඟ අමුණා ඇති ලිපිය බලන්න (LLRC recommendations and path of devolution, Sri Lanaka Guardian, Feb. 2, 2012).. ජන සභා සංකල්පය සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරය හා කෙතරම් තදින් බද්‌ධවී තිබෙනවාද යන්න අවභොධ වන්නේ නීතියේ ආධිපත්‍යය හා නූතන ප්‍රජාතන්‌ත්‍රවාදී සංකල්ප, ඉන්දීය බෞද්‌ධ සමාජ කාලයේ සිට මුල්බැසගෙන තිබුණු බව දැනගත් විටය (The Legacy of India, 1937, Foreword by Lord Zetland, 1937). කොසොල් රජතුමා දුටු සිහින දෑසයට (මහා සුපින ජාතකය) බුදුරදුන් දුන් විවරණය, ලෝක ඉතිහාසයේ සුවිශේෂ හා සමහර විට එකම දේශපාලන විද්‍යා අනාවැකියය. අද ලංකා සමාජය වැටී ඉන්නා දුක්‌ඛිත තත්‌වය කොසොල් රජතුමාගේ සීන සැබෑවීමකි. කොරෝනා වසංගතය, මිනිසා පරිසරයේ අංගයක්, භාරකාරයෙක් මිස එහි අධිපතියා නොවේය යන මතය තහවුරු කරන්නේය. ලොව සෑම දෙයක්ම තාවකාලිකය, චක්‍රාකාරීය, සියළු සත්‌වයෝ (මිනිසා පමණක් නොව) නිදුක්, නිරෝගි, සුවපත් වෙත්‌වා යන්න සිංහල බෞද්‌ධ සමාජය විසින් ගම් සභා මට්ටමින්, ගොයම් කුඹුරේ සිටම (කුරුළු පංගුව) ක්‍රියාවට නැංවූයේය. කළුකොඳයාවේ හාමුදුරුවන් ගේ ව්‍යාපාරය සාර්‌ථකවූයේ ඒ නිසාය.

මේ නිසා රටට අවශ්‍යවන්නේ ජන සභා සංකල්පය මගින් මෙම මානසික විභවය ප්‍රතිශක්තීකරණය කර නැවත ඉස්මතු කර ගැනීමය. පීපල් පාටිසිපේෂන්, ස්මෝල් ඊස් බියුටිෆුල් (ෂුමාකර්, 1973), හියුමන් ස්කේල් (සේල්, 1980), පීපල්/සිටිෂන් පාටිසිපේෂන්, කොමියුනිටි නොලේජ් යන ප්‍රවාහ, හොරෝවිට්ස්ලාගේ හා ජෝසප් නයිලාගේ (සොෆ්ට් පවර්), රටවල් කැබලිකරණ නන්මැජෝරිටේරියන් ප්‍රවාහ පරදවා ඉදිරියට යායුතු බව කොරෝනාව ඉගැන්‌වූ අළුත්ම පාඩමය.

=========================

(උ) තුන්වන යෝජනාව

*15. ජන සභාව-යුද හමුදාව-පන්සල (පල්ලිය/කෝවිල) යන ත්‍රි‌ත්‌වය රටේ ජනතා සම්මුතිවාදී, පක්‍ෂ දේශපාලන පිළිකාවෙන් ගැලවුණ, සිවිල් පරිපාලන ඒකකය ලෙස ව්‍යවස්ථාගත කිරීමේ අවශ්‍යතාවයද කොරෝනාව ලංකාවට ඉගැන්‌වූ පාඩමකි. නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්ලෑනට/අභියෝගයට, ප්‍රතික්‍රියාව වන්නේද මෙම අළුත් ත්‍රිත්‌වයය. අවුරුදු තිහකටත් වඩා සිට රටේ පවතින මත්ස්‍ය න්‍යාය (ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගැනීම), ප්‍රභාකරන්ගේ බෝම්බ නිසා යටි හිතේ කිඳාබැසගත් මරණ භය, ලැජ්ජා බය නැති සමාජය හා රට කාර්යක්‍ෂම ලෙස ගොඩ නැඟීම සඳහා ජන සභාව නම් සම්මුතිවාදී දේශපාලන ආයතනය, පන්සල හා යුද හමුදාව මඟින් ශක්තිමත් කල යුතුය. ලංකාවේ හාමුදුරුවරුන්ට ජාතියේ මුරදේවතාවුන් යයි කියන්නේ මෙවැනි මැදිහත්‌වීම් රටේ ඉතිහාසයේ වැදගත් සාධකයක්‌වූ නිසාය. පන්සලෙන් ලැජ්ජාවත්, යුද හමුදාවෙන් භයත් යන දෙකම සමාජයට අවශ්‍යය. ජනාධිපති ප්‍රේමදාසගේ <ගම් උදාවේ> සිට, මේ තාක් නොයෙක් නම් වලින් ගම ගොඩ ගන්නට යයි පක්‍ෂ දේශපාලකයින් කලදේ වල ප්‍රතිඵල දෙස බලන විට, ඉන්දියාවේ පංචයාත් රාජ්‍ය ආයතන මෙන් නොව, ලංකාවේ ජන සභා සාර්‌ථක වීමට නම්, ඒවාට පන්සලේ මැදිහත්‌වීම හා යුද හමුදාවේ ශක්තිය හා බලය අවශ්‍යය. මීට හොඳම උදාහරණය නම්, කර්‌නල් රත්නප්‍රිය බන්‌ධු, වව්නියාවේ දෙමළ ජනයාට කල සේවයය.

බුදු දහම-නීති විද්‍යාව-භූගෝල විද්‍යාව අතර ඇති අන්තර් සම්බන්‌ධතාවය, ගම- වැව-දාගැබ යන ත්‍රිත්‌වය සමඟ බිම් මට්ටමේදී, ප්‍රායෝගික තලයේදී එක්වන අන්දම, මෙහි අමුණා ඇති සර්වෝදය රූප සටහනින් (බල පිරමිඩය හා ධර්‌ම චක්‍රය, ඒ. ටී. ආරියරත්න, 1988, 134 පිටුව) පිළිඹිඹු වේ.

ජන සභාවලට පවරණ (විමධ්‍යගත කරණ, ඩිසෙන්ට්‍රලයිස්ඩ්) බලතල මොනවාද, මධ්‍යම රජය විසින් ඉටුකරණා කටයුතු මොනවාද යන්න, සුමන්තිරන් හා දැනට රටින් පලාගොස් සිටින ජයම්පති වික්‍රමරත්න විසින් කියන ආකාරයේ <යළි මධ්‍යම රජයට ආපසු ගන්න බැරි> අන්දමේ බලය පැවරීමක් (ඩිවොලූෂන්), වශයෙන් රට බෙදීමේ අර්බුදයක් කරගැනීමට අවශ්‍ය නොනවන බව මෙම සටහනින් පන්‌වා දෙන්නේය. කුඩා රවුම් තුනෙන් යුත් කුඩා ත්‍රිකෝණයේ සිට, රට-දැය-සමය- යන විශාල ත්‍රිකෝණය දක්වා විහිදෙන, ජන සම්මුති පාලන ක්‍රමයකදී, දෙන්නේ මොනවාද, ආපසු ගන්නවාද යනාදිය විවාදයට කරුණු නොවේ. එක් ජන සභාවක් කරණ දේ, තවත් ජන සභාවක් කරණ දේම විය යුතු නොවේ.

(ඌ) ස්පේෂියල් ඉනික්‌විටි

‭There is no racial inequity in Sri Lanka, but there are spatial (georaphical) inequities, and lack of equal access to oppurtunites affecting all its citizens.”

*16. ලංකාවේ තිබෙන්නේ එක්තරා ජන වර්‌ගයකට සිතා මතාම ඇතිකර ඇති විෂමතාවයක් (ඩිස්ක්‍රිමිනේෂන්, සිංහලයිසේෂන් ප්‍රොජෙක්ට්?) නොව, භූමීය වශයෙන් පවතින අසමානත්‌වයකි (ස්පේෂියල් ඉනික්‌විටි). යාපනේ හුණුගල්, දකුණේ තෙත් කලාපය, මන්නාරම-හම්බන්තොට ශුෂ්ක කලාප, ධීවර කලාපය, ගංවතුර, නියං, අලි-මිනිස් ගැටුම් ප්‍රදේශ, ලඟින්ම පාවෙන අශූචි බල බලා කැළණි ගඟේ ජලය නාන ස්ථාන, යන මේ සංසිද්‌ධීන්ට භාෂාවක් හෝ ආගමක් නැත. කොළඹට කිරි, අපිට කැකිරි කියන්නේ මේ විෂමතාවය අවම කිරීමට ලංකාවේ පක්‍ෂ දේශපාලකයින් අසමත්‌වීමටය. යූත් (තරුණ) කොමිෂමෙන් 1999 දී යෝජනා ගෙනාවේද ඒ සඳහාය. අපිට පොලිස් බලතල එපා, වෙනම රටක් එපා, කොළඹට දෙන දේම අපිටත් දෙන්න කියා කරුණා අම්මාන් මෙන්ම, අරුන් තම්බිමුත්තුද කියන්නේ ඒ නිසාය. ආවා කල්ලියේ යයි හංවඩු ගැසූ අරුලන්දන් සිද්‌ධාර්‌ථන්ද මේ දේම කියන්නේ තමන් රා මදින කුලයේ කියා වෙල්ලාලයින් කරණ වෙනස්කමද මීට එකතුකරමින්‌ය. මෙවැන්නට, කොළබ ඉන්නා මනෝගනේෂන් පවා, <ටැමිල් ට්‍රේටර්ස්ලා> (දෙමළාට ද්‍රෝහී වන දෙමළුන්) කියන්නේ ඇයි?

මේ අනුව ප්‍රඥාවන්තව බලන විට දේශපාලකයින් විසින් කල යුත්තේ භෞතික වශයෙන් රටේ පවතින සම්පත් බෙදීයාමේ අසමානකම, තවත් ත්‍රීව්‍ර වන ලෙස හැන්‌දෙන් තම චන්ද කොට්ඨාශ වලට බෙදා ගැනීම නොවේ. ප්‍රේමදාස ගම් උදාවේ සිට යහපාලන දෙමළ මන්ත්‍රීන්ට මිලියන 30ක් බැගින් බෙදාදීම දක්‌වා ගමට සෙතක් වූනේ නැත. භෞතික පරිසර මෙන්ම, අතේ ඇඟිලි සළකුණු මෙන්, මිනිසුන් දෙදෙනෙක් එක සමාන වන්නේ නැත. බුදුදහමේ කියන්නේද එයමය. කුස ගින්නේ ඉන්නා මිනිහාට බණ කියනවා මෙන් නොව, රාජ්‍යය මඟින් කල යුත්තේ, සෑම දෙනාටම සමාන අවස්ථා සළසා දීමය (ඇක්සස් ටු ඊක්වල් ඔපර්චුනිටීස්). වඩුවෙක් වෙන්න හිතන කෙනාට ඒ සඳහාත්, දොස්තරෙක් වෙන්න හිතන කෙනාට ඒ සඳහාත් උත්සාහ කිරීමට ඇති භාධක ඉවත් කර දීමය. ඔහු හෝ ඇය එය ලබා ගනීවිද යන්න වෙනම කාරණයකි. ලෝක බැංකුව දැන් දශකයක සිටම කතා කරන්නේද මේ භූගෝලීය අසමානකම් හා ඒවාට විසඳුම් ගැනය (රිෂේපින් ඉකොනොමික් ජෝග්‍රෆි, වර්ල්ඩ් ඩිවෙලොප්මන්ට් රිපෝට්, 2009, ලෝක බැංකුව).

(එ) අභිලාශ කතාව හා මානව හිමිකම්

*17. ලංකාවේ මේ අභිලාශ කතාවේ ආරම්භය, මාදුළුවාවේ සෝභිත හිමියන්, කුමාර් පොන්නම්බලගෙන් ඇසූ ප්‍රශ්ණයක් හා බැඳේ. අනිකුත් ජන වර්‌ග වලට නැති, දමිළ ජනයාට පමණක් ඇති වෙනස්කම්/ප්‍රශ්ණ මොනවාදැයි හාමුදුරුවන් විමසූ විට, මඳක් තත්පර‌වූ කුමාර්, < වී ටැමිල්ස් හෑව් ඇස්පිරේෂන්ස්> යයි කියා සිටියේය. මිනිසාට හා සතුන්ට පොදු සිද්‌ධීන් හතර නම්, ආහාර, නින්ද, භය හා කාමය (ප්‍රජනනය) ය. මැස්ලෝ විසින් සමහර විට කොපිකලේ මේ සංස්කෘත ශ්ලෝකය විය හැකිය. තමන්ටම නිවසට අල්ලා වැසිකිලියක් හා ටවුමේ පොදු වැසිකිලියක් යන කාරණා දෙකේ වෙනස කුමක්ද? එසේ නැත්නම් තම මිදුලේ ඇති කුඩා වන්ඳනා කුටියක් හා ගමේ පන්සලක් අතර වෙනස කුමක්ද? කාන්තන්කුඩියේ මුස්ලිම් පල්ලි 67 ක් ම තිබෙන්නේ ඇයි? එය පුදගලික අවශ්‍යතා හා පොදු අභිලාශ යන කාරණා දෙක පටලවා ගැනීමකි. ක්‍රමයෙන් පුද්ගලික කායික හා මානසික අවශ්‍යතා සම්පූර්‍ණ වන විට මිනිසෙකුගේ සිතට එන ඉහල ආශා, අභිලාශ ලෙස හැඳින්‌විය හැකිය.

උදාහරණයක් වශයෙන්, යම් දමිළයෙකුට, යූ. එන්. කොඩියක් සහිත ලෝකයේ වෙනම දෙමළ රටක් ගැන ආශාවක්, සිහිනයක් පහල වීමට හොඳටම ඉඩ ඇත. එහිදී ඒ සඳහා සුදුසුම භූමිය කුමක්දැයි ඔහු/ඇය සිතිය යුත්තේ භූගෝල විද්‍යාවට අනුවය. 1917 සිටම එන ටැමිල්නාඩ්/ද්‍රවිඩස්ථාන් බීජය එහි මාතෘ භූමිය වන දකුණු ඉන්දියාවෙන් ගලවා, සිංහලයාගේ ලංකා භූමියේ සිටුවන්නට සිතීම භූගෝල විද්‍යාවට පටහැනිය. ලොව වෙන කිසිම භූමියක් නැති සිංහලයාට ඒ ගැන සිතීම පවා අධික මානසික ආතතියක් ගෙන දෙන්නේය. මෙසේ යෙමෙකුගේ පුද්ගලික අවශ්‍යතා හා උවමනා එපා කම් මෙන් නොව, සුළු ජනවර්‌ගවල දේශපාලකයින්ගේ අභිලාශ වෙනත් ජාතියක අභිලාශ සමඟ ගැටීමක් සිදුවේ. ප්‍රභාකරන් තුවක්කුවෙන් කලා මෙන් හෝ නීතිය මඟින් චන්ද්‍රිකා-ජී. එල්. පීරිස් සමග එකතුව නීලන් තිරුචෙල්වම් විසින් උතුරු-නැගෙනහිර තනිකර දෙමළ ප්‍රදේශයක් සදා ගන්නට සැදුවා මෙන් (ඉන්දියන් පොන්ඩිචෙරි මොඩලය වෙනුවට), ලංකාව දෙකට, තුනට කැඩී යාමට නොදීම මිස දෙමළ මිනිසාට හානිකිරීම සිංහලයාගේ අභිලාශය නොවේ (චන්දිර්‍කාගේ රටකැදීමේ ප්ලෑන)

මෙසේ, යම් පංචස්කන්‌ධයකට, ඔහුගේ පවුලට ඇති පුද්ගලික අවශ්‍යතා (නිවසක්, ලිඳක්, පරිගණකයක්, බයිසිකලයක්, පාසැලක්, ඉස්පිරිතාලයක්, උපාධියක්, රක්‍ෂාවක්, හොඳ කසාදයක්) අතරත්, මේ ඇස්පිරේෂන්ස් කතාවත් අතර විශාල වෙනසක් ඇත. එය යම් ජන වාර්‌ගික දේශපාලකයින් පිරිසක් විසින් බලයේ සිටීම සඳහා මිනිසුන් බැටළු පැටවුන් කර දක්කා ගෙන යාමය. උදාහරණයක් වශයෙන්, තමන්ට එතෙක් තිබූ ලංකාවේ දේශපලන නායකත්‌වය, චන්ද බලය පැතිරීමත් සමඟ අහිමිවී යන බව දැනගත් පොන්නම්බලම් අරුණාචලම් 1923 දී ටැමිලක්කම් ව්‍යාපාරය ආරම්භ කලේය. තමන්ට සිංහල ලේලිලා දෙන්නෙක්ම ඉන්නා, විග්නේෂ්වරන්, දමිළ ජන වර්‌ගය, සිංහලීකරණයෙන් බේරාගෙන පිරිසිදුව තබා ගැනීම නමැති අභිලාශය උදෙසා සිංහලයින් කසාද නොබඳින ලෙස දමිළ ජනයා උසිගන්‌වයි.

මීට වඩා බරපතල වන්නේ මේ බොරුකාරයින්ගේ බොරු ඇස්පිරේෂන්ස් වල ගැටීමය. තුර්කිය, යුරෝපා සංගමයේ පාස්පෝට් සහිත රටක් කර ගැනීමට එහි නායකයින්ට ඇති අභිලාශය, එය ක්‍රිස්ත්‍රියානි සංගමයක් ලෙස තබා ගැනීමට ප්‍රංශයට ඇති අභිලාශය හා ගැටේ. ලංකාවේදී ඇති ප්‍රශ්ණය නම් උතුරු-නැඟෙනහිර ස්‌වයංපාලනයක් යන අභිලාශය ටැමිල්නාඩ් දමිළයින්ට ලංකාවට ගලා ඒමට පාලමක් දමා දීමෙන් කෙළවර වනවා යන්නය. මීට හේතුව ස්‌වයංපාලනය අතර මැදි අම්බලමක් මිස, ඊළම් පාරේ අවසානය නොවීමය. දමිළ ජනයාගෙන් සියේට 40 ක්ම සෙසු පලාත් හතේ විසීමත්, මලයනාඩු දමිළයින් කුලප්පු කිරීමට ස්‌වයංපාලන නායකයින්ට ඉඩ ලැබීමත් නිසා සෙසු පලාත් හත අන්දමන්දවී යනු නිසැකය.

මේ නිසා 13-ඒ ප්ලස් කියමින් නන්මැජෝරිටේරියන්/ සොෆ්ට් පවර් ලෝකල් නියෝජිතයින් වන දයාන් ජයතිලකලා දෙමළ ඇස්පිරේෂන්ස් ගැන කතා කරන්නේ රටේ සිංහල බෞද්‌ධ පදනම බිඳ දැමිය යුතුය යන අධිෂ්ඨානයෙන් මිස දමිළ ජනතාවට ඇති ආදරයකින් නොවේ. නොෙසේ නම් ඊළම්වාදී නායකයින් අතලොස්සකට නොව දමිළ ජනයා (වෙල්ලාල මෙන්ම කුලහීන යයි කියන) බලවත් කරණ ක්‍රමයක් වන ජන සභා ගැන නිහඬ ඇයි. මිය ගිය සී. ජී. වීරමන්ත්‍රි ලෝක විනිසුරුතුමා ජන සභා සංකල්පය අනුමත කල බව හොරෝවිට්ස් අනුගාමිකයින් නොදන්නවාද?

ජන සභා මඟින් මෙම දමිළ අහිලාශ කතාවටද රීසනබල් විසඳුමක් ලැබේ. රට කැඩීමේ ව්‍යාපාරයට වක්‍රව හෝ රුකුල් නොදෙනතාක් දුරට (ප්‍රභාකරන් සැමරීම වැනි) තම සංස්කෘතික හා වෙනත් සමාජ-දේශපාලනික අභිලාශ ඉටුකර ගැනීමට දීම, සිංහලයාගේ සිංහලේට තර්‍ජනයක් නොවන්නේ නම් ඒ සඳහා සිංහලයින් විරුද්‌ධ වන්නේ නැත. උදාහරණයක් වශයෙන්, උතුරේ යම් ජන සභාවක් වෙසක් හෝ නත්තල් හෝ මුස්ලිම් නබිනායක දින නිවාඩු දින නොවිය යුතුයයි තීරණය කලොත්, ඉන් සිංහල මහජාතියට වන හානියක් නැත. නමුත් ප්‍රශ්ණය වන්නේ එවිට දකුණේ ජන සභාවක් තයිපොංගල් අහෝසි කිරීමට ක්‍රියාකිරීමෙන් දැක්‌විය හැකි ප්‍රතික්‍රියාවය. මෙහිදී සිදුවන්නේ දකුණේ ව්සිරී ඇති දමිළ ජනයා උතුරේ දමිළ ජනයාට අඥාන වැඩ නොකරණ ලෙස හින්දු සංවිධාන මඟින් දැනුම් දීමය. මෙහිදී මධ්‍යම ආණ්ඩුවේ මැදිහත් වීමක් අවශ්‍ය නොවේ.

(ඒ) ජන සභාවල සංයුතිය, කාර්ය භාරය

*18. මෙවරවත්, ජන සභා සංකල්පය ක්‍රියාවට නැංවීමට තීරණයක් ගත්තොත්, එය කෙසේ විය යුතුද යන්න සාකච්චා කල හැකිය. යම් ආකාරයකට ජන සභා නියෝජිතයින් අතුරෙන් තෝරා පත්‌වන 100 දෙනෙකුගේ ජාතික ජන සභා උපදේශක මණ්ඩලයක්, පාර්ලිමේන්තුවේ අණපණත් සළකා බලන හා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරණ සෙනේට් සභාවක් ලෙස පිහිටුවිය හැකිය.

මෙහි පහතින් දැක්‌වෙන්නේ ජන සභා මඟින් රට ගොඩ ගැනීම සඳහා යොදාගත හැකි එක් ක්‍රමවේදයක පියවරවල්‌ය: මෙය ජනාධිපති ගෝඨාභයගේ රටේ පරිපාලන කටයුතු ඩිජිටල්කරණය කිරීම සමඟද ගැලපේ.

ජන සභාව සඳහා දැනට ග්‍රාම සේවා වසමේ සිටින පූර්‌ණකාලීන නිලධාරීන් පස් දෙනාත්, ප්‍රාදේශීය ලේකම්තුමාත්, පොලිස් ස්ථාන නිලධාරියාත්, යුදහමුදා නිලධාරියෙකුත්, චන්ද බලය රහිත සාමාජිකයින් වේ. සභා ප්‍රදේශයේ පන්සල් වල නායක හමුදුරුවරු, පල්ලි හා කෝවිල් වල පූජකවරු එකතුව ජන සභාව සඳහා සුදුසු පුද්ගලයින් 10 දෙනෙකු නම් කරණු ලැබේ. මෙසේ නම් කල අය සම්බන්‌ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ජන සභා ප්‍රදේශයේ චන්දබලය හිමි පුරවැසියන්ට ලබාදිය යුතුය.

පියවර 1- ජන සභා ප්‍රදේශය තුල ඇති සම්පත් (රිසෝසස්) හා භූමි පරිභොගය (ලෑන්ඩ් යූස්) සිතියම් ගත කිරීම

(1931 දී බ්‍රිතාන්‍ය භූගෝල විද්‍යාඥ ඩඩ්ලි ස්ටෑම්ප් විසින් මෙම සංකල්පය ඒ රටේ ආරම්භ කලේය. මේ වනවිට එය ඩිජිටල් කරණයට ල‌ක්‌වී ඇත. පසුකලෙක ආරක්‍ෂක ඇමතිව සිටි මියගිය රන්ජන් විජේරත්න මහතා කෘෂි පර්යේෂණ ආයතනය භාරව සිටියදී මෙවැනි සමීක්‍ෂණ ව්‍යපෘතියක් දියත් කලේය. ප්‍රභාකරන් සිය බලප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් මට්ටමින් මෙවැනි සිතියම් සදවා පරිගණකගත කෙරෙව්වේය).

අද ලංකාවේ මේ සඳහා අවශ්‍ය, එහෙත් විසිරී ඇති, තොරතුරු එමටය. මිණුම් දෙපාර්‌තමේන්තුවේ නූතන සිතියම් පදනම් කරගෙන, ඒවා ක්‍ෂේත්‍ර සමීක්‍ෂණ මඟින් යාවත්කාලීන කිරීම රටේ ඇති භූගෝල විද්‍යා දෙපාර්‌තමේන්තු හරහා ග්‍රාම සේවා වසම් මට්ටමෙන් කරගත හැකිය. ඒ සඳහා සංවිධානාත්මක පරිපාලන යාන්ත්‍රණයක් අවශ්‍යය. එක් එක් ග්‍රාම සේවක වසම් (ජන සභාව/ජනමූල සභාව) සඳහා පිළියෙල වන මෙම සිතියම් එම වසමේ ඇති පාසැල්, පුස්තකාල, පන්සල්/කෝවිල්/පල්ලි වල ප්‍රසිද්‌ධ කල යුතුය, ඒවායේ වැරදි, අඩුපාඩු පෙන්‌වා දීමට මහජනයාට ඉඩ ප්‍රස්ථා ලබාදිය යුතුය.

පියවර 2- සිතියම්වල ඇති තොරතුරු සංඛ්‍යා සටහන් (ඩේටා ටේබල්) වශයෙන් පරිගණකගත කිරීම ඊලඟ පියවරය. මේ අනුව යම් ග්‍රාම සේවක වසමක ඇති සිතියම්ගත තොරතුරු සටහනක (ටේබල්) තිරස් කොලම් හා හරස් පේලි වශයෙන් වර්‌ගක රණු ලැබේ. ජන සභාවේ කටයුතු සඳහා පදනම වන්නේ සිතියම් හා මෙම සටහන් (ටේබල්) ‌ය.

සමහර විට, ධනවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින කිසිම රටක දැනට සිදු නොවන දෙයක් නම් හා, ඉන්දියාවේ පංචයාත් රාජ්‍ය ආයතන වල අකාර්යක්‍ෂමතාවයට හේතුවක් නම්, ජන සභාවලට තනියෙන් සිට ගැනීමට නොහැකි බව වටහාගෙන ඒවාට ඔක්‍ෂිජන් සපයන මධ්‍යම ආයතනයක් නොමැතිවීමය. මෙම මධ්‍යම ආයතනය සේවා සපයන ස්වාධීන පක්‍ෂ. දේශපාලනයෙන් නිදහස් ඒකකයක් විය යුතුය.

මෙහිදී රටේ සෑම ග්‍රාම සේවක (ජන සභා) වසමක්ම විශාල සංඛ්‍යා සටහනක (ටේබල්) එක පේලියකි. එම වසමට අදාල, ඉහත තුන්වන පියවරේ ඇති තොරතුරු, සටහනේ සිරස් කොලම්‌ය. මෙවැනි වේරියබල්ස් වලට සීමාවක් නැත. උදාහරණයක් වශයෙන් කෘෂිකර්‌මාන්තය යටතේ, එක් එක් භොග සඳහා වේරියබල්ස් තිබේ. භෞතික සම්පත් යටතේ, වනාන්තර, ඛණික, ජලය, පස යනාදියද, මානව විද්‍යා අංශයෙන්, මිනිසුන්ගේ අපරාධ, ආගම, භාෂාව, ජාතිය, වෘත්තිය, අධ්‍යාපන මට්ටම යනාදියද, ස්වාභාවික ආපදාවල්, අලි-මිනිස් ගැටුම්, වටු කුරුල්ලන්ගේ බිත්තර, කුකුල් ෆාම්, පාරවල් වර්‌ග, ලෙඩ රෝග ව්‍යප්තිය, බෝ නොවන ලෙඩ රෝග සංඛ්‍යා යනාදිය දැක් විය හැකිය.

පරිශීලනයේ පහසුව සඳහා එක් මෙග ටේබල් එකක් වෙනුවට, භූමිය වශයෙන් හෝ විෂය වශයෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්‌යාල වශයෙන් ටේබල් වෙන් කල හැකිය. මෙහිදී වැදගත් කාරණය වන්නේ ග්‍රාම සේවා වසමේ සිටම මෙම වේරියබල්ස් එකම ප්‍රමිතියක් (ස්ටෑන්ඩර්‌ඩ්) අනුගමණය කිරීමය.

මෙම ටේබල් පරිශීලනය කරන්නාට ඒවායේ ඇති සංඛ්‍යා වෙනස් කිරීමට ඉඩක් නොතිබිය යුතුය. ලංකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම ජන සභාවක ටේබල් හා සිතියම් බැලීමට හැකිවිය යුතුය.

<යූසින් සයන්ස් ටු ක්‍රියේට් අ බෙටර් ප්ලේස්> යන තේමාව යටතේ සළකණ විට ජන සභාවල ප්‍රතිපත්ති තීරණ සඳහා පදනම වන්නේ මෙම සිතියම් හා ටේබල්‌ය. තීරණ අනුව ගන්නා ක්‍රියාමා‌ර්‌ග අනුව ටේබල් යාවත්කාලීන කිරීමට ජන සභාවේ ඉන්නා ස්වාධීන පර්යේෂණ නිලධාරියා එය මධ්‍යම පර්යේෂණ ඒකකයට වාර්‌තා කරන්නේය. ක්‍රියාවලියේ ප්‍රගතිය මොනිටර් කිරීම එම නිලධාරියාගේ වගකීමය.

මෙම බිම් මට්ටමේ ප්‍රගතිය, පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරාගත් ජන සභාවට හා මාසික ජන සභා මහජන රැස්වීමට ඉදිරිපත් කරන්නේද එම නිලධාරියා විසින්මය. අඩු පාඩු, ගැටළු, විසඳුම් හා නව සංශොධිත ඉලක්ක, ඒවායේදී මෙසේ අවස්ථා දෙකකදී සාකච්චා කෙරේ.

පියවර 3- ජනසභා තොරතුරු ලංකා සිතියමේ පෙන්‌වීම
රටේ ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙකුට අමතරව, රටේ ඕනෑම මන්ත්‍රී ප්‍රාණයකට විනාඩි කීපයක් තුල තම චන්ද ප්‍රදේශයේ පමණක් රටේ ඕනෑම ජන සභාවක කටයුතු පිළිඹද දැණුමක්, පරිගණකයක් හරහා දැන ගැනීමට මෙම ක්‍රමය මඟින් අවස්ථාවක් ලැබේ.

නිදසුනක් වශයෙන් ජනාධිපතිට රටේ අලි-මිනිස් ගැටුම් වල අළුත්ම තොරතුරු දෙනගැනීමට අවශ්‍යනම් ඔහු කල යුතුවන්නේ තම පරිගණකයේ ඇති ඊට අදාල වේරියබල් එකේ නම ටයිප් කිරීමය. ඊට අදාල ලංකා සිතියමක් පරිගණකයේ දිස්වෙන්නේ එක් ජන සභාවක් සිතියමේ තිතක් වශයෙන් ග්‍රිඩ්ගතකර ඇති නිසාය.

(ක) වෙනත් යෝජනා

*19.
(1) 1960 ගණන් වල අගමැතිනි සිරිමාවෝ හා අධ්‍යාපන ඇමති බදිුද්දීන් විසින් ඉතිහාසය හා භූගෝල විද්‍යා විෂය පාසැල් වලින් ඉවත් කරණ ලදී. මේ නිසා තමන් උපන් රට ගැන නොදන්නා නරුම සමාජයක් බිහිවී ඇත. මෙය නිවැරදි කල යුතුය.

(2) 1972 දී අගමැතිණිය, ක්‍රිස්තියානි ෆිලික් ඩයස් හා මාක්ස්වාදී කොල්වින් කල බරපතල වරදක් නම්, සිංහලේ යන්නෙන් බිඳුණ සිලෝන් යන නම නැවත සිංහලේ නොකර, ඇගේ පක්‍ෂයේ නම රටේ නම කිරීමය. මෙය 1815 දී උඩරට රදලයින් රට පාවාදීමටම සමානය. මෙය නිවැරදි කල යුතුය.

(3) පාසැල් ළමුන්ට 10 ශ්‍රේණි විභාගය තෙක්ම සිංහල හා දෙමළ අනිවාර්ය භාෂා කලයුතුය (ජාත්‍යන්තර පාසැල්ද ඇතුළුව)

(4) හාෂාව හා ආගම අනුව පාසැල් පවත්‌වා ගෙන යාම නතර කල යුතුය.

(5) භික්‍ෂූන්ගේ සිවිල් කටයුතු විසඳීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවිය යුතුය.

(6)කල්තියා ප්ලෑන් කර කරණ ලද මරණ වලට, ජූරි සභාව අනිවා‌ර්ය කර, මරණ දඩුවම අනිවාර්ය කිරීම

(7) හිරකරුවන්, හිරගෙවල් වලින් පිට කඳවුරු වලට ගෙන ගොස්, යුද හමුදා අධීක්‍ෂණය යටතේ, රටේ සංවර්‌ධන වැඩට (වැව් වාරි මාර්‌ග පිළිසකර කිරීම, පාරවල් නඩත්තුව, ගොවිපළවල් වැනි) යොදා ගත යුතුය. ඒ සඳහා සාධාරණ දීමනාවක් ලබාදී එය පවුල් වලට යැවීමට ඉඩ දිය යුතුය.

(8) මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් යම් මුදලක් ගෙවා ලබා ගැනීමට මහජනයාට ඉඩ ලබාදිය යුතුය.

(9) පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා වෙනත් මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ බලය චන්දදායකයින්ට තිබිය යුතුය.

(කා) ආශ්‍රිත ලිපි, රූප සටහන්, සිතියම්, ලිපි හා වාර්‌තා
*20.

(1) ධර්‌ම ද්‌වීප-ධාන්‍යාගාර චින්තනය රූප සටහන, සර්වෝදය, 1988
(2) දේශගුණික කලාප හා පලාත් මායිම් සිතියම, නානායක්කාර, 2017
(3) ජන සභා සංකල්පය තුලින්
(4) නීති පොතේ ඇති, එහෙත් රටේ නැති, ආධිපත්‍ය දෙකකට නැසෙන සුප්‍රිම් උසාවිය, ලංකාවෙබ් (ලවෙ), 2020 මැයි 10
(5) සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය, (ලවෙ), 2020 ජූලි 12
(6) ලංකාවේ මුස්ලිම් වෙළෙන්දන් අරාබි ශාරියා මිණීමරුවන් කිරීම, ලවෙ, 2020 ජූනි 5
(7) ප්‍රජා-තන්ත්‍ර-වාදය නමැති නාස්ලණුවෙන් ගැලවෙමු! (පලවෙනි කොටස), ලවෙ, 2020 මාර්තු 29.
(8) දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 1, ලවෙ, 2020 ජනවාරි 28.
(9) ඊළම හා වතුර යුද්‌ධ, ලවෙ, 2017 මැයි 15
(10) රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි, 2017 පෙබරවාරි 2
(11) සම්බන්‌ධන් මහතා ඉල්ලන <ඔක්කොම එකඟ වෙන්න පුළුවන් හොඳ තීන්දුව> ලවෙ, 2015 සැප්තැම්බර් 9
(12) සුමන්තිරන් ඉල්ලන ආපසු ගන්න බැරි එක, ලවෙ, 2015 සැප්තැම්බර් 4
(13) ජන සභා සංකල්පය තුලින් සාමකාමී තිරසර ලංකාවක් බිහිකර ගැනීම (බෞද්‌ධ දේශපාලනය), ලවෙ, 2014 සැප්තැම්බර් 25
(14) කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (1), ලවෙ, 2014 ඔක්තෝබර් 5
(15) 13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්, ලවෙ, 2020 නොවැම්බර් 7
(16) සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රටකැඩීමේ ප්ලෑන, ලවෙ, 2019 නොවැම්බර් 5
(17) සංඝ දමනය, ලවෙ, 2017 ජූලි 13
(18) ඊලම හා බුද්‌ධාගම, ලවෙ, 2017 ජනවාරි 16
(19) ලන්ඩන් මහ කොමසාරිස් සංගක්කාර: ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය-වැසිකිළි දුර්‌ගන්‌ධය නොහොත් ලොවින් එකෙක් එක් දෙයකට සමත්‌වීම, ලවෙ, 2015 අගෝස්තු 29
(21) ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (1 කොටස), ලවෙ, 2016 අගෝස්තු 11
(22) අස්ගිරි විප්ලවය, ලවෙ, 2017 ජූලි 30

http://www.lankaweb.com/news/items/category/c-wijeyawickrema/

‭APRC and the bio-regional vision, The Island, 25/2/2009.
‭Language-blind regional development units, The Island, 25/10/2006
‭Prevention of black-whites’ plan to balkanaize Sri Lanka, Lankaweba (LW) , 22/10/2017
‭Reconciliation & balkanization in Sri Lanka, LW, 11/3/2018
‭Michael Robert meets Anaagaarika Dharmapala, LW, 14/8/2016
‭President Sirisena (2016) confronts Commissioner Colebrooke (1832), LW, 3/11/2016
‭End of Humiliation, LW, 9/9/2009
‭LLRC and the future of Sri Lanka, LW, 16/8/2011
‭Who is afraid of the Buddhist flag? (educating Navaneetham Pillay) LW, 4/10/2013
‭Ambassador Sison and Asath Sali, LW, 5/5/2013
‭Sri Lanka: black-white rule and the temple, LW, 24/10/2017
‭19-A and balkanization plan, LW, 7/12/2018
‭Wigneswaran Damanaya (taming the shrew!)- part 1, LW, 15/2/2015
‭Report of the Local Government Reforms Commission (The Abhayawardena Reoport) (Sessional Paper 1-1999)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress