ශ්‍රී ලංගම සේවකයින් හට #කොරෝනා රෝගය වැළඳුනු පසු ප්‍රතිකාර කිරීමට වෙනමම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටප්‍රථම ශ්‍රී ලංගම සේවකයින් #කොරෝනා උවදුරින් ගලවා ගැනීමටප්‍රතිශක්තීකරණ එන්නත කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම
Posted on May 10th, 2021

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

ගරු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය,
දිලූම් අමුණුගම මැතිතුමා,
ප්‍රවාහන අමාත්‍යංශය,
7
වන මහළ, ‘‘සෙත්සිරිපාය’’,
බත්තරමුල්ල.

ගරු නියෝජ්‍ය ඇමති තුමණි,

ශ්‍රී ලංගම සේවකයින් හට #කොරෝනා රෝගය වැළඳුනු පසු ප්‍රතිකාර කිරීමට වෙනමම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටප්‍රථම ශ්‍රී ලංගම සේවකයින් #කොරෝනා උවදුරින් ගලවා ගැනීමටප්‍රතිශක්තීකරණ එන්නත කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම.

සුව විරුවන්, රණවිරුවන් හා සමානවම ශ්‍රී ලංගම විරුවන් #කොරෝනා උවදුරින් මුදවා ගැනීමට ශ්‍රී ලංගම විරුවන් හටද ප්‍රතිශක්තීකරණ එන්නත පළමු වටයේම ලබාදෙන ලෙස අප සංගමය ගරු ජනාධිපති තුමාගෙන් 2021.02.01 වන දින ලිඛිතව ඉල්ලා ඇත. එම ලිපියේ පිටපතක් ඔබතුමාට යොමුකර ඇත. එම ලිපියට ගරු ජනාධිපති තුමා අප සංගමයට එවන ලද ලිපියේ පිටපතද මේ
සමඟ ඔබගේ අවධානය සඳහා යොමුකර ඇත.

අත්‍යාවශ්‍ය සේවා වල සේවය කරන සේවකයන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ මගී ජනතාව ප්‍රවාහනය කිරීමේ භාරදූර කාර්යය ශ්‍රී ලංගම විරුවන් ඔවුන්ගේ ජීවිත වලට සිදුවිය හැකි අවදානම පවා නොතකා මේ මොහොතේ සිදුකරයි. එම සේවකයන් හට මුහුණු ආවරණ, අත්වැසුම්, වෙනත් වෛද්‍ය පහසුකම් විධිමත්ව අඛණ්ඩව ලැබෙන්නේ නැත. ඔවුන් සේවය කරන ශ්‍රී ලංගම ඩිපෝවන් ආයතනයන් විෂබීජහරණය සිදුවන්නේද මන්දගාමී ලෙසය. රණවිරුවන් සුවවිරුවන් හා සමානවම ශ්‍රී ලංගම විරුවන්ද සිදුකරනු ලබන්නේ ඉමහත් සේවාවකි.

බස්වල ගමන් කරන මගීන් පිළිබඳව කිසිදු අවබෝධයක් ශ්‍රී ලංගම විරුවන් හට නොමැති අතර #කොරෝනා උවදුරට ඔවුනට කොයි මොහොතේ හෝ අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවනු ඇත. නුමුත් ශ්‍රී ලංගම විරුවන් තමන්ට සිදුවිය හැකි භයානක උවදුර පවා නොසලකා අත්‍යාවශ්‍ය සේවාවන් වල සේවකයන්ට සහ මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදේ. එම ශ්‍රී ලංගම විරුවන් හට තමන් සේවය කරන බස්රථ වල රාත්‍රී නවාතැන් ගැනීමට පවා සිදුවී ඇති අතර එම ක්‍රියාවලිය අති භයානක ක්‍රියාවලියක් වේ. මන්දයත් බස්රථ වල ගමන් කරනු ලබන්නේ කුමන තරාතිරමේ මගීන්ද යන්න පිළිබඳව අවබෝධයක් ඔවුනට නොමැති නිසාය. සුවවිරුවන් රණවිරුවන් හා සමානවම ශ්‍රී ලංගම විරුවන්ද සුවිශේෂී සේවාවක් කරනු ලබන නුමුත් ඔවුන් අගය කිරීම කිසිදු මාධ්‍යයකින් හෝ කිසිදු පාලකයින්ගෙන් හෝ සිදුවන්නේ නැත.

ගරු නියෝජ්‍ය ඇමති තුමනි,
ඉහත කරුණු පිළිබඳව ඔබතුමාගේ විශේෂිත අවධානයට ලක්කර #කොරෝනා රෝගය වැළඳුන පසු ප්‍රතිකාර කිරීමට වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ප්‍රථම #කොරෝනා රෝගයෙන් ශ්‍රී ලංගම සේවකයින් මුදවා ගැනීමට ප්‍රතිශක්තීකරණ එන්නත ඇතුළු සියළුම සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප සංගමය ඔබතුමාගෙන් වගකීමකින් යුතුව ඉල්ලා සිටින අතර, වෙනමම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප සංගමය කිසිදු විරෝධතාවයක් නොමැති බවද දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,
සේපාල ලියනගේ
ප්‍රධාන ලේකම්,

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

සම්බන්ධීකාරක071 5152319
Coordinator – +94 71 5152319

පිටපත්:

1. ගරු ජනාධිපති ගෝඨභය රාජපක්‍ෂ මැතිතුමා.

2. ගරු ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මැතිතුමා
3.
ශ්‍රී ලංගම ගරු සභාපති කිංස්ලි රණවක මැතිතුමා
4.
ශ්‍රී ලංගම සියලූම ගරු ප්‍රාදේශීය කළමණාකාර තුමන්
5.
ශ්‍රී ලංගම සියලූම වෘතීය සමිති වෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress