ශෝක පණිවිඩය
Posted on November 29th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

ඕපනායක පොල්වත්තහේන, ශ්‍රී අභිනවාරාම විහාරාධිපති, වෛද්‍යාචාර්ය, ගෞරවාර්හ බිබිලේගම සුමනසාර ස්වාමීන්වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

වර්ෂ 64 ක තම දිවිය තුළ සිල්වත් භික්ෂුවක ලෙස විශාල කාර්යයන් රාශියක් ඉටු කිරීම කැපී පෙනේ.

විශේෂයෙන් තම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පරිවර්ථනය කළ අතර සැදැහැවත් දායක කාරකාදීන්ට අවශ්‍ය ලෙස පින්දහම් ඉටුකිරීමට කටයුතු සැලසීම නිසාම ප්‍රදේශයේ ජනතාවගේ මහත් ප්‍රසාදයට පත් වූහ.

උන් වහන්සේ විෂ වෛද්‍යවරයෙකු හා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ දැක්වූ දක්ෂතා හා කුසලතා නිසාම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට ඉන් සැලසුණ සේවය අපමණය.

සැමවිටම ප්‍රදේශයේ භිෂු සංඝයා හා ජනතාව සමඟ ඉතා සුහදශීලි ලෙස කටයුතු කළ උන්වහන්සේගේ අපවත් වීම විශාල පාඩුවකි.

අපවත් වී වදාළ ගෞරවාර්හ බිබිලේගම සුමනසාර ස්වාමීන්වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා! යි ප්‍රාර්ථනා කරන අතර, උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, විහාරස්ථ දායක සභාවටත්, සියලු  ඥාතීන්ටත්, ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් සංවේගය මෙයින් පිරිනමමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress