ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්
Posted on May 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02හි දී අද (18) දින පැවැත්විණි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම්දීම කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ආණ්ඩු පක්ෂ  මන්ත්‍රී කණ්ඩායම රැස්වූහ.

එහිදී අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හා එහි වපසරිය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

අනතුරුව වරාය නගරය හා බැඳී පවතින ආර්ථිකමය ප්‍රතිලාභ සහ වටිනාකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පැහැදිලි කරන ලදි. මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැති ඇමතිවරු එක්ව සිටියහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress