කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යවසායකයින්ගෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැසසුම්
Posted on May 17th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට පිහිටක්වීමට ආරම්භ කළ දින10න් ඇඳන් 1000ක් ව්‍යාපෘතියට කොට්ට,මෙට්ට,ඇද ඇතිරිලි සහ මදුරු දැල් සකස් කළ දේශීය ව්‍යවසායකයන් තමන්ට එවැනි අවස්ථාවක් උදාකිරීම ගැන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අද (17) දින සිය ප්‍රණාමය පුද කළහ.

වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට දිවයින පුරා තරුණ තරුණියෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

ව්‍යාපෘති ඉලක්ක සපුරාලීමෙන් අනතුරුවද අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අනාගත අවශ්‍යතා වෙනුවෙන් එය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය ව්‍යාපාර කටයුතු ඇණ හිට තිබූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට අයත් දේශීය ව්‍යාපාරිකයන්ට මෙම ව්‍යාපෘතියට දායක වීමට ඉඩ සළසා දෙන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබිණි.

ඒ අනුව දේශීය ව්‍යවසායකයින් රැසකට දින10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය ඔස්සේ පිළිසරණක් ලැබිණි.

අදාළ ඇඳන් සකස් කිරීමේ ක්‍රියාවලියට සමඟාමීව කොට්ට,කොට්ට උර, මෙට්ට,ඇඳ ඇතිරිලි සහ මදුරු දැල් සැපයූ මෙම දේශීය ව්‍යවසායකයෝ අඛණ්ඩව ඊට දායක වෙමින් සිටිති.

මනුෂ්‍යත්වය උදෙසාවන මහඟු සද් කාර්යයකට සිය දායකත්වය ලබා දෙමින් අදායමක් ලැබීමට හැකිවීම තම ස්වයං රැකියා ජීවිතයේ ලැබූ මහඟු තෘප්තියක් යැයි කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යවසායකයින් රැසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළහ.

මෙවැනි දුෂ්කර කාල වකවානුවක වුවද දේශීය ව්‍යවසායකයින් නගා සිටුවීම වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පැවසීය

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress