කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව.
Posted on November 30th, 2020

ලංකා ගුරු සේවා සංගමය.

විභාග කොමසාරිස් ජනරාල්,
විභාග දෙපාර්තමේන්තුව,
පැලවත්ත,
බත්තරමුල්ල.

කොමසාරිස්තුමනි,

කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස්
පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව.

කොරෝනා වසංගත අවදානම තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස් නොකොට දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගැයීම් කටයුතු නිසා ඊට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට නියමිත ගුරුවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්්‍යවරුන් දැඩි අපහසුතාවකට හා අවදානමකට ලක් කිරීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය ඔබගේ දැඩි අවධානය යොමු කරමු.

02ග විභාග දෙපාර්තමේන්තුව මෙම ඇගයීම් ආරම්භ කිරීමට පෙර පවත්වන ලද රැුස්වීම්වලදී මේ බව හොඳින් තහවුරු වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන් දුර බැහැර සිට අදාල ඇගයීම් මධ්‍යස්ථානවලට සහභාගි වන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල ආචාර්්‍යවරුන්ට ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ප‍්‍රවාහන හෝ නේවාසික වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කර නැත.

03ග විශේෂයෙන් ඇගයීම් මධ්‍යස්ථාන වෙත නියමිත වේලාවට වාර්තා කිරීමට නම් රට තුල පොදු ප‍්‍රවාහනය සාමාන්‍ය තත්වයක පැවතිය යුතු අතර එසේ නොවන අවස්ථාවක ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ බස් රථ හෝ වෑන් රථ යෙදවිය යුතු ව ඇත. නැතිනම් මෙම ගුරුවරුන්ට අදාල දින ගණන ගත කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත නේවාසික පහසුකම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.

04ග නමුත් මේ කිසිවක් සඳහා වැඩපිලිවෙලක් හඳුන්වා දීමට අපොහොසත් වී ඇති අතර ඔවුන්ගේ පැමිණීම සඳහා ඔබ විසින් කෙටි පණිවුඩයක් පමණක් ලබාදී ඇති නමුත් එහිදී නේවාසික හෝ ප‍්‍රවාහන පහසුකම් පිළිබඳව කිසිදු සඳහනක් නැත.

05ග තවද බස්නාහිර පළාත හා කුරුණෑගල යන දිස්ත‍්‍රික්කය තුළ පදිංචි ගුරුවරුන් පවතින වසංගත තත්වය හේතුවෙන් උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා සහභාගි කර නොගෙන ඇති අතර එමඟින් ඇගයීම් සම්බන්ධව දීර්ඝ කාලීන අත්දැකීම් හා නිපුණතාවයන්ගෙන් පිරිපුන් ගුරුවරුන් රැුසකගේ සේවය මේ සඳහා නොලැබී යනු ඇත. මෙය අදාල විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සිදුකරන බලවත් අසාධාරණයකි.

එහෙයින් මෙම ඇගයීම් ආරම්භ කිරීමට පෙර අප සංගමය ඉහත අවධාරණය කරනු ලබන කරුණු සම්බන්ධව ඔබගේ දැඩි අවධානය යොමු කර ඊට අදාල සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කර ඉන් අනතුරුව අදාල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

පිටපත් – 01.ගරු අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා – අධ්‍යාපන අමාත්‍යංශය
02.ලේකම් – අධ්‍යාපන අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress