ශ්‍රී ලංකා ගුරු සේවයේ අන්තර් කාලීන විධිවිධාන දීර්ඝ කිරීම පිළිබදව පැන නැගීී ඇති ගැටඵ සම්බන්ධව
Posted on May 17th, 2021
ලංකා ගුරුසේවා සංගමය.
ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
ලේකම්තුමනි,
ශ්‍රී ලංකා ගුරු සේවයේ අන්තර් කාලීන විධිවිධාන දීර්ඝ කිරීම
පිළිබදව පැන නැගීී ඇති ගැට
ඵ සම්බන්ධව
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආයතන) ගේ අත්සනින් ෑෘ/02/29/02/02/06 හා 2020.12.09 දිනැතිව (නව ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම) යටතේ නිකුත්කර ඇති උපදෙස් සහිත චක්‍රලේඛය කෙරෙහි ඔබගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.
02ග එම චක්‍රලේඛයෙහි 2 වන වගන්තියේ 1 වන උප වගන්තියෙහි —මෙම අවස්ථාවට පමණක් වන සේ 2020.10.23 දින සිට 2021.10.22 දක්වා වසරකින් අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීමට අනුමැතිය ලබා දී ඇති බව˜ ස`දහන්ව ඇත.
03ග මෙම අන්තර්කාලීන විධිවිධාන පිළිබදව 2014.10.23 දිනැති 1885/38 අංක දරණ ගුරු සේවා ව්‍යවස්ථාවේ 15 වගන්තියේ ස
දහන් පරිදි මෙම අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීමට අනුව 2021.10.22 තෙක් ව්‍යවස්ථාවේ කාර්යකෂමතා කඩඉම්වලට අදාළව මොඩියුල සම්පුර්ණ කිරීමට ඇති කොන්දේසිවලින් ගුරුවරුන් නිදහස් කර ඇත.
ඉහත ලිපිය ඡීක/ෑීඔ/7/2/1(ෂෂ)/2012 හා 2020.11.11 දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය ඇතිව නිකුත් කර ඇති බව ද අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීමට හේතුව ද පැහැදිලිව සඳහන් කරන්නක් වේ.
04ග ඒ අනුව,
ෂග 3-ස ශ්‍රේණියට පත් වු දින සිට වසර 03 කට පෙර 2-සස ශ්‍රේ‚යට උසස්වීම ස`දහා 1 වන කාර්යක්ෂමතාවය වෙනුවෙන් මොඩියුල කළ යුතු අතර එම වසර 03 ක සේවා කාලය 2021.10.23 දින හෝ ඊට පෙර සම්පුර්ණ වන්නේ නම් මොඩියුලවලින් නිදහස් වේ. 2018.10.22 දිනට පසුව 3-ස ශ්‍රේණියට පත් වු ගුරුභවතුන්ගේ එම වසර 03 ක සේවා කාලය 2021.10.23 දිනට සම්පුර්ණ නොවන හෙයින් මොඩියුල කළ යුතුය.
ෂෂග 2-සස ශ්‍රේණියට සෘජුව බදවා ගත් ගුරුභවතුන් එදින සිට වසර 03 කට පෙර 2-ස ශ්‍රේ‚යට උසස්වීම ස
දහා 1 වන කාර්යක්ෂමතාවය වෙනුවෙන් මොඩියුල කළ යුතුය. එම වසර 03 ක සේවා කාලය 2021.10.23 දින හෝ ඊට පෙර සම්පුර්ණ වන්නේ නම් මොඩියුලවලින් නිදහස් වේ. 2018.10.22 දිනට පසුව 2-සස ශ්‍රේණියට සෘජුව පත් වු ගුරුභවතුන්ගේ එම වසර 03 ක සේවා කාලය 2021.10.23 දිනට සම්පුර්ණ නොවන හෙයින් මොඩියුල කළ යුතුය.
ෂෂෂග 2-සස ශ්‍රේණියට පත් වු දින සිට වසර 04 කට පෙර 2-ස ශ්‍රේ‚යට උසස්වීම සදහා 2 වන කාර්යක්ෂමතාවය වෙනුවෙන් මොඩියුල කළ යුතුය. එම වසර 04 ක සේවා කාලය 2021.10.23 දින හෝ ඊට පෙර සම්පුර්ණ වන්නේ නම් මොඩියුලවලින් නිදහස් වේ. 2017.10.22 දිනට පසුව 2-සස ශ්‍රේණියට පත් වු ගුරුභවතුන්ගේ එම වසර 04 ක සේවා කාලය 2021.10.23 දිනට සම්පුර්ණ නොවන හෙයින් මොඩියුල කළ යුතුය.
ෂඪග 2-ස ශ්‍රේණියට පත් වු දින සිට වසර 04 කට පෙර 1 පන්තියට උසස්වීම ස
දහා 3 වන කාර්යක්ෂමතාවය වෙනුවෙන් මොඩියුල කළ යුතුය. එම වසර 04 ක සේවා කාලය 2021.10.23 දින හෝ ඊට පෙර සම්පුර්ණ වන්නේ නම් මොඩියුලවලින් නිදහස් වේ. 2017.10.22 දිනට පසුව 2-ස ශ්‍රේණියට පත් වු ගුරුභවතුන්ගේ එම වසර 04 ක සේවා කාලය 2021.10.23 දිනට සම්පුර්ණ නොවන හෙයින් මොඩියුල කළ යුතුය.
05ග එසේ තිබියදී අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු අධ්‍යාපන පරිපාලන) ආර්.එම්.එම්. රත්නායක මහතා අංක ෑෘ/03/20/2004/03/03/01 හා 2021.04.23 දිනැතිව ගුරු සේවා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සඳහා සහන කාලයක් ලබා දීම සම්බන්ධවයි යන මාතෘකාව යටතේ නිකුත් කර ඇති ලිපිය මගින් අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීමට රා.සේ.කො සභාව ලබා දී ඇති විධිමත් නිර්දේශ අභියෝගයට ලක් කර ඇත.
ඒ අනුව,
ෂග මෙහි අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීම යනු සහන කාලයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කර තිබීමත්.
ෂෂග එහි දින වකවානු නිශ්චය කිරීමේ දී 2016 හා 2015 දක්වා පෙරදාතම කිරීමත්.
2021.10.22 න් වසර 3 ක් අඩු කළ විට 2018 විය යුතු නමුත් එය 2016 ලෙස සදහන් කර තිබීමත්, වසර 4 ක් අඩු කළ විට 2017 විය යුතු නමුත් 2015 ස
දහන්ව තිබීමත් ගැට`ඵසහගත වේ.
ෂෂෂග ඒ අනුව ඉහත ගුරු ආයතන සහකාර ලේකම්ගේ ලිපිය නිවැරදිව අර්ථකථනය කර ගැනීමෙන් තොරව මෙම ලිපිය සැකසු බව පැහැදිලි කරුණකි. එම ලිපිය මගින් වෘත්තීය සමාලෝචනයට හා කාර්යක්ෂමතා කඩඉම් සම්පුර්ණ කිරීමට අදාළ කටයුතු අවසන්ව නොමැති බව පැහැදිලිව සඳහන් කරයි. හේතුව පැහැදිලිව අවබෝධ කර ගැනීමෙන් තොරව මීට පෙර ද වාචිකව ප්‍රකාශ නිකුත් කර තිබීම මගින් ද ගුරු මධ්‍යස්ථානවල පරිපාලනයට ගැට`ඵ ඇති කර තිබු බව වාර්තා විය.
ෂඪග මේ නිසා අමතර වසර දෙකක කණ්ඩායමකට මොඩියුල කිරීමට සිදුවීම අදාළ ගුරුවරුන්ට මෙන්ම ගුරු මධ්‍යස්ථාන තුළ ද ගැට`ඵ රැසක් නිර්මාණය වීමට හේතු වී ඇත.
06ග එමෙන්ම අදාළ ගුරු මධ්‍යස්ථාන තුළ දැනට පවතින ගැට`ඵ ද ගණනාවකි. ඒ අතර,
ෂග අන්තර්ජාලය හරහා මොඩියුල සම්පුර්ණ කරන ලෙස උපදෙස් දී තිබුන ද ඒ සඳහා Zදදප තාක්ෂණයට අදාළ උපකරණ හා සේවාවන් ප්‍රමාණවත් පරිදි ගුරු මධ්‍යස්ථාන වෙත සපයා නැත.
ෂෂග දුරකථන බිල්පත් නොගෙවීම නිසා බොහෝ ගුරු මධ්‍යස්ථානවල එම දුරකථන විසන්ධි කර ඇත.
මේ නිසා අදාළ චක්‍රලේඛ අභිබවා වගකිව යුතු නිලධාරින්ගේ වැරදි දින වකවානු සහිත චක්‍රලේඛ උපදෙස් විසින් තවදුරටත් ගුරුවරුන් පීඩාවට පත් කරන ගැටඵ රැසක් නිර්මාණය වෙමින් ඇති නිසා අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීම යනු කර්යකෂමතා කඩඉමට අදාළව මොඩියුල කිරීමේ අවශ්‍යතාවයන්ගෙන් 2021.10.22 දක්වා ගුරුවරුන් නිදහස් කර ඇති බවත් ඊට අදාළ දිනවකවානු ඉතා පැහැදිලිව ගුරු මධ්‍යස්ථාන වෙත දැනුම් දී ඉහත ස
දහන් පවතින ගැට`ඵ කඩිනමින් නිරාකරණය කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.
සම්බන්ධීකරණය – 0718297022/0777685038
පිටපත් – 01. ලේකම් – රාජ්‍ය සේවා කොමිෂන් සභාව
02. අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා) – අධ්‍යාපන අමාත්‍යංශය
03. අධ්‍යාපන අධ්‍යකෂ (ගුරු අධ්‍යාපන පරිපාලන) – අධ්‍යාපන අමාත්‍යංශය