මහා භද්‍රකාලි මෑණියෝ හා ධම්මික පැණිය
Posted on December 20th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

තුන්වැන ලෝක සංග්‍රාමය නිර්මාණයවී ඇත. එහි බලපෑමට ලක්ව සිටින ජනතාවට, මෙය ලෝක යුද්ධය ලෙස පෙනෙන්නේ නැත. සතුරා, පෙර ලෝක සංග්‍රාම වලදී මෙන් දක්නට නොමැතිවීම ඊට හේතුවයි. සතුරාගේ බලපෑම දැඩිව දැනුනද කිසිවක් කරගත නොහැකිව මියැදෙන්නට ජනතාවගෙන් කොටසකට සිදුව තිබේ.තුන්වන ලෝක යුද්ධයකට සුදානම් වෙමින් නිෂ්පාදනය කල සියලුම අවි ගබඩාවල දිරාපත්වෙමින් තිබේ. ඒවා කිසි වැඩකට නැති යල්පැනගිය මෙවලම් බවට පත්ව ඇත. සතුරා එතරම් බලවත්ය.ඇසට නොපෙනෙන මොලයක් නැති ක්ෂ්ද්‍ර ජීවියෙක්  ලෝකයේ බලවත්ම සත්වයාව අන්ද මන්ද කරවිමම හාස්කමකි.විශේෂයෙන් ලෝකයේ බලවත්ම ජාතින්ව බිමට සමතලා කරමින්, ධනවාදයේ ආර්ථික මුලස්ඨාන බිඳ වට්ටවමින් ලෝකයම නවතම දිසාවකට ගමන් කරවීමට මේ ක්ෂ්ද්‍ර ජීවියාට හැකියාව ලැබී තිබේ.

මේ තත්වය යටතේ, දැන් ලෝකයම නව අවියක් සෙවීමට කටයුතු කරයි. කොරෝනා එන්නතක අවශ්‍යතාවය සම්බන්ධව ලොවම කතා කරයි.තරඟයට මෙන් සියලු දෙනාම කොරෝනා එන්නත් නිෂ්පාදන තරඟා වලියකට ප්‍රවිෂ්ඨව සිටි. ඇමරිකාව, රුසියාව, චීනය ඒ තරඟයේ ඉදිරියෙන්ම සිටි. ලෝක බලවතුන්, යුද්ධයක් අතර තුර තවත් යුද්ධයකට ප්‍රවිෂ්ඨ සිටි. ඒ මේ ක්ෂ්ද්‍ර ජීවියා  නිර්මාණය කල නව වෙළෙඳ පොළ අල්ලා ගැනීමේ තරඟ යයි. කොරෝනාව නිර්මාණය කල නව ආර්ථික මර්මස්ථානය සතුකර ගන්නා බලවතා අනිවාර්යෙන්ම අනාගත ලෝක බලවතා බවට පත්වීම නියතය. ඒ යුද්ධය කොරෝනාව මර්ධනය කිරීමේ යුද්ධයට වඩා බලවත්ව ඉස්මතුව ඇත.

 මෙය වෛරසයක් විසින් ලෝකයට කරන බලපෑමකි. එසේ ප්‍රකාශකළ විට ලෙස ප්‍රකාශ කල විට, ලෝකයේ බුද්ධියෙන් අඩුම දැනුමක් ඇති මිනිසුන්ටද වැටහේ. අපි ජාතියක් වශයෙන් වෛරස් රෝග සම්බන්ධව හොඳ අත්දැකීම් ඇති ජාතියකි. අපි මේවාට කියන්නේ දෙවියන්ගේ ලෙඩ කියාය. අපිට පැපොල, සරම්ප, යන රෝග මෙන්ම කොරෝනාවද දෙවියන්ගේ ලෙඩකි. අපේ මිනිසුන් පැපොල, සරම්ප වලින්ද මියගොස් ඇති අතර කොරෝනාවෙන්ද මියැදෙමින් සිටි. අපි පැපොල සරම්ප සැදුන විට ස්වයංව නිරෝධායනයට යන්නේ කිරි අම්මාවරුන්ට බාරයක්ද වෙමිණි. ඒ අපි කිසිවෙක් නොදකින බලවේගයකි.නොදකින වෛරසයක් අපට වින කරන විට එවැනිම වූ නොදකින බලවේගයක් සහනය පතමින් ස්වයංව නිරෝධායනට පත්ව දින 14ක් නිවසේ විශේෂිත ස්ථානයක ගත කරන්නේ විශේශි ආහාරද ගනිමිනි. දින 14කට පසු අඛණ්ඩව දින 7ක් නෑම අපේ සමාජ සිරිතය.ඉන්පසු රෝගියා නිරෝගී වී සමාජගත වේ..

මේ අපි පාරම්පරිකව වෛරස් රෝගවලට මුහුණ දුන් ආකාරයයි.මේ ආකාරය තුල ඇති දෙවියන්ට බාරයක් වීම හැරුන විට අනිකුත් සියලුම දේ සම්බන්ධව එකඟතාවයක් පල කිරීමට නවීන විද්‍යාව පමණක් අදහන මිනිසුන්ටද හැකියාවක් තිබේ. රෝගයට එකම පිළියම වෛරසය ශරිරගතවුදා සිට ඒ වෛරසය  සමග ගනුදෙනු සිදුකරන ආකාරය මත රදා පවතී.

සටන ඇත්තේ දින 14ක කාලයකි. සටන ඇත්තේ, වෛරසය හා ඊට එරෙහි සටන් වදින ප්‍රතිදේහ අතරය. මේ කාලය තුලදී, වෛරසයේ ප්‍රවර්ධනයට හිතකර ආහාර නොගැනීම, ප්‍රතිදේහ වර්ධනය කරන ආහාර ගැනීම කලයුතුමය. වෛරසය සමග සටන් කිරීමට ප්‍රතිදේහ නිර්මාණය කිරීමට හැකි මිනිසා සටනින් ජය ගනී. මරණය අභිබවා නැගී සිටි.මෙය සාර්ථකව කල හැක්කේ ආහාර තුලින්මය.මේ සඳහා ආහාරයක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කර ඇත. ඒ සම්බන්ධව පරීක්ෂණද කර ඇත. සාර්ථක ප්‍රතිපල අත්විදි බවටද පිළිගෙන ඇත. දැන් ගැටලුව ඇත්තේ එතනයි

දැන් ලෙඩුන්ට සුව වීම සමාජ අර්බුදයක් බවට පත්ව ඇත.ඒක එහෙම වෙන්නේ කොහොමද? ධම්මික බණ්ඩාර මහතාට ඇති සුදුසු කම් මොනවාද? මේ ප්‍රශ්න ඉස්මතු කරන්නේ නවීන විද්‍යාව අදහන ඊට එහා කිසිවක් නැතැයි අදහන උගතුන් විසිනි. සහතික උපාධි ඇති උගතුන් එසේ කියන විට ඔවුන් අනුගමනය කිරීමට වෙර දරන නුගතුන්ද, උගතුන්ගේ මතයම ප්‍රකාශ කරමින් ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කල බෙහෙතට ගැරහීම ආරම්භ කර තිබේ.මේ හේතුවෙන් මේ බෙහෙතට එරෙහිව උගතුන්ගේ හා නුගතුන්ගේ සන්ධානයක් නිර්මාණය වී අඛණ්ඩව මේ නිෂ්පාදනයට එරෙහිව මතයන් සමාජ ගත කරමින් සිටි.මේ බෙහෙත නිෂ්පාදනය කිරීමට තමන්ට බෙහෙත් වට්ටෝරුව දුන්නේ “මහා භද්‍ර කාලි මෑණියන්” බව ප්‍රකාශ කිරීමත් සමගම මේ සංවිධානාත්මක උගතුන් හා නුගතුන්ගේ සන්ධානයට අමුතුම ආකාරයේ ප්‍රබෝධමත් බාවයක් ආරෝපණය වී මහා භද්‍රකාලි මෑණියන්ට ඉතා පහත අන්දමින් නින්දා කරමින් කවුද යකෝ මේ කාලි කියන්නේ යන ආකාරයෙන් හාස්‍ය මුසු ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් අපි දිනපතාම දකිමු. ඇත්තටම කාලි කියන්නේ කවුද? ඇය මේ රටේ ජනතාවට සේවයක් කර නැද්ද?

අපි දන්නා ඉතිහාසයේ මේ රටේ කුරිරුම පාලන යුගය නිර්මාණය වී තිබුනේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන්ගේ පියානන්වූ ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදීය. මරා දමන ලද්දේ මෙරට තරුණ දරුවන්ය.මුළු ලෝකයම මේ ඝාතන කලාවට සහය දෙමින් කටයුතු කල සමයේ මෙරට මව් වරුන්ට මේ අවනඩුව කියාපෑමට කිසිවෙක් නොසිටියහ.අවසානයේදී සංවිධානය වූ දරුවන් අහිමිවූ දෙමව්පියන් තමන්ගේ දරුවන් විනාශ කරමින් රට පාලනය කරන ප්‍රේමදාස පාලනයට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගියේ මෝදර කාලි මාතාවගේ දෙවාලයටයි. එදා පාලකයින් මේ ක්‍රියාවලියට කොතරම් බියවිද යත් කාලි දේවාලය වසා දමා දෙමව්පියන්ට එහි ඇතුළුවීමට ඉඩ ලබා නොදුනි. එම දෙමව්පියන් තමන් තුලවූ කෝපය මුදා හරියේ මෝදර කාලි දේවාලයේ තාප්පය මත පොල් ගැසීම තුලිනි.

මහා භද්‍රකාලි මාතාව හැම විටම කාන්තාවන්ගේ දුක වෙනුවෙන් පෙනී සිටින චරිතයක් බව ප්‍රකාශිතය.එදා ඒ ක්‍රියාවත් සමගම ප්‍රේමදාසගේ උද්දච්ච ගාම්භීර පාලනය දෙදරා යාම ආරම්භ විය පළමුව දරුවන් හොයා හොයා මරා දැමීමේ සෙනවියා වූ රන්ජන් විජේරත්නගේ ශරීරය ඔහු විසින් පුළුස්සා දමන ලද ලක්ෂ ගණනක් වූ තරුණ තරුණියන්ගේ මෙන්ම පිළිස්සීම තුලින් ආරම්භවූ ඒ ක්‍රියාවලිය ප්‍රේමදාස ජනාධිපතිවරයා හා ඔහුගේ මැරයින් සියල්ලක්ම එක ගොඩට දමා විනාශ කිරීමට තරම් බලවත් විය.එදා රටේ ජනතාව තම ප්‍රීතිය පලකල ආකාරය ඉතිහාස ගතවී තිබේ. ඒ කාලි මාතාව විසින්ම මෙවරද පිඩාවට පත්ව සිටින ජනතාව වෙත ලබාදීම සඳහා මේ ඖශධ වට්ටෝරුව දුන්නා යයි කීවිට සිනාසිම නොකළ යුතුය.

දැන් ධම්මික බණ්ඩාර මහතා අත කොරෝනා රෝගය සඳහා යම් ඖෂධයක් ඇත. ඒ ඖෂධයට අපහාස කරන කිසිවෙක් ඇත කොරෝනාවට බෙහෙතක් නැත.මේ සිදුවීම අමුඩයක් ගසා ගත මිනිසෙකුට හිනාවෙන නිරුවත් මිනිසුන් සමුහයක් සිහි ගන්වයි. මේ මිනිසුන් තමන් නිරුවත් බව වටහා ගැනීමට ප්‍රකෘති මනසකින් යුක්තවුවන් නොවේ, එසේවීමට තව කල්පයක් ගතවෙනු ඇත.. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress