සේවක ගැටලූ කෙරෙහි අවධානය යොමුකිරීම
Posted on May 14th, 2021

කම්කරු අරගල මධ්‍යස්ථානය

සභාපති,
ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව,
අංක 130,
ඩබ්.ඒ.ඞී. රාමනායක මාවත,
කොළඹ 02.
2021/05/14.

සභාපතිතුමණි,

සේවක ගැටලූ කෙරෙහි අවධානය යොමුකිරීම
ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක් කලෙක මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයා ලෙස වැජඹුණු බව  සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් එහි වත්මන් තත්ත්වය අතිශය ඛේදජනක ය. මේ වනවිට ඉංජිනේරු සංස්ථාව තුළ අර්බුද රැුසක් පැන නැගී ඇති අතර එහි ඉදිරි පැවැත්මද අභියෝගයට ලක් කෙරෙන පසුබිමක් නිර්මාණය වී තිබේ. ඊට බලපා ඇති බොහෝ සාධක පිළිබඳ අවබෝධයක් අප සතු වන නමුත් මෙහිදී එහි සේවකයන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලූ කීපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා  කරමු.
02.  මේ වනවිට රටේ සාමාන්‍ය ජනතාව ආර්ථික වශයෙන් විශාල අභියෝගයකට මුහුණ දී ඇත. උද්ධමනය ඉහළ ගොස්  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින්  ඇත. රුපියල වේගයෙන් අවප‍්‍රමාණය වෙමින් ඇති පසුබිමක වැටුපේ සැබෑ වටිනාකම  (මූර්ත අගය* ද පහත වැටී ඇත. ජීවන වියදම වැඩිවීමට අදාළව හෝ අවම වැටුප් වැඩිවීමක්වත් සිදුනොවූ පසුබිමක, ගෝලීය වසංගතයක අවදානම මැද, වැඩ කිරීමට ද ඒ හේතුවෙන් අමතර පිරිවැයක් දැරීමටද සිදුව තිබේ.
03.  සියලූ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සේවකයන්ට  ඇති  මාර්ගය වැටුප පමණි. එමෙන්ම ඔවුුුුන් විසින් ලබාගෙන ඇති විවිධ ණය වාරික ගෙවීම, දරුවන්ගේ අධ්‍යාපන වියදම් ආදී නියමිත දිනයන්හි ගෙවිය යුතු බොහෝ දේ ඔවුන්ට තිබේ. මෙවැනි පසුබිමක සංස්ථාව සිය සේවකයන් මෙතෙක් භුක්ති විඳි සියලූ දීමනා කපා හැර තිබේ. අතිකාල කප්පාදු කොට ඇත. වසරකට වැඩි කාලයක් තිස්සේ ෑඡුත්‍රැුෑඔත්‍ ගෙවීම පැහැර හැර ඇත. එසේ කර තිබියදීද ඔවුන්ට හිමි වැටුප ගෙවීම පමා කිරීම කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකිද? වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය කර ඇති මෙම අස්ථාවර අවිනිශ්චිත තත්ත්වය තුළ ඔවුන්  දැඩි පීඩාවකට ගොදුරු කර ඇත.
04.  මෙම ගැටලූව විසඳීමට මැදිහත්වන ලෙසද අදාළ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද වෘත්තීය සමිති මාර්ගයෙන් පාලනාධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සේවකයන් විසින් අවස්ථා ගණනාවකදී කටයුතු කර ඇත. එයට කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණ අතර සිය ගැටලූ ඉදිරිපත් කරන, ඒ ගැන කතා කරන සේවකයන්  ස්ථාන මාරු කිරීමේ පිළිවෙතක්  පාලනාධිකාරිය  විසින් අනුගමනය  කර තිබේ. මෙම ලිපිය යොමු කිරීමට හේතු වූ ගැටලූව නිර්මාණය වූ ආසන්නතම සිදුවීම සිදු වූයේ අපේ‍්‍රල් 29 දිනයේදී ය. අපේ‍්‍රල් 23 වන දිනට ලැබිය යුතු වැටුප අපේ‍්‍රල් 29 වනවිටත් ගෙවා නොතිබීම හේතු කරගෙන සේවක නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පැවතුණි. වෘත්තීය සමිති මගින් එදින උදෑසනද සේවක කැළඹීමක් ඇති විය හැකි බවත් එවැන්නක වගකීම පාලනාධිකාරිය විසින් භාරගත යුතු බවත් වාචිකව මෙන්ම ලිඛිතවද දන්වා ඇත.
05.  සිංහල, හින්දු අලූත් අවුරුදු සමය  ජනතාවට අධික වියදම් දැරීමට සිදු වන කාලයකි ඉන්පසු සාමාන්‍යයෙන් මිනිසුන් අත මුදල් ඉතිරි නොවේ එමෙන්ම ජදඩසා වසංගතය පැතිරෙමින් පැවතීම හේතුවෙන්  සීමා පැනවීම පිළිබඳ පැවති කථිකාව විසින් සියල්ලන් තුළ නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක ඔවුන්ට හිමි වැටුප ප‍්‍රමාද කිරීම සේවකයා පිළිබඳ අතිශය වගකීම් විරහිත ක‍්‍රියාවක් ලෙස අප දකිමු. අපේ‍්‍රල් 29 වන දින වැඩබිම්වල සහ  ප‍්‍රධාන කාර්යාලයේ සේවකයෝ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයට රැුස්වූයේ සිය වැටුප ඉල්ලා සිටීමටය. එය සාධාරණ සහ සාමකාමී විරෝධය පෑමකි. එහිදී සාමාන්‍යධිකාරීවරයා එතැනට පැමිණ වැටුප් ගෙවීමටද විරෝධය පළ කිරීමට රැුස්වූ කිසිවෙකුට එරෙහිව කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවටද  සේවකයන් සහ මාධ්‍ය ඉදිරියේ පොරොන්දු විය. එහෙත් මේ වනවිට ප‍්‍රධාන කාර්යාලයේ ආරක්ෂක අංශ සේවකයන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට සැලසුම් කර ඇත. තවත් පිරිස් මර්දනය කිරීමට සැරසෙන බවට තොරතුරු තිබේ. මෙය අයුක්ති සහගත ක‍්‍රියාවකි. ඉංජිනේරු සංස්ථාව මේ ඛේදනීය ඉරණමට ඇද දමා ඒ හරහා නිර්මාණය වූ අර්බුදයට සේවකයන් බිල්ලට ගන්නා මෙවැනි ක‍්‍රියාමාර්ග අප තරයේ හෙළා දකින්නෙමු.  
06.  ක්‍දඩසා 19 වසංගත තත්ත්වය තුළ සියල්ලන් වෙත ඇත්තේ එකම ජීවිත අවදානමකි. එහෙත් සංස්ථා ප‍්‍රධාන කාර්යාලය සහ වැඩබිම්වල සේවකයන් සේවයට කැ`දවීමේ දී ආකාර දෙකකට  කටයුතු කර ඇත. මේ පිළිබඳව සළකා බලන ලෙසද සියලූ සේවකයන්ට සාධාරණ පදනමකින් නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.
07 . සංස්ථා සේවකයන් මුහුණ දෙන වැටුප් ගැටලූව ඇතුළු අනෙකුත් ගැටලූ විසඳීමට අදාළ පියවරයන් වෙත වහා එළඹිය යුතුව ඇති බව දන්වා සිටිමු. ඔබේ පියවරයන් දෙස අප අවධානයෙන්  යුතුව බලාසිටින බවද, අසාධාරණ ලෙස සේවක දඩයමකට සැරසෙන්නේ නම් එය පරාජය කිරීම සඳහා  අදාළ උපරිම මැදිහත්වීම කිරීමට සූදානමින් සිටින බවද දන්වා සිටිමු.
ස්තුතියි,
මෙයට,

………………………..
දුමින්ද නාගමුව
සංවිධායක ලේකම්,
කම්කරු අරගල මධ්‍යස්ථානය.

පිටපත්
ජනාධිපති
අමාත්‍ය – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍ය – ග‍්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ලේකම් –  නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
සියලූම මාධ්‍ය ආයතන


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress