අන්ත්‍රාවයි! අපෙන් ඩැහැගන්නා අපි හදපු පක්ෂ හා අපි හැදිය යුතුයයි පැතු දේශපාලන පක්ෂ.
Posted on June 17th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවට අයත් දේශපාලන පක්ෂයක් අවශ්‍ය යයි සිතු අප අපේ තාරුණ්‍ය සම්පුර්ණයෙන්ම කැප කොට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැංවුයෙමු. අද එය අපට හිමි නැත. “අධිරාජ්‍යවාදයට විනාශය -ජනතාවට විමුක්තිය “යන සටන් පාඨය මුලිකත්වයෙලා තැනු ඒ දේශපාලන පක්ෂය, මේ වනවිට අධිරාජ්‍යවාදීන් විසින් මිලයට ගෙන අපිට එරෙහිව ඔවුන්ගේ ප්‍රධාන මෙවලමක් ලෙස මෙහෙයවයි. සතුටකට ඇත්තේ මේ දේශපාලන පක්ෂය විසින් 2005දී මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කිරීම උදෙසා, මහා ව්‍යාපාරයක් සිදුකිරීමත් ඒ මහින්ද රාජපක්ෂයන් විසින් අධිරාජ්‍යවාදීන්ගේ ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය කුඩු පට්ටම් කිරීම මගින් අපේ අපේක්ෂාවන්වූ  අධිරාජ්‍යවාදයට විනාශයේ අඩිතාලමට හොද ස්ථාවර පදනමක් නිර්මාණය කිරීමයි.මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කළ මොහොතේම හොද මුදලකට අධිරාජ්‍යවාදීන් මිලයට ගත එම පක්ෂය මේ වන විට එදා ආසන 41ක පාර්ලිමේන්තු බලය ආසන 3ක මට්ටමට පහත හෙලාගෙන අධිරාජ්‍යවාදීන්ගේ සුවච කීකරු නවටයින්ගේ කාර්යභාරය ඉටුකරමින් සිටි.

ඉන්පසු අධිරාජ්‍යවාදීන්ට මුදලට ගැනීමට අවශ්‍යවූයේ, බුලත් කොලෙන් දේශපාලන පිටිය හැඩගැන්වූ නිදහස් සන්ධානයයි. 2015දී මහින්ද රාජපක්ෂයන් පරාජය කිරීමත් සමගම මෛත්‍රිපාල සිරිසේන ලවා ඩැහැගත් මේ දේශපාලන සංවිධානය අධිරාජ්‍යවාදී බළල් අතක් වූ බව දුටු අපේ එකම ඉල්ලීම වුයේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන ලෙසයි. ඒ මෙසේයි.http://www.lankaweb.com/news/items/2015/07/06/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/අප මේ ඉල්ලීම සිදුකලේ 2015 මහා මැතිවරණයට පෙරයි. නමුත් අප පැතු දෙය මැතිවරණයට පෙර සිදු නොවිණි. අප කිව් ලෙසම සියල්ලක්ම සිදුවිය.

පසුව තමන් කල වරද ස්වයංව අවබෝධවීම නිසා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය විය. ඒ අවස්ථාවේදී මේ මහා ජාතික පිංකම සිදුවෙන අවස්ථාවේදී, නෙලුම් මාවතට ගොස් ඒ කටයුත්තට අතගසා, අප මෙසේ සටහන් කළෙමු.http://www.lankaweb.com/news/items/2016/02/12/%e0%b6%b1%e0%b7%80-%e0%b6%ba%e0%b7%94%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8f%e0%b7%80/

අප පැතු ඒ පක්ෂය මහා විප්ලවයක් සිදු කොට ගෝඨාභය රාජපක්ෂයන්ව ජනාධිපතිවරයා බවට පත්කොට 2/3ක පාර්ලිමේන්තු බලයක්ද ලබාදී ඇත. අධිරාජ්‍යවාදීන්ගේ මීළඟ පියවර මේ බලවත් පක්ෂයද මිලදී ගැනීමයි. රාජපක්ෂවරුන්ගේ නම් විකුණමින්, රාජපක්ෂවරුන් කොටවමින් මේ වනවිට මේ කාර්යය මනාව සිදුකරගෙන යමින් සිටි. මේ තත්වය සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මතවාදයක් සමාජය තුල ඇතිකොට එතුමාව ජනතා අප්‍රසාදයකට පත්කිරීමට වෙර දමා, ඊට පසු එතුමාගේ කණ්ඩායම ලෙස නව කණ්ඩායමක් නිර්මාණය කරන ලදී.ඒ කණ්ඩායම විසින් සමස්ත රජයට එරෙහිව මේ නැගී සිටින්නේ බැසිල් රාජපක්ස් මහතාගේ නම උපයෝගී කරගෙනය. නමුත් සත්‍ය ලෙසම මේ කාර්ය සිදු කරන්නේ, මෙරට ඇති බටහිර තානාපති ජාලයයි.

ඉතිහාසයේ, ඩී එස්. සේනානායක මහතාව ඝාතනය කල, ඊට පසු බලයට පත් එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායකයන්ව වසරකින් බලයෙන් පන්නා දැමු, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාව ඝාතනය කල, 1962දී,සිරිමා බණ්ඩාරනායක මැතිනියව බලයෙන් නෙරපා දැමීමට හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීමට කටයුතු කල, එය අසාර්ථක වුවද 1964දී එතුමියව බලයෙන් පන්නා දැමු,පසුව ඇගේ ප්‍රජා අයිතිය තහනම් කල, ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ, ඉදිරිපෙළ නායකයින් සියල්ලක්ම ඝාතනය කොට රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලඟා වීමට පසුබිම නිර්මාණය කල, ජේ.ආර්. ජයවර්ධනමහතා හා චන්ද්‍රිකා කුමාරතුංග පමණක් සිය ධුරකාලයන කිරීමට ඉඩ සැලසු, මහින්ද රාජපක්ෂයන් ආසන්නයේම සිටිමින් තව වසර දෙකක් තිබියදී ඉක්මන් මැතිවරණයකට යන්නට එතුමාගේ මනස සකසාදී එතුමාව 2015දී මැතිවරණ කොමසාරිස්ලාගේ සහභාගිත්වයෙන් පන්නා දැමීමට කටයුතුකළ මේ බලවේග අලුත් සෙල්ලමකට සුදානම් වෙමින් සිටි. ලිච්චවි රජ දරුවන් බේද භින්න කල ආකාරයටම රාජපක්ෂවරුන් අතර සියුම්ව බේද භින්න කිරීම සිදුවෙමින් පවතී. පොහොට්ටුව තුල බැසිල්ගේ කල්ලිය ලෙස මේ එලියට බසින්නේ අධිරාජවාදීන්ගේ රුකඩ කල්ලින්ය.මේ බව බැසිල් රාජපක්ෂ මහතාද මැනවින් අවබෝධ කරගත යුතුය. කවුරු මොනවා කිව්වත තමන්ගේ ලේ වලට එරෙහිව කටයුතු නොකළ යුතු බව එතුමා අවබෝධ කරගත යුතුය. වහාම එතුමා ඉදිරිපත්ව මේ මතුව ඇති තත්වයට එරෙහිව පෙනී සිටිමින් මේ ගොඩනගාගත් රජය ආරක්ෂිතව ඉදිරියට ගෙන යාමට සියලුම සහය ලබාදිය යුතුය. මෙය කොන්දේසි විරහිතව සිදුවිය යුතු කටයුත්තකි. ඔබ එසේ නොකොළොත් සතුරා ඔබවත් සමගම සියලුම රාජපක්ෂ වරුන්ව විනාශ කරන්නේ, 1815දී ශ්‍රී වික්‍රම රාජසිංහ පරම්පරාවේ සියල්ලන්වම විනාශ කල ආකාරයෙන්මය.

මේ වන විට එකද සේනානායක කෙනෙක් දේශපාලනයේ නැත. මේ වන විට එකද බණ්ඩාරනායක කෙනෙක්ද දේශපාලනයේ නැත, ඒ ආකාරයටම රාජපක්ෂ වරුන්ව දේශපාලන භූමියෙන් මෙන් අතුගා දැමීමට ඇති සැලසුම පරාජය කල හැක්කේ බැසිල් රාජපක්ෂයන්ටය.ඔබ ඒ කටයුත්ත නිසි අයුරුන් බුද්ධිමත්ව සිතාබලා සිදුකරනු ඇතියි, අපි බලා සිටින්නෙමු.

මීළඟට කතාකල යුත්තේ, එදා චන්ද්‍රිකා කුමාරතුංග රජය පෙරලා දැමීමට උපකාර කල මැති ඇමතිවරුන් සම්බන්ධවය. ඔබ එදා චන්ද්‍රිකා මැතිනියගේ රජය පෙරලා දමා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කළෙහිය. අගමැතිවූ ඔහු ජනාධිපතිට කල නොහැකි දේවල් රාශියක් කලේ බටහිර තානාපතිවරුන්ගේ අනුහසිනි. ඔහු රටෙන් 1/3ක් ප්‍රභාකරන්ට ලියා දුන් වග අමතක කරන්න එපා.මෙවරද ඔබෙන් බටහිර ප්‍රජාව විශාල දෙයක් අපේක්ෂාවෙන් සිටි. ඔබ ඉල්ලන සියල්ලක්ම දේවි. මෙවර එදා කල දේ කරන්න එපා.

අවසාන වශයෙන් කතා කල යුත්තේ විපක්ෂනායකතුමන්ටය. මතක තියාගන්න. බටහිර ජාතින් රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරියට ගැනීම සඳහා මුළු එක්සත් ජාතික පක්ෂයේම ඉදිරිපෙළ නායකයින් විනාශ කල බව. එයට ඔබේ පියාත් අයත්වුන බවද සිහියේ තබා ගන්න.ඔවුන් හෙට රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුවට එවන්නේ, ඔබව දේශපාලන වශයෙන් ඝාතය කිරීමටය.ඔබ සැබෑව තේරුම් ගන්න. විපක්ෂනායකකම ඔබෙන් උදුරා ගැනීමේ සැලසුමක් ඇත. එය බටහිර ප්‍රජාවගේ අභිමතයයි.මේ යතාර්ර්හය තේරුම්ගෙන රජය ගෙනයන හොඳ වැඩ වලට සහය දෙන්න. සැබෑ ලෙසම රට ගොඩ ගැනීම අරමුණ කරගෙන වැඩ කරන්න.ඔබ සිටින්නේ අවදානම් කලාපයේ බව වටහා ගන්න.

දැනට ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සතුටින් බාරගෙන සජිත් ප්‍රේමදාස මහතාට පහර දෙන්න එපා. රනිල් කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ එකම පිළිගැනීමයි. බටහිර ප්‍රජාව අතර සජිත්ට එවන් තත්වයක් නැතිබව වටහා ගන්න. සතුරාගේ මිතුරා අපේ සතුරා මිස සතුරාද අකමැති පුදගලයා අපේ සතුරෙක් නොවන බව වටහා ගන්න.

මහින්ද රාජපක්ෂ මහතාණෙනි, ඉක්මනින්ම පොහොට්ටුව පවිත්රකරණයකට ලක් කරන්න. කල යුතු පළමු කටයුත්ත වන්නේ ගෙදර පවිත්‍රව තබා ගැනීමයි. දේශපාලනය කරන ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress