බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා මහත් හරසරින් පිළිගනියි
Posted on March 19th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
දෙදින නිල සංචාරයක් සඳහා අද 2021.03.19 දින පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (Hazrat Shahjalal International Airport) දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්විය.
ඉන් අනතුරුව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් ඒ අවස්ථාවට එක් වූ බංග්ලාදේශ අමාත්‍යවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරිය වෙත හඳුන්වා දුන්නේය.