මාධ්‍ය වීදීන් සහ ලේඛකයෝ “මරු-වියරු” වූ එල් ටී ටී ඊ ත්‍රස්තයන්ට “මාවීර්”, “මහවිරු” වැනි ගෞරව් නාම නොදිය යුතුය.
Posted on November 26th, 2020

චන්ද්‍ර ධර්මවර්දන විසිනි

මේ නොබෝ දා පුවත් පත් වල පල වූ ශීර්ෂ තල අනුව මුලතිවු (මූලදූව ) සහ ජාපනය උසාවි මගීන් “මාවීර අනුස්මරණ උත්සව” පැවැත්වීම තහනම් කොට ඇත. එම අන්දමේ පුවත් පල කරන විට එවැනි ත්‍රස්තයන් ට  “මාවීර” වැනි ගෞරව පූර්වක නාමයන් නොදිය යුතුය. ඔවුන් හින්සාව සහ ත්‍රස්තයෙන් වියරු වැටුනු, එනම් පිස්සු වැටුනු, මාර චේතනා වලින් උසිගැන්වූ  පුද්ගලයෝ බව සලකා ඔවුන්ට “මරුවියරුවන්” යයි නම් කිරීම සුදුසු ය.   

දෙමල බසින් පවා මොවුන්ට “மறவெறியன்” හෙවත් “මාරවෙරියන්”  යන නම පාවිච්චි කල යුතුය.

මෙම උත්සව ඇත්ත වශයෙන් දමිලයන්ගේ “අයිතිවාසිකම් සංදහා නැගී සිටි අය” අනුස්මරණය කිරීමට පවත් වන්නේ නම්, අමිර්තලිංගම්, කනගරත්නම් ආදී, කොටි ඝාතනයට යට වූ දමිල නායකයන් අමතක කොට ඇත්තේ ඇයි? ජාපන සරසවියේ කටයුතු කල  ආචාර්‍ය  තිරානගම, හෝ නීලන් තිරුචෙල්වන් වැන්නන් අනුස්මරණය නොකරන්නේ ඇයි?

TULF, TELO, EROS,  EPRLFආදී අන් දමිල ඊලම් වාදී පක්ෂවල නායකයන් අනුස්මරණය නොකරන්නේ ඇයි? කොටි ඝතනයට බිලි වූ හෙයින් ඔවුන් ගැන කථා කිරීමට  මරුවියරුන් අනුස්මරණය කරන මොවුන් ඉදිරි පත් වන්නේ නැත.

ජාපන සහ මුලතිව් (මූලදූව ) උසාවි වලින් දුන් තීරණයන් අනුව, තව දුරටත් මෙවනි මරු-වියරු ත්‍රස්තයන්ට ගරු කිරීමට ඉඩ දිය නොහැක.  මානව අයිතිකම් සහ දමිල අයිතිකම් රැකින්ට ඉදිරිපත් වූ උතුමන් ලෙස සැලකීමට ඉඩ නොදිය යුතුය.


ලිපි ලියන මාධ්‍යවේදීන් මේ ගැන වෙසෙසින් සැලකිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress