වෙසක් පුන් පොහෝ දින යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහනට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වෙයි.
Posted on May 26th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක යොවුන් ශීල සමාධි වැඩසටහන් මාලාවේ පස්වැන්න වෙසක් පුර පසළොස්වක පොහොය යෙදුණු අද (26) දිනයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයේ දී පැවත්විණි.

තරුණ පරපුර සුගතිගාමී කරවීම පෙරදැරි කරගනිමින් රට පුරා සියලු විහාරස්ථානවල සෑම පසොලොස්වක පොහොය දිනයන්හීදීම තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනා වැඩසටහන්වලට යොමු කිරීමට යොවුන් ශීල සමාධි වැඩසටහනේ අභිමතාර්ථයයි.

ඒ අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ තරුණ පිරිස ශීල සමාධියෙහි පිහිටුවීම අද පෙරවරු 06.30 ට ගංගාරාම විහාරාධිපති හිමි අනුශාසකත්වයෙන්, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී පුජ්‍යපාද බෙංගමුවේ නාලක හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

පෙ.ව.07.30 සිට පෙ.ව.08.00 දක්වා පැවති බුද්ධ පූජාවෙන් අනතුරුව පෙ.ව.08.00 සිට පෙ.ව. 08.50 දක්වා ධර්ම සාකච්ඡාවක් ද පැවැත්විණි.

ගොලීය වසංගතයක්ව පවතින කොවීඩ් 19 වෛරස් තත්ත්වයෙන් අපේ රට මුදවා ගැනීමට හා ‍ඊට ගොදුරු වී සිටින සියලු දෙනාට සෙත් පතා පැවති රතන සූත්‍ර දේශනාවෙන් හා සත‍්‍යයක් ක්‍රියාවෙන් පසු  සිල් සමාදන් වූ පිරිසට අරලියගහ මන්දිරයේ සිට විසුරුවා හරින ලද ධර්ම දේශනාවට සවන්දීමේ අවස්ථාව හිමිවූහ.

කොවිඩ් – 19 මාර්ගෝපදේශවලට සහ පවතින සංචරණ සීමාවලට යටත්ව පැවති යොවුන් ශීල සමාධි වැඩසටහන වෙනුවෙන් දැහැමි සමාජයකට මං පෙත් විවර කරමින් ධර්ම දේශනාමය දායකත්වය මහාචාර්ය ඉත්තෑමලියේ ඉන්දසාර හිමි සහ මහාචාර්ය මැදගම්පිටියේ විජිත හිමි විසින් දරණු ලැබූහ.

මෙම වැඩසටහන සදහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් හා සංවි‍ධායකත්වයෙන්, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණය, ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ හා පහන්සිත් පදනමේ ක්‍රියාකාරී දායකත්වයයෙන් සිදු විය.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress