මුස්ලිම් අන්තවාදයේ, ජයග්‍රාහි ලක්ෂයක් ව්‍යාවර්තකල, ඊ. ඩබ්ලිව. පෙරේරා විරුවාගේ උපන්දිනය ගෞරවයෙන් අනුස්මරණය කරමු..
Posted on December 11th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. 

රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කිරීම අරමුණු කරගෙනම උපත ලබන විරුවන්ගෙන් සපිරි දේශයක උපත ලද අප සැබෑම වාසනාවන්තයින් වෙමු. අවැසි සෑම අවස්තාවකදීම විරුවෙකු බිහිකිරීමට තරම් සරු පසක් අප මාතෘභූමිය සතුව ඇත. ගැටලුව නිර්මාණය වෙන්නේ කවදා කොතනකදීද, ඒ අවස්ථාවේදීම ඊට නිසි පිළිතුර සහිතව විරුවෙකු බිහිවීම අපි ඉතිහාසය පුරාම දකිමු.

අපට එරෙහිව සතුරන් ලොව නන් දෙසින් මේ දිවයිනට පැමිණ ඇති අතර, ආයුද රහිතව මේ රටට පැමිණි සතුරා වන්නේ, අරාබි ජාතික වෙළෙන්දන්ය. අරාබි සතුරා මෙරටට එන්නේ,වෙළෙඳ භාණ්ඩද රැගෙනය. ඔහු යන්නේ, මුතු මැණික් හා ලොව අගනාම කුළු බඩුද රැගෙනය.මෙයට වෙළඳාම යයි කියන්නට අප පුරුදුව සිටිමු. අප රටට ආ දේවල් වල ඇති ඉහල වටිනාකමක් නැතිවුවද මේ රට තුලින් පිටව ගිය දේවල් වලට ලෝකයේ ඉහලම වටිනාකමක් උරුමව තිබුණි.

මුළු ලොව ජන මන බැදගත් මේ දේශය තමන්ගේම කරගැනීමට ලොව පුරා සියලු ජාතින් විසින් නොනවතින අරගලයක නිරත වෙමින් සිටින යුගයක අරාබි ජාතින් විසින් මේ රට තුල තමන්ගේම වූ ජන කොට්ඨාශයක් බිහි කලේ, මෙරට කාන්තාවන් හා විවාහ වීම තුලිනි. මෙම ජන කණ්ඩායම බොහොමයක් අවස්තාවලදී කටයුතු කලේ දේශද්‍රෝහී අවස්ථාවාදී ජන කොට්ඨාශයක් ලෙස බව ඉතිහාසය පුරාවට දක්නට ඇති සාධක පෙන්වා දෙයි. මෙරට රජවරුන් සතුව තිබුන සියලුම වරායවල් උපක්‍රමශීලිව අල්ලාගත් මෙම ජන කණ්ඩායම මුළු රටේම සාරය උරාබීම ආරම්භාකලේ, විදේශ වෙළදාම මුළුමනින්ම තමන් අතට ගැනීම තුලිනි.බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමගම බලය බිදගත් මේ ජන කණ්ඩායම් වලට ජීවත්වීම සඳහා රට අභ්‍යන්තරයේ ජීවත්වීමට සිංහල රජ දරුවන් මොවුන්ට ඉඩදීමත් සමග මොවුන් රටපුරාම විසුරුණ සමාජ පිළිකාවක් බවට පත්විණි. මෙම ජන කණ්ඩායමේ අන්තවාදීත්වය එදා මෙන්ම අදත් ලොව පුරාම කිසිදු වෙනසකින තොරව පවත්වාගෙන යාම මුළු ලොවටම බලවත් තර්ජනයක්ව පවතී. මෙම ජන කණ්ඩායමේ සමාජ ව්‍යාප්තිය හා ගරා වැටීම ඉතිහාසය පුරාම දක්නට ඇති අතර, ඉංග්‍රීසින් මේ රට තම ග්‍රහණයට අල්ලා ගැනීමත් සමගම වඩාත් ප්‍රබලත්වයට පත්වුයේ මේ ජන කණ්ඩායමයි.

ඌව වෙල්ලස්ස සටනේදී හජ්ජි මුහන්දිරම්ව ඝාතන කිරීමෙන් සටන ආරම්භ කිරීමට සිදුවීමෙන් පෙන්වා දෙන්නේ, එදා මුස්ලිම් කොටස් සුද්දා හා බැදී සිටි ආකාරය මෙරට ජන මනස නොරිස්සු බවයි. උඋව වෙල්ලස්ස විමුක්ති සටන පරාජය වීමත් සමග ඉංග්‍රීසින් විසින් මෙරට සමාජ ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ රාශියක් සිදුකල අතර, ඒ තුලින් මරක්කලයින්ගේ බලය ඉස්මතුවෙනසේ  කටයුතු කිරීම මැනවින් දැකිය හැකි කරුණක්ව පවතී. කිසිම දවසක කන්ද උඩරට ඉඩම් මිලදී ගැනීමට අවසර නොමැතිව සිටි මොවුන්ට සුද්දාගේ පාලනය තුලදී ඔවුනට රිසිසේ ඉඩම් මිලදී ගැනීමේ හැකියාවද සමගම ඔවුන්ගේ ව්‍යාප්තිය රට අභ්‍යන්තරය පුරා සරුවට සිදුවිය. ඔවුන්ගේ බලය වැඩිවෙන විට ඔවුන්ට ඔවුන් තමන් සිංහල ජාතියේ, සම්මිශ්‍රණයක් යන්න  අමතක කොට සිංහල බෞද්ධයින්ට එරෙහිව කටයුතු කිරීමට මෙහෙයවන උද්ද්ච්ච්යක් ඔවුන් තුල හට ගනී. මෙවැනි එක අවස්තාවක් වර්ෂ 1915දී කොටහේන දිපදුප්තාරාම පන්සලේ පෙරහරකට මුස්ලිම් අන්තවාදීන්ගේ පහර දීමක් නිසා ආරම්භවූ  සිංහල මුස්ලිම් කැරැල්ල සිංහල ජන ඝාතන ක්‍රියාවලියක් බවට පත් කිරීමට එවකට මෙරට පාලනය කල රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයා කටයුතු කලේ සිංහලයින් දහස් ගණනින් මරා දමමිනි. මෙම ඝාතන රැල්ල සින්හලයින්ම ඉලක්ක කරගෙන කටයුතුන් කිරීමට එවකට පොලිසියේ කටයුතු කල ඉන්ස්පෙක්ටර් ජෙනරාල් හර්බට් ඩවුබිගින් විසින් සැලසුම් සහගතව සිදු කරන ලදී.

මෙම සිදුවීම සිදුවුයේ පළමුවෙනි ලෝක සංග්‍රාමය ආරම්භවී යුරෝපය ගිනියම්ව පැවතී අවස්ථාවකදීය. එවකට ලෝකයේ බලගතුම අධිරාජ්‍ය උරුමව සිටි ඉංග්‍රීසින් විසින් සිංහල ජන සංහාරය ආරම්භ කර සියලුම සිංහල නායකයින් අත් අඩංගුවට ගෙන ඔවුන්ව මරා දමන බවට තර්ජනය කරමින් සිටි තත්වයක් තුලදී, සිංහලයින් වෙනුවෙන් පෙනී සිටීමට සිංහල ලෙයක් ඇති, සිංහලයින් හා රට වෙනුවෙන් නැගී සිටීමට ධෛර්යක් ඇති පුද්ගලයෙකුගේ සේවය තදින්ම ජාතියට අවශ්‍ය විය.

මේ අවස්ථාවේදී මෙම කාර්ය කිරීමට සිංහයෙකු සේ  ඉදිරිපත්වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා,එවැනි කාර්යක් කිරීමට තිබිය යුතු සියලු ගුණාංගයන්ගෙන් සමන්විත එකම පුද්ගලයාද විය. ප්‍රඥාවන්තයෙක්, බුද්ධිමතෙක්, උගතෙක්, කාර්යශුර වියතෙක්වූ මේ මහතා, තමන් කලයුතු කාර්ය කුමක්දැයි මැනවින් අවබෝධ කරගෙන සිටියේය.

ඒ අවස්ථාවේදී නිර්මාණය වී තිබුණ සටන, ආයුධ සන්නද්ධ අරගලයක් කිරීම නොව, ප්‍රඥාව මෙහෙයවා සිදුකල යුතු අරගලයක් විය. තමන්ගේ පළමු අරමුණ මෙරට ප්‍රධාන ජාතියවූ සිංහලයින්ට එරෙහිව, මෙරට පැවතී රජය මෙහෙයවමින් සිටි මර්ධනයේ සැබෑ තත්වය එංගලන්ත පාලකයින්ට පෙන්වාදී, එය එංගලන්ත රජය හරහාම නවතාලීමට කටයුතු කිරීමයි. මේ සඳහා සකස්කරගත් මෙරට ප්‍රභූන් රාශියක් අත්සන් කරන ලද පෙත්සමක් එංගලන්තයට ගෙනයාමේ වගකීම එතුමාට කිරීමට තිබු බලගතුම කාර්යයයි.

පළමු ලෝක සංග්‍රාමය ආරම්භව තිබුණි. එබැවින් ඉතා අහිතකර තත්වයක් ජාත්‍යන්තරව නිර්මාණයවී තිබුණි. මෙරට තුලද  සිංහල මරක්කල කොලහාලයක් නිර්මාණය වී, ගිනි ඇවිලී අරගලය සිදුවෙමින් පැවතිණි  මෙවන් තත්වයක් තුලදී මෙරටින් පිටවී එංගලන්තයට යාම ඕනෑම අයෙකුට කල හැකි කාර්යක්ද නොවේ. වැදගත්ම දේ ඉංග්‍රීසි ආණ්ඩුවේ විශ්වාසය දිනාගෙන සිටීමයි.ඒ සඳහා අවශ්‍ය සියලු දෙයම .මෙතුමා සතුව තිබුණි. කොළොඹ අධිකරණයේ සේවය කල එඩ්වඩ් ෆ්‍රැන්සිස් පෙරේරා මහතා තම පියාවිම, ගාල්ලේ ප්‍රභූ පවුලකට අයත් ජොහානා මැටිල්ඩා මහත්මිය තම මව විම, තමන් කොළොඹ රාජකීය විද්‍යාලයේ දක්ෂ පාසල් දරුවෙක් වීම, එංගලන්තයට ගොස බැරිස්ටර් විභාගය සමත්ව සිටින ක්‍රිස්තියානි පවුලක දක්ෂ නීතිවේදියෙකු වීම යන කරුණු ඉංග්‍රීසි පාලකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට උපකාරිවු ප්‍රබලතම ධන නිධානයන් විය. මේ සියල්ල උපයෝගීකරගෙන එංගලන්තයේ කෞතුකාගාරයේ විමර්ශන කටයුත්තක් සඳහා එහි යාමට අවැසි බව දක්වා මෙරට රජයෙන් අවසරගෙන එංගලන්තයට ගිය එතුමා එහිදී තවත් ක්‍රියාකාරීන් සමග එකතුව එංගලන්ත රජයට කරුණු ඉදිරිපත්කර මෙරට තුල සිංහල ජන නායකයින්ට සිදුවෙමින් පවතී ම්ලේච්ච මර්ධනය නවතාලීමට පෙරමුණ ගත්තා පමණක් නොවේ. මෙරට අන්තවාදී මරක්කල ජන කණ්ඩායම් පිනවමින් සිටි ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ පාලකයින් ගණනාවක්ද මෙරටින් පිටමන් කරවීමට සමත්විය. මේ සම්බන්ධව එවකට මෙරට ජනතාව “කෝට්ටේ සිංහයා” නමින් හැදින්වූ ගරු ඊ. ඩබ්ලිව්. පෙරේරා ජාතික විරුවාව ගෞරවයෙන් සමරමු. අද එතුමාගේ 145 වෙනි ජන්ම දිනයයි. අපි එතුමාට ජාතියක් වශයෙන් එක්වී නිවන් සුව පතමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress