අග්‍රාමාත්‍යතුමා, ඇල්පීනෝනා වීරසේකර මහත්මියගේ දේහයට අවසන් ගෞරව දක්වයි
Posted on December 14th, 2020
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
මහාචාර්ය අති ගෞරවාර්හ කොටපිටියේ රාහුල නායක ස්වාමින්ද්‍රයන්වහන්සේගේ දයාබර මැණියන්‌ගේ වූ ඇල්පීනෝනා වීරසේකර මහත්මියගේ දේහයට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2020.12.13 පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යනාංශයේ අංශාධිපති, කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් බෞද්ධ අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය අති ගෞරවාර්හ කොටපිටියේ රාහුල නායක ස්වාමින්ද්‍රයන්වහන්සේගේ දයාබර මැණියන්‌ගේ වූ ඇල්පීනෝනා වීරසේකර මහත්මිය දරුවන් හතර දෙනෙකුගේ දයාබර මෑණියන්ය.