අලි සබ්රි ඇමති මාවත-3
Posted on March 21st, 2021

විමල් පටබැඳිගේ
(ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

අලි සබ්රි ඇමති දෙවියන්ගේ නාමයෙන් දිවුරුම් දී ‘එක රටක් එක නීතියක්’ ශපථ කළ පළමුවෙනි අධිකරණ ඇමති ලෙස වාර්තාගත වෙයි. දේශපාලකයෙකු නොවූ ‘නම්බුකාර’ වෘත්තියක නියුතු කෙනෙකු වූ ඔහු ලොවට ම ඇසෙන සේ කළ ඒ ශපථය ඇසුන විට අධිකරණ ක්‍ෂේත‍්‍රයේ රටට ඵලදායී යම් ප‍්‍රගතියක් දැකිය හැකි වෙතැ’යි සිතුණි. එහෙත් ගතානුගතික දෙමළ සහ මුස්ලිම් භක්තික දේශපාලකයන්ට දෙවෙනි නොවී අංක එකට පත් වීමේ ලකුණු පෙන්වන ඔහු ඇමති පදවිය ලබා ගත වූ මාස පහ හය තුළ කළ කී දේ පෙන්වන ඔහුගේ ම`ග රට වැසියා පමණක් නොව ආණ්ඩුව ද නන්නත්තාර කරයි.

ආගමික චාරිත‍්‍රානුකූලව මළ සිරුරු මිහිදන් කිරීමේ සිරිත මූලාරම්භයේ සිට ම අනුගමනය කරන බෞද්ධ, හින්දු, කතෝලික/කි‍්‍රස්තියානි සියලූ දෙනා මිනිස් සමාජය වසංගතයට ගොදුරුවීම වලක්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස්වලට අවනත වූහ. එරෙහිව කොරෝනා මළ මිනී වැළලීමේ අයිතිය සඳහා මුස්ලිම් හිටපු ඇමතියෙකු ඇතු`ඵ කණ්ඩායම් හයක් ඉදිරිපත් කළ පක්‍ෂ සහ විපක්‍ෂ ඉල්ලීම් සියල්ල අධ්‍යයනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොරෝනා මළ සිරුරු වැළලීමේ අයිතිය සඳහා වූ ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළේය.

මිනී වළේ යුද්ධය මෙහෙයවයි.
ශ්‍රේෂඨාධිකරණ තීරණය සහ මිනිස් ජීවිත පිළිබඳ සමාජ වගකීම, යුතුකම පසෙකට දමා අධිකරණ ඇමති ‘කොරෝනාවට බිලි වූ මුස්ලිම් අයගේ් සිරුරු භුමදාන කිරීමට කරන ඉල්ලීම අසාධාරණ නැත.’, ‘ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කොට ඇත.’, ‘එයට එරෙහිව කෑගැසීම දේශපේ‍්‍රමය නො වේ.’ ආදී ප‍්‍රකාශ කරමින් ගිණිපෙනෙල්ල දස අත වැනීය. කෝවිඞ් මළ මිනිය කරට ගෙන මුස්ලිම් දේශපාලන සහ අන්තවාදී මිනී වළට යළි ජීවවායුව පිම්බේය.

රට හැම දෙසින් ම ආගමික අන්තවාදී උම්මත්තක පෙළපාලි උද්ඝෝෂණ මතුවිය. උලමලා දේශනා කළහ. තම ඥාතියාගේ මළ මිනිය රෝහල්වල දමා ගියහ. මුස්ලිම් හිටපු ඇමතියෙක් ‘මළ මිනිය තොපිම කාපියව්’ කියමින් තම ම්ලේච්ඡු ගතිය දැක්වීය. මුස්ලිම් දේශපාලකයන් සමග ස.ජ.බලයෝ ද කොරෝනා ‘මළ මිනියේ දේශපාලනය’ කරට ගත්හ. ආණ්ඩුව ඇතුළේ ද ‘ඩෙඟ ඩෙඟ’ හඬ නැගුණි. ඇමරිකානු කුඩප්පාගේ ඝෝරනාඩු, ජිනීවා කුඩම්මාගේ කුඩුකේඩුකම් වැඩි කළේය. ඇමති පිටත ගිණි තබා ඇතුළේ ද ගිණි තැබීය. කොරෝනා මාර යුද්ධය වෙනුවට ‘මිනීවළේ යුද්ධය’ දිනා ‘රැුහේ උන්ට’ උත්තේජනය සැපයීය. අධිකරණ ඇමති ‘වළේ යුද්ධයේ’ අණ දුන් සෙන්පතිය. ‘මිනීවළේ යුද්ධයේ බලඇණි මෙහෙය වූ අමීර් අලි, රහුමාන්, අබුසාලි, රිෂාඞ් බදිඋද්දීන් ආදි සෙනෙවියන් සියලූ දෙනා අලි සබ්රි ඇමතිගේ ‘පාසල් සගයන්’ (කොලෙජ්මේට්ස්* ය. මේ අයගේ නම් සහ කවුරුන් දැ’යි පාස්කු දින සංහාරය සම්බන්ධ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙතැ’යි වාර්තා ඇත.

සොහොන්බිමේ සංහිඳියාව
ඉරණතිව් ¥පත භූමදානයට සුදුසු ලෙස යෝජනා විය. උතුරේ දේශපාලකයන් සහ ඒ ප‍්‍රදේශයේ සහ කිලිනොච්චි ජනයා දැනට ම විරෝධය දක්වති. මළ මිනී ඉරණතිව්හි වළදැමීම මුස්ලිම් අයට කරන අපහාසයකි’යි සජබ මන්තී‍්‍ර, හිටපු අධිකරණ ඇමතියෙකු වූ රඋෆ් හකීම් විරුද්ධ ය.

‘(අ*විද්වත් කමිටුව කොරෝනා මළමිනී වැළලීම නිර්දේශ කළේ ඉන් මතු හානියක් නොවෙන නිසාය. තිබෙන සොහොන් බිමක වළලා ඇති මළ මිනියකට අබමල් රේණුවක හානියක් නොවෙනු ඇත. සජබ මන්තී‍්‍ර, ඉමිතියාස් කී ලෙස මළ මිනියට ‘නොරිදෙන්න’ සැතපුම් සිය ගණනක් මිනී වළ ළඟට ගෙනයන විට ‘නොරිදෙන’ බව මළ මිනියෙන් සහතිකය ගැනීමට අමතක නොකළ යුතු වෙයි. මඩකලපුවේ ඔට්ටමාවඩි කොරෝනා සොහොන් බිමෙන් ආ ආරංචිය නම් අගේ ය. බෞද්ධ, හින්දු, කතෝලික/කි‍්‍රස්තියානි, මුස්ලිම් ආගමික භේදයක් නැතිව වළලයි. වාර්ගික, ආගමික, දේශපාලන සහ උස්මිටි භේද කිසිවක් නැතිව සමාදානයේ එක බිමක සැතපෙන නිසා, ජීවත්ව සිටින කල නැති සහජීවනය සොහොන් බිම තුළ නිසැකයෙන් ම පවතිනු ඇත.

නීතිය පාසල්වල ඉගැන්වීමේ උප්පරවැට්ටිය
අලි සබ්රි ඇමති ව්‍යවස්ථාපිත නීතිය නොසලකා සිංහල මාධ්‍යයෙන් නීති විද්‍යාලයේ අධ්‍යාපනය කපාහැර, පාසල් විෂයයක් ලෙස නීතිය ඉගැන්වීමට යෝජනා කරන්නේ කුමන භාෂාවකින් ද? අධ්‍යාපන අමාත්‍යංශයේ ද වැට පනී. ‘නීතිඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්’ වෙනුවට තාක්‍ෂණ ශිල්පීන් බිහි කිරීමට අධ්‍යාපනය වෙනස් කළ යුතුය’යි ඔහු කියයි. නීතිය පාසල් විෂයයක් කිරීමෙන් බිහිකරන තාක්‍ෂණ ශිල්පියා ‘නීතිඥ සීඅයිපි’ වැනි අයෙක් ද? ‘මොළේ කොළොප්පන් වෙලා’ ය‘යි මා හිතන්නේ නැත. සමහර මුස්ලිම් ධන කුවේරයන්ගේ දරුවන් දෙස්, විදෙස් සරසවිවලින් වෘත්තීය උපාධි පවා ලබා මාපිය ආශීර්වාද ද ඇතිව මරාගෙන මැරෙන බෝම්බ බලකායේ පෙරමුණු මාරයන් වී ඇති බවට 2019 පාස්කු දින සංහාරය බිඳින්නට බැරි සාක්කියකි.

නීති අධ්‍යාපනයට ඉංගිරිසිය පමණක් අනිවාර්ය කළ අලි සබ්රි ඇමති රටේ 95%ක් පමණ ජනයා එදිනෙදා භාවිත කරන සිංහල භාෂාව නීති අධ්‍යාපනයෙන් කපා දමා, පොදු ජනයාට නීති දැනුම ලබා දීමට කථා කිරීම කෛරාටික වැඩකි. මද්‍රාසා නියාමනය නීති විරෝධී නැතැ’යි මහාචාර්ය දැනුම දැක් වූ අධ්‍යාපන ඇමති අධ්‍යාපනයේ දහසක් ගැටලූ තිබිය දී, අලි සබ්රි ඇමතිගේ කාල බෝම්බය පණගැන්වීමට ‘උපදේශක මණ්ඩලයක්’ පත් කිරීමට හදිස්සි වී ඇත. ‘දිය රෙද්දෙන් බෙල්ල කැපීම’ ආගමික ත‍්‍රස්තවාදීන්ගේ ‘බුද්ධි බලඇණියේ’ ප‍්‍රමුඛ රාජකාරියක් බව ජී.එල්. ට වැටහීමක් නැති සේය.

ආගමික අන්තවාදී ත‍්‍රස්තයන් බිහිකරන මද්‍රාසා ‘ෆැක්ටරි’ සහ ෂරියා සරසවි, අරාබි පාසල් සහ එන්ජී ඕ සංවිධාන තහනම් කිරීමට සියලූ ජනයා හඬ නඟති. මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් සහ ඔවුන්ට ආවඩන්නන් රජය ලවා ‘නියාමනය’ කරගැනීමේ සෙප්පඩවිජ්ජාවෙන් ඒවා රැුක ගැනීමට දඟ දමමින් ඇත. තහනම් කළොත් ‘බුද්ධි බලඇණිය’ සීරුවෙනි. ‘නීතිය පාසල් විෂයයක් කරනු’ පුවරු ඔසවාගෙන උද්ඝෝෂණ පෙරෙට්ටුවේ ය. ඔවුන්ට මද්‍රාසා ‘ෆැක්ටරි’, ‘අරාබි’ පාසල් වැසුවාට පාඩුවක් නැත. අලි සබ්රි ඇමති මහජන බදු මුදලින් රජයේ පාසල් තුළ කුරානයේ හදිස්, ෂරියා නීති ඉගැන්වීමට නීති බාධක ඉවත් කරයි. ‘එක නීතියක්’ ශපථය කුණු බක්කියේ ය. නීත්‍යනුකූලව මහජන මුදලෙන් රජයේ පාසලේ ‘බ්‍රොයිලර්’ පැටව් දහස් ගණනින් නිපදවිය හැකි ය. මද්‍රාසා 2000කින් දැනට ‘මොළ සෝදා’ ඇති අඩුම ගණනින් ලක්‍ෂයකට වැඩි මුස්ලිම් ‘පැටව්’ ගැන අදහස කුමක් ද?

අලි සබ්රි ඇමති බුදුදහම විෂය පාසලෙන් කපා දමයි
අලි සබ්රි ඇමති පාසල් ළමුන්ට වෙන වෙනම ආගම ඉැගැන්වීම වෙනුවට සියලූ ආගම් එකතු කොට එක් විෂයක් ඉගැන්වීමෙන් සංහිඳියාව ඇති කිරීමට සැරසෙයි. පුදුමයකි. පාස්කු දින ආගමික සංහාරය පිළිබඳ කොමිෂම් වාර්තාවට ද ඇතුළත් වී ඇතැ’යි වාර්තා වෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය අගමැති යටතේ නොවේ ද? මුස්ලිම් මළ මිනිය සඳහා කඩුව එස වූ අලි සබ්රි ඇමති, තම තමන්ගේ ආගම හැදෑරීමට, ඇදහීමට ඇති සාර්වභෞමික සහ ව්‍යවස්ථාපිත අයිතිය මකා දැමීමට එක පයින් ය.

විෂය තුනක් ලෙස හැදෑරූ ඉතිහාසය කපා කොටා 1965 කාලයේ එක විෂයයක් කොට 1970 පසු බඩි උඞ් ඩින් මහ්මුඞ් ඇමති කාලයේ ඉතිහාසය ප‍්‍රජාචාරය අනා හැ¥ ‘අච්චාරුව’ නිසා සිදු වී ඇති වින්නැහිය පෙනි පෙනී, බඩි උඩින් උගත්, ඊජිප්තුවේ ඔරාබි පාසා අප‍්‍රමාණ උනන්දුවෙන් බරපැන් දරන ලද පාසලේ ම උගත් අලි සබ්රි ඇමතිගේ ‘ආගම් අච්චාරුවේ’ රස වැඩි කලක් යාමට පෙර දැනෙනු ඇත.

යුරෝපයේ රටවලැ දිගු කලක් තිස්සේ අන්තර් භක්ති ව්‍යාපාරය (ඉන්ටර් ෆේත් මූව්මන්ට්* පාසල්වල පවා සකී‍්‍රය ව ඇත. ආගමික සංහිඳියාව දක්නට නැත. මුස්ලිම් අන්තවාදී, ත‍්‍රස්තවාදී ග‍්‍රහණය හැම විට ම දැඩි වෙමින් ඇත. අපේ රටේ ‘සර්වාගමික’ නමින් තොන්ඩුව දමා බෞද්ධයන් ‘නිරාගමික’ කරමින් අසාත් සාලිලාට ඕනම තුප්පහි කථාවක් කීමට ඉඩ දී බෞද්ධයන්ට කටකලියා දමා ඇත.
‘එක නීතියක්’ දෙකේ කොළේට දමයි.
‘එක රටක් එක නීතියක්’ කාලාන්තරයක් තිස්සේ බිහි කරගැනීමට කැප වී සිටින පුරවැසියන්ගේ ප‍්‍රතිපත්තිමය අභිලාශයකි. අලි සබ්රි ඇමති ද දිවුරුම් දී ශපථ කළ එය කිසිම ආගමික හෝ වාර්ගික කණ්ඩායමක් ඉලක්ක කළ එකක් නොවෙන බව ඉතා හොඳින් දනියි. මුස්ලිම් නීතිය පමණක් වෙනස් කිරීමට කිසිවෙකු යෝජනා කොට නැත. දැන දැනම ඔහු මුස්ලිම් ජනතාව කුපිත කිරීමට ‘‘මුස්ලිම් ජනතාවට පමණක් අනන්‍ය වූ නීති වෙනස් කිරීමට යෝජනා කිරීම ගැටලූ සහගත’’ බව වංක ලෙස ප‍්‍රකාශ කරයි. ඇමති නොකළ යුතු ය’යි කියමින් ‘ජාතීන් අතර විරසකය’ ඔහු ම ඇති කරයි.

අලි සබ්රි ඇමති හිරි ඔතප් පසෙක ලා ”මුස්ලිම් නීතිය වෙනස් කිරීමට නම් පුද්ගල නීතිය යටතට වැටෙන විහාර දේවාලගම් පනත වෙනස් විය යුතුය”යි පාර්ලිමේන්තුවේදී කොන්දේසියක් දැමීය. විහාර දේවාලගම් පනත වෙනස් නොකරන්නේ නම් මුස්ලිම් නීතිය වෙනස් නොකරන බවට නිශ්චිත ගර්ජනයකි. එය රටේ සහ පුරවැසියන්ගේ සුබසෙත සඳහා නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පමණක් නොව කෝටි දෙකහමාරක පමණ සියලූ පුරවැසියන්ට කොන්දේසි දැමීමකි. දේශපාලන ශබ්දකෝෂයට එකතු වී ඇති ‘පිං මන්තී‍්‍ර’, ‘පිං ඇමති’ අදාල වෙන ‘ලැයිස්තු මන්තී‍්‍ර’, තමන්ගේ දෙවියන් නාමයෙන් දිවුරා කළ ‘එක රටක් එක නීතියක්’ ශපථය නිශේධ කරමින් ජනපති, අගමැති ඇතුළු පුරවැසියන්ට කොන්දේසි දැමීමට අලි සබ්රි ඇමති සර්වබලධාරී වී ඇත.

ජ.නී., අලි සබ්රි ඇමති විහාර දේවාලගම් පනත සහ පුද්ගල නීති අහස පොළොව මෙන් වෙනස් බව නොදන්නවා විය නොහැකි ය. නොදන්නවා නම් ඔහු අධිකරණ ඇමති තනතුරට සුදුසු නැත. ඔහු කැමැත්තෙන් ම ඉවත් වීම තම ‘ජ.නී.’ නම්බු නාමයට නම්බුවකි. ඒ කථාව හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තු සගයන්ගේ සහ පුරවැසියන්ගේ ඉල්ලීම ය. එය කළ යුතු එකක් පමණක් නොවේ. විහාර දේවාලගම් පනතේ පමණක් නොව බුද්ධ සාසනයට අදාල කවර හෝ පනතක, නීතියක විධිවිධාන දියාරු කිරීම සඳහා ‘අත තැබීමට’ අලි සබ්රි ඇමතිට හෝ වෙනත් කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.

සිංහල බෞද්ධ නීති නඩා බිඳ දැමීම
ඔහු කළේ ‘මුට්ටිය දමා බැලීමකි.’ හතර අතින් එක දෙක වදින විට වචන හරඹයක් දැක්වීය. විහාර දේවාලගම් පනත ‘පුද්ගල නීතියක්’ ලෙස හැඳින්වීම වැරදි බව පිළිගැනීමට හෝ ආචාරශීලී නැත. එය ප‍්‍රමාද දෝෂයකි’යි කියන්නේ ද නැත. ඒ වෙනුවට බුද්ධ ශාසනය සහ බෞද්ධයන්ට අදාල නීති ‘කඩා’ දැමීමේ අරමුණ ඉටු කරගැනීම නිශ්චිත බව ඇමති ‘වහෙන්ඔරෝ’ භාෂාවෙන් කියයි.

”අවුරුදු 2500 ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ ජනයා බුක්ති විඳින විශේෂිත නීති අනෙක් ජන කොටස්වලට හානියක් නොවෙන තාක් එක වරටම කඩා නොදැමිය යුතුයි.” කියන ඔහු සිංහල බෞද්ධ නීති කඩා දැමිය යුතු බව නිශ්චිතව කියයි. මාධ්‍ය සාකච්ඡුාවක් මගින් සමස්ථ ලෝකයට කළ ප‍්‍රකාශය කාපු බීපු වෙලාවක බේබද්දෙකුගේ කට වාචාලයක් ලෙස සැලකිය හැකි ද?

1815 ඉංගිරිසි ආක‍්‍රමණිකයාට පවා ඉවත් කිරීමට බැරි වූ දේ ‘එක වරටම’ නොව ටිකින් ටික කරන බවට අලි සබ්රි ඇමති සහතික වෙයි. ‘වහෙන්ඔරෝ’ භාෂාවෙන් කියන්නේ එයයි. සිංහල බෞද්ධ ජනයාට ‘මළබත කෑමට’ සැලසීම අලි සබ්රි ඇමතිගේ ඉලක්කය බව තහවුරු කරන මේ ප‍්‍රකාශය සිංහල බෞද්ධයන්ට පමණක් නොව හින්දු සහ සිංහල, දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි රටවැසි සියල්ලන්ට ම මරණ සහතිකය අත්සන් කරන බව ව්‍යංගයෙන් දැනුම් දීමකි.

අලි සබ්රි ඇමතිට 1830 පාඩම
ඇමතිගේ ගුඩු ප‍්‍රකාශයේ තරම වටහා ගැනීමට 19 වෙනි සියවසේ දිවයිනේ අධිකරණ කටයුතුවල ප‍්‍රධානියා වූ අධිකරණ කොමසාරිස් ‘දැඩි ලෙස අනුගමනය කළ යුතුය’යි දිවයිනේ විනිසුරන්ට නියම කොට 1830 නිකුත් කරන ලද යුක්තිය පසිඳලීම සම්බන්ධ දීර්ඝ රීති මාලාවේ (රූල්ස් ෆෝ ඇඞ්මිනිස්ටරිං ජස්ටිස්* පූර්විකාවේ සඳහන් නියමයන් කීපයක් පමණක් උපුටා (සිංහලට පෙරලා* දැක්වීම ප‍්‍රමාණවත් ය.

”උත්සාහවන්ත, අනලස් විනිසුරු බුදුන් දේශනා කළ සූත‍්‍ර සහ විනය සහ ඒවායේ ප‍්‍රකාශයන් සහ අටුවාවල දක්වා ඇති රීතීන්ට දැඩි අනුකූලතාවයකින් යුතුව යුක්තිය පසිඳලීම කළ යුතුය.”

”පොත්වල වාර්තා කොට ඇති පාලි බුද්ධ දේශනා වෙනස් වීමට ඉඩ නැත, පිරිසිදුව පවතින්නේය. ඒ නිසා බුද්ධ දේශනාවේ දැක්වෙන පාලි පාඨ අධිකරණ පරීක්‍ෂණවලදී නිත්‍ය රීතීන් ලෙසට යොදාගත යුතු බව මෙයින් නියම කරනු ලැබේ.”

”බුදුන්ගේ ශුද්ධ දේශනාවලින්, එහි අන්තර්ගතයෙන් සහ ඒවා සම්බන්ධ අටුවා විවරණවලින් ඉදිරිපත් කොට ඇති නියමයන් දැඩි ලෙස අනුගමනය කළ යුතුය.”

වසර 192 කට පෙර (1830* අසිංහල, අබෞද්ධ බි‍්‍රතාන්‍ය නිලධාරියෙකු වූ අධිකරණ කොමසාරිස්ගේ නියම කිරීම් විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, පරිපාලනයේ නිරත සියලූ නිලධාරීන්ට සහ රටේ සමස්ථ ජනතාවට මසුරන් දස දහස් ගණනක පාඩමක් උගන්වයි. එයින් පෙන්වන ආදර්ශය අලි සබ්රි ඇමතිගේ ඉහත ප‍්‍රකාශයේ ගෑවිලාවත් නැත.

කඩා දැමීමේ පූර්ව නිගමනක සහ නිශ්චිත අරමුණක සිටින අලි සබ්රි ඇමති ”සිංහල බෞද්ධ ජනයා බුක්ති විඳින විශේෂිත නීති” හඳුනාගෙන තිබේ දැ’යි දන්නේ නැත. පූර්ව නිගමනවල සිට කටයුතු කිරීම යුක්ති ධර්මය නොවෙන බව ජ.නී. අලි සබ්රි අධිකරණ ඇමති අමතක කරන්නේ නම්, අමතක වෙන්නේ නම් එය ගුණ නැත. කෙසේ වෙතත් යක්‍ෂ/දේව ආරූඪයකින් මෙන් එවැනි නන්දෙඩවිලි කරන ඇමති රටේ අධිකරණ ඇමති තනතුරට සදුසු දැ’යි සිතා බැලීම රටට, රජයට ගුණදායක ය.

”අලි සබ්රි ඇමතිට විහාර දේවාලගම් පනත පුද්ගල නීතියකි”
රටේ පවතින පොදු නීති පද්ධතිය හැර ”සිංහල බෞද්ධ ජනයා බුක්ති විඳින විශේෂිත නීති” තිබේ දැ’යි ගැටලූවකි. උඩරට විවාහ හා අනුප‍්‍රාප්තික නීතිය ප‍්‍රාදේශීය නීතියකි. පුද්ගල නීතියක් නොවේ. විහාර දේවාලගම් පනත සිංහල බෞද්ධ ජනයා භුක්තිවිඳින පුද්ගල නීතියක් ලෙස දැක්වීම අලි සබ්රි ඇමතිගේ කෛරාටික කමකි. එය පෙර රජුන්, ඇමති ආදී පින්වතුන් සඟසතු කොට පූජා කළ දේපල සහිත පුරාණ බෞද්ධ සිද්ධස්ථාන සහ භික්‍ෂු ශාසනයට අදාල නීතියකි. සිංහල පමණක් නොව දෙමළ, මුස්ලිම්, ඉතාලි, ජර්මානු, බුරුම, තායි, බංගලිදේශ, ඉන්දියානු, චීන ආදී රටවල අය ද ලංකා භික්‍ෂු ශාසනයට ඇතුළත් වී සිටිති. අලි සබ්රි ඇමතිට විහාර දේවාලගම් පනත පුද්ගල නීතියක් වූයේ වැරදීමකින් හෝ නොදන්නාකමින් නොවිය හැකිය. ඇමතිගේ කුරුමානම දැනට රැුකගෙන ඇති සහ පුරා විද්‍යාවට අදාල විනාශ වීමට සහ විනාශ කිරීමට ලක් වී ඇති පුරාණ බෞද්ධ සිද්ධස්ථාන සහ භික්‍ෂු ශාසනය බව නොරහසකි.

ගරු කරන්නේ මුස්ලිම් නීතියට පමණයි
රටේ මුස්ලිම් ජනයාගෙන් 3%ක පමණ සුළු පිරිසක් පමණක් භුක්තිවිඳින වරප‍්‍රසාද පිරිනමන මුස්ලිම් හදිස්, ෂරියා නීති අදාල කොට ඇති විවාහ, දික්කසාද සහ උරුම නීතිය, කාති ක‍්‍රමය රටේ පවතින එක ම පුද්ගල නීතිය යි. රටේ රජයේ මොන නීති ඇතත් තමන් ඒ නීති නොසලකන බවත් තමන් පිළිපදින්නේ කුරානයේ හදිස් සහ ෂරියා නීතිය පමණක් බවත් හිටපු ඇමතියෙකු, ආණ්ඩුකාරයෙකු වූ දැන් ස.ජ. බලයේ පාර්ලිමේන්තු මන්තිරියෙකු කළ අන්තවාදී ප‍්‍රසිද්ධ ගර්ජනය මුස්ලිම් පුද්ගල නීතිය පවත්වා ගැනීමේ භයානක අනතුර කෙතරම් දැ’යි පෙන්වයි. රටේ නීතිය රකින්නට දිවුරුම් දුන්, නීති සම්පාදනය කිරීමේ වගකීම භාර පා.ම. කෙනෙකුගේ ගර්ජනය කසිප්පු බීගත් බේබදු නොසන්ඩාල ගෝරනාඩුවක් නොවේ. සමස්ථ මානව සමාජයට ම තර්ජනයකි. අන්තවාදීන් දිරි ගැන්වීමකි.

අධිකරණ ඇමති අහෝසි කළ යුතුය’යි පිළිගෙන ඇති යාපනේට සීමා කොට ඇති තේසවලමෙයි නීතිය සහ උඩරටට සීමා කොට ඇති විවාහ සම්බන්ධ නීතිය රටේ සහ සමාජයේ සාමයට සහ ආරක්‍ෂාවට හානියක් නොවූවත් භාවිතයේ තිබෙන කුරාන හදිස් සහ ෂරියා නීති රටේ සහ පුරවැසි සමාජයේ සහජීවනයට, සාමයට සහ ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් බව තහවුරු කිරීමට ඇමතිගේ මුස්ලිම් සගයෙකු ප‍්‍රසිද්ධියේ කළ ඉහත තර්ජනාත්මක ගර්ජනය ම ප‍්‍රමාණවත් ය.

තම සගයෙකු කළ ගර්ජනය, තර්ජනය අනුමත නොකරන්නේ නම්, අපක්‍ෂපාතී සාධාරණ මනසින් යුතු නම්, අවංකව ම රටට ආදරේ නම්, රටේ නීතියට අභියෝග කළ ඔහුට එරෙහිව අධිකරණ ඇමති ලෙස නිසි පියවර ගැනීමේ වගකීම ඉටු කළ යුතු ය. එසේම තමන් දිවුරුම් දී ශපථ කළ ‘එක නීතියක්’ ස්ථාපිත කිරීමට ප‍්‍රාදේශීය නීති සහ කුරානයේ හදිස් සහ ෂරියා නීති ඇතුළත් මුස්ලිම් පුද්ගල නීති අහෝසි කිරීම පමා නොකළ යුතු ය. පමාව ‘නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත් පට්ටයක් සහ තවත් ඩිංගක්’ කථාව යළි මතකයට ගෙනෙයි.

සිංහල බෞද්ධ උරුමයට තලේබාන් නීති බෝම්බ
ව්‍යවහාර වර්ෂ පූර්ව 3 වෙනි සියවසේ සිට ගොඩනගන ලද, දිවයිනේ හැම දිස්ති‍්‍රක්කයක ම පිහිටි පුරාණ විහාරාරාම නඩත්තුව සඳහා රාජරාජ මහාමාත්‍යාදීන් ඇතුළු පින්වතුන් විසින් ‘ඉර හඳ පවතිනතාක් කල් පවතින ලෙස’ සඟසතු කොට පූජා කරන ලද අක්කර දස දහස් ගණනක නිශ්චල දේපල විහාර දේවාලගම් පනතේ විධිවිධාන වලින් කළමනාකරණය වෙයි. වසර සිය ගණනක් පදිංචිව සිටියත් ‘සඟසතු’ අයිතිය කිසිවෙකුට පෞද්ගලිකව හිමි නොවේ. අන්සතු කළ නොහැකි ය. පදිංචිව භුක්තිවිඳිනතාක් කල් අදාල සිද්ධස්ථානයට තමන්ට නියමිත සේවාව කළ යුතු ය. පෙර දළදා මාළිගාවට හිමි දේපලවල පදිංචිව සිටි මුස්ලිම් ලබ්දිකයන් දළදා මාළිගාවේ සේවාවේ නිරත වූයේ ඒ අනුව ය. දේපලේ ආදායමෙන් විහාරයට ‘ඔතු බද්ද’ ගෙවිය යුතු විය. අදාල විහාරාරාම නඩත්තු කළ යුතු ය. (බි‍්‍රතාන්‍යයේ පුරාණ දේවස්ථානවලට හිමි ව තිබූ දේපල මිළ දී ගෙන වසර සිය ගණනකට, පරම්පරා ගණනාවකට පසුව ද වත්මන් ගැණුම්කරු කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුව ද ඒ දෙවස්ථානයේ නඩත්තු වියදම් දැරීමට බැඳී සිටියි.*

කුලියට, බද්දට ගෙන, පාරම්පරික පදිංචිකරුවන්ගෙන් ණයට හිලව් කරගෙන, බලහත්කාරයෙන්, තර්ජන හා ඝාතනවලින්, උපායෙන්, දේශපාලන රැුකවරණයෙන්, පැහැර ගෙන, පනතට අදාල රටේ හැම පළාතක ම පුරාණ සිද්ධස්ථාන සතු දේපල දැනට භුක්තිවිඳින අති බහුතරය මුස්ලිම් ජනයා ය. සාංගික දේලප කොල්ලය නීතියට කොකා පෙන්වමින් තවමත් සිදු කරන බව මාවනැල්ල දෙවනගල, මඩකලපුව, දීඝවාපිය ආදි සිද්ධස්ථාන ශාක්‍ෂි දරයි. විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා පනත අහෝසි කිරීම හෝ දියාරු කිරීම සිංහල බෞද්ධ උරුමයට උලමා හැඬීම ය.

නූතන ‘කාලිංග මාඝලා’ දළදා මාළිගාවේ කඩු මුවහත් තබනු ඇත. බුදු සිරිපා පහස ලද මහිියංගණ, නාගදීප, කැළණි, ශී‍්‍රපාදස්ථානය, දීඝවාපිය සහ රහතුන් වැඩ සිටි පුණ්‍යභූමි සහ සොළොස්මස්ථාන ශී‍්‍ර මහාබෝධිය, රුවන්වැළිසෑය, අභයගිරිය, මිහින්තලේ, රන්කොත්වෙහෙර, රන්ගිරිදඹුල්ල, සේරුවිල, සෝමාවති, දීඝවාපිය, ලාහුගල, තිරියාය, ගිරිහඬු සෑය, වෙල්ගම්වෙහෙර, තිස්සමහාරාම, කතරගම, මුල්ගිරිගල, දෙවිනුවර, මන්නාරම, හලාවත, දිඹුලාගල, මඩුකන්ද, මුහුදු මහා විහාරය, කුරුන්දන්ගමු, වවුනියා, කදුරුගොඩ, ආදී දහස් ගණනක් පුරාණ සිද්ධස්ථාන සිංහල බෞද්ධයාට පමණක් නොව බෞද්ධ ලෝකයට සහ මානව සංහතියට අහිමි වෙනු ඇත.

”බෝගස” කපා දැමීම
‘සිංහල බෞද්ධ විශේෂිත නීති’ කඩා දැමීමට අධිකරණ ඇමතිගේ හේතුව අරුම පුදුම ය. ”අනෙක් ජන කොටස්වලට හානියක් නොවෙන තාක්” හරි අපූරු තියරියකි. ”යටත්වීමේ” (=මුස්ලිම්* නීතියට නොගැලපේ නම් (”මුස්ලිම්” මූලික අර්ථය යටත් වෙනවා, යටත්වීම* රටේ අති බහුතරයට අදාල වසර දහස් ගණනක් පුරා පවතින ප‍්‍රධාන නීතිය කපා කොටා දැමීම අලි සබ්රි ඇමතිගේ ප‍්‍රතිපත්තිය යි. අල්ලා දෙවියන් විශ්වාස නොකරන ජීවිත සිඳ දැමීමේ නියමය ‘බුද්ධි බලඇණිය’ කි‍්‍රයාවට නඟන ක‍්‍රමයකි. මනින කෝදුව අපූරු ය. තමන්ට කැමති කැමති ලෙස ඇද මැන බැලිය හැකි ‘ඉලාස්ටික්’ කෝදුවකි. තණ කොළ, වල් පැලෑටි ශුද්ධ කිරීම වෙනුවට බෝගස කපා දැමීම ඔහුගේ අරමුණ ය.

මා දන්නා තරමින් ‘සිංහල බෞද්ධ ජනයාට විශේෂිත’ එකම නීතිය ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති රැුකවරණය පමණකි. ව්‍යවස්ථාපිත ඒ රැුකවරණය ද ‘නිරාගමික’ බයිලා ගයා හීන් සීරුවෙන් කටුගා දමා ‘සර්වාගමික’ තොන්ඩුවෙන් සිංහල බෞද්ධයාගේ ගෙල සිර කිරීම ‘විශේෂිත නීති කඩා දැමීමේ’ අලි සබ්රි ඇමතිගේ ඉලක්කයක් බව පෙනේ.

සර්වබලධාරී දෙවියන් තමන්ට මවා දුන් ස්ති‍්‍රයගේ ස්තී‍්‍ර අංගය කප්පාදු කරන ‘කාන්තා සුන්නත් කිරීම’ අලි සබ්රි ඇමතිට රහසක් ද? අන්තවාදීන් වෙනුවෙන් අඳ ගොළු බිහිරි ද? නතර කිරීමට නිසි කටයුතු නොකරන්නේ ඇමති කැමති නිසා ද? එකඟ නිසා ද? ‘කාන්තා සුන්නත’ සහ කුරානයේ හදිස්, ෂරියා මුස්ලිම් නීතිවලට අත නොතබන ඇමති මනෝලෝකයේ පුද්ගල නීති ලෙස මවාගෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය සහ සංස්කෘතියට අදාල නීති කපා දැමීමට සූදානම් ය. ඊට පෙර සිංහල බෞද්ධ 69 ලක්‍ෂයක වරම් ලැබූ ජනපති සහ රජය නිසි පියවර ගතයුතු ය.

වසර 2500 ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ ජනයා අනුගමනය කළ නීති කඩා බිඳ දමන බවට කරන ගර්ජනය දේශීය පාලකයන්ගෙන් අධිකරණ ඇමති පදවිය තෑගි ලැබූ අලි සබ්රි ඇමති වෙතින් නීතියේ කණ්‍යාවිය ‘යක්‍ෂයා’ අතට කඩුව දී පලාගොස් ඇති නිසා දැ’යි සැකයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress