යාපනයේ පළමු එන්නත්කරණයන් නිරීක්ෂණයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වෙයි.
Posted on May 30th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනේ අද (30) දින යාපනය දිස්ත්‍රික්කය ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පළමු අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කය තුළ 50,000ක පිරිසක් මෙසේ එන්නත්කරණයට ලක් කෙරෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

සංචරණ සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක මෙම එන්නත්කරණ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළත් යාපනයේ ස්ථාන කිහිපයක දී පැවැත්වෙයි.

නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ඉදිරි කාලසීමාව තුළ අතිගරු ජනාධිපතිතුමත් කොවිඩ් කාර්ය සාධන බලකායත් සමඟ එක්ව ඔවුන්ගේ නිර්දේශවලට අනුකූලව වැඩි අවධානමක් තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාමසේවා වසම් හඳුනාගෙන එන්නත්කරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක  වෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ දැනට එන්නත්කරණය සිදුකරන ග්‍රාමසේවා වසම්වල ජීවත් වන අවුරුදු 30ට වැඩි ආදරණීය සහෝදර සහෝදරියන්ට සහ දෙමව්පියන්ට පැමිණ මෙම එන්නත ලබාගන්නා ලෙස‍ට ගෞරවයෙන් ආරාධනා කරනවා.

ඒ වගේම අනෙකුත් ග්‍රාමසේවා වසම්වලටත් ඉදිරි කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කළ පසු එන්නත්කරණය සිදුවන නිසා ඡන්ද හිමි නාම ලේඛනයේ තම තමන්ගේ නම තිබෙන ග්‍රාමසේවා වසමේ එන්නත්කරණ  මධ්‍යස්ථානය වෙත පැමිණ තමන්ගේ එන්නත ලබා ගන්නැයි අමාත්‍යවරයා ආරාධනා කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරු සහ යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ලස් මහත්මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress