කෙටිකාලයක් තුලදී අවාසනාවන්ත ලෙස මිය ගිය දෙවන හඳුන් දිවියා
Posted on March 22nd, 2021

පේශල පසන් කරුණාරත්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා දිවෙන හොරවල-පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේදී 2021.03.22 වන අද දින උදෑසන ත්‍රීරෝධ රථයක ගැටී ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයා වන Fishing Cat  යන ඉංග්‍රීසී නාමයෙන් හඳුන්වන, හඳුන් දිවියෙකු මරණයට පත්විය.

මෙම සත්වයා උසින් අඩි දෙකකට ආසන්න ගැහැණු සතෙකු වන අතර මරණයට පත්වූ මෙම සත්වයා හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ රැගෙන ගොස් ඇත. මෙම ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් මස 03 වන දිනද මෙලෙසම වාහනයක ගැටී පිරිමි සත්වයෙකු මිය ගියේය.

මෙම ප්‍රදේශය ආශිතව විශාල වනාන්තර ප්‍රමාණයක් පවතින අතර එම වනාන්තර ආශ්‍රිතව හඳුන් දිවියන්ගේ විශාල ගහණයක් පවතින අතර අදාල බලධාරීන් විසින් ඔවුන් සංරක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් මෙම අහිංසක සත්ත්ව ජීවීත රැක ගැනීමට හැකියාව ලැබේ.

මෙම වනාන්තර තුල වෙසෙන හඳුන් දිවියන් මෙන්ම අනෙකුත් වනජිවීන් රැක ගැනීම සඳහා වනජීවී කාර්යාලක් නොමැති වීම නිසාවෙන් මෙවැනි ක්‍රියාවන් සිදු වන බව බොහෝ දෙනාගේ මතයයි.  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වෙසෙන වනජීවින් රැක ගැනීම සඳහා සහ වනජීවී අපරාද  සිදුවීම වලක්වා ගැනීම සඳහා වනජීවී කාර්යාලක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල ස්ථාපනය කරන ලෙස ජනාධිපතිතුමන් සහ වනජීවී අධ්‍යක්ෂක තුමන්ගෙන් මේ වන විටත් ලිඛිතව ඉල්ලීම් කර ඇත. එම ක්‍රියාවලිය කඩිනම් කරන්නේ නම් ඉතාමත් වැදගත් වේ.

එබැවින් දිගින් දිගටම අකාලෙ මියයන වනජීවී සම්පත් සැලකිල්ලට ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  වන ජීවීන්ට සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගත හැකි වනජීවී කාර්යාලයක් පිහිටුවීම සදහා අදාල බලධාරීන්ගෙ අවධානය යොමු කල යුතුව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress