අධ්‍යාපන විද්‍යාපීඨ විවෘත කිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව.
Posted on March 15th, 2021

ලංකා ගුරු සේවා සංගමය.

අමාත්‍යතුමනි,

අධ්‍යාපන විද්‍යාපීඨ විවෘත කිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව.

ජදඩසා-19 වසංගතයේ පළමු අදියරෙන් පසු 2018/2020 අධ්‍යයන වර්ෂවලට අයත් සිසුන් 8000 කගේ අධ්‍යයන කටයුතු 2020 ජුලි 07 වැනි දින සිට දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 දීි ආරම්භ කරන ලදි. නමුත් වසංගතයේ දෙවන අදියර ආරම්භ වීමත් සම`ග විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරමින් 2020 ඔක්. 09 වැනි දින නැවත වසා දැමු අතර මෙතෙක් එම විද්‍යාපීඨ විවෘත කිරීමට අපොහොසත්වීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය ඔබගේ දැඩි අවධානය යොමු කරමු.

02ග අප සංගමය විසින් මීට පෙර ද එනම් 2021.01.11 දිනැතිව වසර ගණනක් ප‍්‍රමාදව පවතින මෙම සිසුන්ගේ අධ්‍යයන කටයුතු හා ඔවුන් මුහුණ පා ඇති ගැටඵ කරුණු සහිතව පෙන්වා දීමට කටයුතු කළ ද ඒ සදහා මෙතෙක් කිසිදු ගනු ලැබු පියවරක් පිළිබ`දව හෝ ඊට අදාළ පිළිතුරක් හෝ ලබා දීමට කටයුතු නොකළ අතර අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ල ඉන් මැනවින් පිළිබිඹු කර ඇත.

03ග එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය මුලික කොට ගුරු වෘත්තීය ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන විද්‍යාපීඨ තුළ හ`දුන්වා දී ඇති තුන් අවුරුදු අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව පන්ති කාමරයේ සාර්ථක ඉගැනුම්-ඉගැන්වීම් ක‍්‍රීයාවලියකට නිරතුරුවම අත්‍යවශ්‍ය ක‍්‍රියාකාරකම් වලින් සැදුම්ලත් ප‍්‍රායෝගික පාඨමාලාවකි. එය ධබකසබැ තාක්ෂණය මගින් සම්පුර්ණ කළ හැකි පාඨමාලාවක් නොවන බව ද අවධාරණය කරමු.

04ග එහෙයින් වසර ගණනක් බදවා ගැනීම් ප‍්‍රමාදව පැවැතීමෙන් පීඩාවට පත්ව සිටින මෙම සිසුන් පීඨ වසා දැමීමෙන් පසුව ඊට මාස 06 ක පමණ කාලයක් ගතව ඇති අතර සම්පුර්ණයෙන් බිද වැටී ඇති අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කර පාඨමාලාව අවසන් කිරීමට කටයුතු කළ යුතුව ඇත. එමෙන්ම ඊට සමගාමීව ප‍්‍රමාද වී පවතින නව බ`දවා ගැනීම් කඩිනම් කිරීම ද මේ මොහොතේ අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමකි. නමුත් ඒ අනුව කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

ඒ අනුව මේ වනවිට මුඵමනින්ම වසා දමා ඇති 19 ක් වු අධ්‍යාපන විද්‍යාපීඨ නිරෝධායන කටයුතු වලින් මුදවා ගෙන සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් ලංකා ගුරු සේවා සංගමයට අගතියට පත් සිසුන් සමග ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව ද වගකීමෙන් යුතුව දන්වනු කැමැත්තෙමු.

මෙයට,

විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,

ප‍්‍රධාන ලේකම්,

ලංකා ගුරු සේවා සංගමය.
සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත් – 01. ලේකම් -අධ්‍යාපන අමාත්‍යංශය

  1. ප‍්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන* -අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress